ඔසප් වේදනාවෙන් පීඩා විඳින ඔබටයි

ජනවාරි 1, 2020

මේ ආමන්ත්‍රණය ඔසප් වේදනාව කාන්තාවන්, යුවතියන්, මල්වර වූ හිරිමල් යෞවනියන් කායිකව මෙන්ම මානසිකව ද බෙහෙවින් අපහසුතාවට පත් කරයි.

එසේම කාන්තාවන් බොහොමයක් ඔසප් වේදනාවෙන් පෙළෙයි.

සමීක්ෂණ වාර්තාවලට අනුව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 70 -80 ක් අතර පිරිසක් මෙම තත්ත්වයෙන් පීඩා විඳියි. සමහරුන්ගේ මෙම තත්ත්වය සුළු වේදනා නාශක උපක්‍රමවලින් සමනයට පත්වුව ද ඇතැමකුට එදිනෙදා වැඩකටයුතුවලට බාධාවන මට්ටමට තත්ත්වය තීව්‍ර වේ. නව්‍ය වෛද්‍ය ක්‍රමයේ ච්රඵථඥදධපපඩධඥච ලෙස හැඳින්වෙන මෙම තත්ත්වය ආයුර්වේද ක්‍රමය තුළ කෂ්ඨ ආර්තව හෝ කෂ්ඨ රජස් නමින් හැඳින්වේ.

මෙම තත්ත්වය රෝගයක් ද?

මෙය රෝගයක් ලෙස හෝ රෝග ලක්ෂණයක් ලෙස හෝ ඇතිවිය හැකිය. ඔසප් වීමේ දී යම් වේදනාවක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙම වේදනාව එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති කරයි නම්, වේදනානාශක භාවිත කිරීමට සිදුවෙයි නම් එය රෝගීමය වේදනාවක් ලෙස අවබෝධ කරගත හැකියි.

ඔසප් වේදනාව ප්‍රාථමික අවස්ථාව හා ද්විතියික අවස්ථාව යනුවෙන් කොටස් 2 කි. ප්‍රාථමික අවස්ථාවේ දී වේදනාව ඇතිවන්නේ කිසිදු රෝගයක් නිසා නොවේ.

එනම් එය තව රෝග තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. මේ තත්ත්වය අවුරුදු 15-25 අතර කාන්තාවන්ට මෙන්ම අවිවාහක හෝ දරුවන් නොලද හෝ කාන්තාවන් අතර බහුලය. එම වේදනාව මාස්වීම ආරම්භයේ දිනකට පමණක් සීමා වේ.

ද්විතියික අවස්ථාව අනිවාර්යයෙන්ම ප්‍රජනක පද්ධතිය ආශි‍්‍රත රෝග තත්ත්වයක් හේතුවෙන් ඇති වේ. ගර්භාෂයේ උපතින් ම වන විකෘතිතා, එන්ඩොමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ් වැනි වර්ධනයන්, ඩිම්බකෝෂය ආශි‍්‍රත ග්‍රන්ථ තත්ත්ව, ප්‍රදාහ, ආසාදන, ගර්භාෂය තුළ තැන්පත් කරන ලූපයන් ආදිය ද්විතියික තත්ත්වය ඇති කරයි. මේ අවස්ථාව අවුරුදු 30-40 අතර වයසේ බහුලය. වේදනාව දින කිහිපයක් පවතී.

ප්‍රාථමික ඔසප් වේදනාව

වයස - මල්වරයෙන් මාස 6 කට - 10 කට පසුකාලයේ සිට අවුරුදු 18-24 වයසේ බහුලය.

ප්‍රසව ඉතිහාසය - දරුවන් නොලැබුණු කාන්තාවන්ට බහුලය.

පර්යේෂණ දත්ත - කිසිදු හඳුනාගත හැකි රෝග තත්ත්වයක් නොපවතී.

වේදනාව - ආරම්භය - මාස්වීම ඇරැඹීමට පෙරදින හෝ පළමුදින

පවතින කාලය - පැය 24 කි. උපරිම පැය 4 ක් විය හැකියි.

ස්වභාවය - සෑම මාස්වීමකදීම වේදනාවක් හට ගනියි.

පවතින ස්ථානය - නාභියට පහළ යටිබඩ හා කොන්ද ආශි‍්‍රතව ඇති වේදනා, කලවයේ ඇතුළුපස හා ඉදිරිපිට ඇතිවේ.

මාස් රුධිර වහනය හා සම්බන්ධය - රුධිරවහනය ආරම්භයත් සමඟ හටගෙන ඒ සමඟම නැතිව යයි.

වෙනත් ලක්ෂණ - ඔක්කාරය, වමනය, දියර මල පිටවීම, උණගතිය, ක්ලාන්තය

දෝෂ - වාත දෝෂය නිසා වේදනාව හටගනියි.

උපදෙස් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

කෞමදී කරුණාගොඩ

 

2020/01/01 තරුණි බලන්න