අංග සම්පූර්ණ දරුවකු ලැබේවි ද?

පෙබරවාරි 5, 2020

ප්‍රශ්නය

මම 21 හැවිරිදි එක් දරු මවක්මි. සැමියා 25 හැවිරිදිය. මුලින්ම අප දෙදෙනා ලිංගිකව එක්වනවිට මට වයස 17 කි. ඔහුට 21 කි. එදා පටන්ම ඔහුගේ ශිෂ්ණය ප්‍රාණවත්ව පවතින්නේ විනාඩි ගණනක් තරම් සුළු කාලයකි. ලිංගික ජීවිතයේ සම්පූර්ණ සතුටක් නොවූව ද අප හොඳින් ජිවත්වනවා.

අප දෙදෙනා තව දරුවන් දෙදෙනකු සෑදීමට බලාපොරොත්තු වන අතර සැමියාගේ මේ දුර්වලතාව නිසා ඊට බලපෑමක් ඇති වෙයි ද? දරුවකු පිළිසිඳ ගතහොත් එම දරුවා අංග සම්පූර්ණ දරුවකු වේද යන්න මට ගැටලුවකි.

වෛද්‍ය ප්‍රතිකාර ගතහොත් ඖෂධවල සැරට දරුවන් පිළිසිඳ ගනීවි ද? අංග විකල දරුවකු ලැබේද යන්න මට ගැටලුවකි. උපත් පාලන ක්‍රමයක් ලෙස දැනට අතට කරලක් දමා ඇති අතර එය එන වසරේ ගැලවීමට නියමිතය. ඉන්පසුව මට අංග සම්පූර්ණ දරුවකු ලබාගැනීමට හැකිවේ ද?

රාත්‍රියේ දී නින්දෙන් මුත්‍රා පිටවීම මට ඇති තවත් ගැටලුවකි. මුත්‍රා පිටවීමට අවශ්‍ය වූ විට මට නොදැනේ. සැමියා පවසන්නේ නින්ද සැර වැඩිකමට මට එසේ වන බවයි. එහෙත් ඔහු කිසි විටෙක මාගේ සිත රිදවන්නේ නැත. වෛද්‍යතුමනි, මාගේ ගැටලු දෙකටම ඔබෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.

 

පිළිතුරු

 

පිරිමින්ගේ ලිංගික වර්ධනයට සහ ලිංගික ක්‍රියාකාරීත්වයට විවිධ හේතු බලපෑ හැකියි. මෙහිදී වයස 25 ක් වන ඔබගේ සැමියා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා ද නැද්ද යන්න ඉතා වැදගත්ය. විශේෂයෙන් ඔහු මත් ද්‍රව්‍ය පාවිච්චි කරන දුම්පානය කරන කෙනකු නම් ලිංගික අකර්මණ්‍යතාව ඇති වේ.

අද සමාජයේ තරුණ කොටස් බොහෝවිට මත්පැන් භාවිතයට ඇබ්බැහි වී සිටිති. එහෙත් ඒවා වැඩියෙන් භාවිත කරන විට ලිංගික අකර්මණ්‍යතාව ඇති වේ. ඔබගේ ලිපියේ ඒ පිළිබඳ විස්තර කිසිවක් සඳහන්කර නැත.

 

2020/02/05 තරුණි බලන්න