ආඝාතය හරියට වැහි නැතිි හෙණ පහරක් වගේ

පෙබරවාරි 19, 2020

එක් චීන ජාතික කොරෝනා රෝගියකු හමුවූ පමණින් ලංකාවේ අපේ වැඩි දෙනකු කොරෝනා භීතිකාවෙන් ඇළලී ගිහින්. කොරෝනා පැතිරෙන රටක වුණත් මරණ අනුපාතය සියයට දෙකක්. ඒත් අපේ රටේ දවසකට බෝ නොවන රෝගයකින් මරණයට පත්වන ගණන ඊට බොහොම වැඩියි.

හදවත් රෝග, පිළිකා, දියවැඩියාව සහ ආඝාතය වැනි රෝග දත් විළිස්සා ගත් යකුන් මෙන් දවසින් දවස අපේ රටේ ජීවිත බිලි ගන්නවා. පසු ගිය වසරේ ආඝාත අවදානම තිබුණේ පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකුට පමණයි. එහෙත් මේ වසරේ ආඝාත අවදානම හතර දෙනකුගෙන් එක් අයකුට තරමට වැඩිවෙලා. මේ අවදානමට වයස් බේදයක් නැහැ. කසුනි කොළඹ කාර්යාලයක සේවය කළ වයස අවුරුදු තිස් නවයක මවක්. ඇයගේ එකම දරුවාගේ වයස අවුරුදු නවයයි. ඉහෙන් බහින ලෙඩක් නොතිබුණු ඇය එදා කාර්යාලයට පැමිණියේ සේවය නිමකර ආපසු නිවෙසට යන බලාපොරොත්තුවෙන්. තේ වේලාවට තිබුණේ තවත් අඩ පැයක් පමණයි. ඇය පහළ ලාච්චුවක තිබූ ෆයිල් කවරයක් ගැනීමට බිමට නැවුණා පමණි. හිස පුපුරණ තරම් දැඩි වේදනාවක් ඇතිවුණ නිසා දෑතින්ම හිස බදා ගත්තා. එයින් පසුව සිදුවූ දේ කීමට අද ඇය ජීවතුන් අතර නැහැ. එහෙත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇයගේ ඉරණම පිළිබඳ සාක්ෂි දරනවා. ඇය මිය ගොස් තිබුණේ ආඝාතය හෙවත් ස්ට්‍රෝක් වැලඳිමෙන්. මේ සත්‍ය කතාවම ආඝාත මාරයා මොනතරම් අපට සමීප වී ඇත්ද යන්නට සාක්ෂියක්.

පූර්ව ආඝාත ලක්ෂණ

( ටීඅයිඒ / ට්‍රාන්ස්සියන්ට් ඉස්කිමික් ඇටෑක් ) ඒමට තරම් හැමෙේම වාසනාවන්ත නැහැ. වැඩි දෙනකු ආඝාතයට ගොදුරුවන්නේ ඇත්තටම වැහි නැති හෙණ පාත් වෙනවා වගෙයි. පූර්ව ආඝාත ලක්ෂණ ඇති වීමෙන් හට ගන්නා තත්ත්වය පුංචි ආඝාතය ලෙස හඳුන්වනවා. ආඝාතයට ගොදුරුවන රෝගීන්ගෙන් සියයට හයක්ම ක්ෂණිකව මිය යනවා. සියයට 16 ක් මාසයක් තුළදී මිය යනවා. සම්පූර්ණයෙන් සුවය ලබන්නන් වාගේම සුළු හෝ බරපතළ සංකුලතා ඇතිව ජීවත් වන කොට්ඨාශයක් ද සිටිනවා.

රෝගය මොන තරම් බරපතළ වුණත් ආඝාත තත්ත්වයන්ගෙන් සියයට 90 ක්ම වළක්වා ගන්න පුළුවන්. ඒ වාගේම රෝගය වැලඳුන සැණින් ප්‍රතිකාර පතා රැගෙන යාමෙන් ඇති විය හැකි අතුරු ආබාධ අවම කර ගැනීමට පුළුවන්. අඩු වශයෙන් පැය 4 1/2 ක් ගත වීමට කලින් රෝගියා රෝහල් ගතකළ යුතුයි. මේ වගේ රෝගියෙක් රෝහල් ගතකළ යුත්තේ කිසිදු ආහාර පානයක් ලබා දෙන්නේ නැතුවයි.

පූංචි ආඝාතය ( ටීඅයිඒ / ට්‍රාන්ස්සියන්ට් ඉස්කිමික් ඇටෑක් ) ඇති නොවුණත් ආඝාතය ඇතිවීමේ අවදානමක් ඇති අය අප අතර සිටිනවා. අවාසනාවකට වැඩිපුරම ඉන්නෙ අවදානම වැඩි අයයි.

 

උපදෙස් - ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ හිටපු සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. ටී. රිෆ්සි ගෙන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන්

 

2020/02/19 තරුණි බලන්න