මවුකිරි දීමට සූදානම් විය යුත්තේ ගැබිනි වියේදීමයි

ජනවාරි 22, 2020

ඉපදෙන්න කලින්ම දරු පැටියා අම්මගෙ කටහඬ අඳුරනවා. ඒ ආදරණීය හඬ ඇහෙන දිහාවට ඔළුව හරවනවා. ඒත් දරුවාගේ නිල් මැණික් වගේ පුංචි ඇස් දෙක අම්මගේ ඇස් දිහාවට යොමු වෙන්නෙ කිරි දෙන කොට. උතුරා යන සෙනෙහසින් දෙතනින් එරෙන කිරිවලින් පුංචි කුස පිරී යනවා.

මේ කිරි බිඳ දරුවාගේ ජීවනාලියයි. මුල් මාස හයේදී ලෝකයේ වෙන කිසිම ආහාරයකින් දරුවාට අවශ්‍ය පෝෂණය ලබා ගන්න බැහැ.

පුංචි පැටියා වෙනුවෙන් අම්මා සූදානම් වෙන්න ඕන දරුවා කුසේ වැඩෙද්දීමයි.පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන්, අත්දැකීම් ඇති නෑහිත මිතුරන්ගෙන්, පවුලේ වෛද්‍යවරයාගෙන් ආදී බොහෝදෙනකුගෙන් කලින්ම උපදෙස් ලබා ගන්න පුළුවන්.

ඉපදුණු ගමන් දරුවා සමට සම ගෑවෙන විදියට අම්මාගේ තුරුලට ගැනීමෙන් දරුවා උණුසුම් වෙනවා. ආරක්ෂාකාරී බවක් දැනෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කිරීම ක්‍රමවත් වෙනවා. මේ සමට සම නෙතට නෙත බැඳුණු මොහොත මවු කිරි දීම ඇරඹීමට සුදුසු මොහොත එළඹී ඇති බවට සොබා දමෙන් කෙරෙන ඉඟියක්.

කොලස්ට්‍රම් - රන් කිර - උත්තරීතර බැඳීමක පළමු ජීව සාක්ෂිය

මුලින්ම ගර්භාෂයෙන් එරෙන්නේ ඝන උකු රන් කහ පැහැයට හුරු දියරයක්. මේවා දරුවාට එක වේලකට තේ හැන්දක ප්‍රමාණයක් පෙව්වාම හොඳටම ඇති. දරුවට පැයකට පාරක්වත් මේ රන් කිර පොවන්න උත්සාහ ගන්න ඕන. නිතර කොලෙස්ට්‍රම් දෙන තරමට පසුව කිරි එරීම වැඩි දියුණු වෙනවා. කිරි නිපදවීම වැඩි වෙනවා. දරුවා උරන විට ඇතිවන උත්තේජනය කිරි නිෂ්පාදනය වැඩිවෙන්න අත්‍යාවශ්‍යයි.

දරුවා කිරි උරන විට පියයුරුවල මාංසපේශි මිරිකී තන පුඬු කරා පැමිණෙනවා. සමහර අම්මලාට එතකොට අමුත්තක් දැනෙනවා. තවත් අයට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ.

* කිරි හොඳින් තන පුඬු කරා ගලා එන විට දරුවගේ උරන රටාව ඉක්මනින් වෙනස් වෙනවා. තදින් රිද්මයකට කිරි උරන්න ගන්නවා.

උපදෙස් පැතිය යුතු අවස්ථා

පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන්, වෛද්‍යවරයාගෙන් මේ වගේ ගැටලුකාරී තත්ත්ව ඇති වුණොත් වහාම උපදෙස් පතන්න ඕන.

*කිරි වැඩිපුර තන පුඬුවලට ගලා ඒම නිසා දරුවාට කැස්සක් ඇති වෙන්න පුළුවන්.

* දරුවා තදින් කිරි උරා බොන අවස්ථාවට ඒමට පෙර නිදා ගත්තොත් . මෙවැනි තත්ත්වයකට හේතුව දරුවා තන පුඬුවට හරිහැටි සම්බන්ධ නොවී සිටීම වෙන්න පුළුවන්.

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

 

2020/01/22 තරුණි බලන්න