පිටි කිරි මේ තරම් නරක ඇයි ?

පෙබරවාරි 26, 2020

ලංකාවේ මවුවරු මවුකිරිදීම අතින් පෙරමුණ තිබ්බත් තවමත් කිරි පොඩ්ඩක් මදි වුණාම පිටි කිරිවල පිහිට පතන අම්මලා එක්කෙනෙක් දෙන්නෙක් හරි අපේ රටේ ඉන්නවා. සමහර වැඩිහිටියනුත් ආධුනික අම්මලා මේ වගේ තීරණයක් ගන්න පොලඹවනවා.

වෛද්‍යවරයෙක් කියන්නේ නැතුව කිසිම අම්මා කෙනෙක් දරුවට මවු කිරි දීම නතර කරන්න හොඳ නැහැ.

අම්මලා කිරි නොදෙන්න හේතු කරගන්න කාරණා

ලෙඩ වුණත් දරුවට කිරි දෙන්න අම්මලා වග බලා ගන්න ඕන. සමහර අම්මලා වමනය යාම ඩයරියා තත්ත්වවලින් පීඩා විඳින කොට කිරි දෙන්න බය වෙනවා. ඒ වගේ වෙලාවටත් දිගටම මවු කිරි දෙන්න. හැබැයි එහෙම තත්ත්වයක් තියෙන කොට වෙනදට වඩා වැඩිපුර ජලය පානය කරන්න වෙනවා.

සෙම්ප්‍රතිෂ්‍යව, ෆ්ලූ තත්ත්වත් කිරි දීමට බාධාවක් නෙවෙයි. මවු කිරිවලින් විස බීජය දරුවාට යන්නේ නැහැ. අම්මට ඒ වගේ ලෙඩක් තියෙනවා නම් දරුවට ඒ රෝග බෝ වීම වැළැක්වීම සඳහා මවු කිරිවල ප්‍රතිදේහ නිපදවෙනවා.පියයුරු ඉදිමුණාම සමහර අම්මලා කිරි දෙන එක නතර කරනවා. එය කිරි දීමට බාධාවක් කරගත යුතු නැහැ.

මොනතරම් උණුසුම් කාලගුණයක් තිබුණත් දරුවාට මවු කිරි පමණක් ප්‍රමාණවත්.

පියයුරුවල හැඩය වෙනස් වීමට කිරි දීම බාධාවක් වේවියි සිතන මවුවරුන් ද සිටිනවා. ඒත් කිරි දීමෙන් අම්මාට ගැබිනි වීමට පෙර සිටි හැඩ කාරියම වෙන්න පුළුවන්. ඒ කිරි දෙන කොට සිරුරේ ඇති ගැබිනි කාලයේ එකතුවන අමතර මේදය දහනය වෙනවා. ඒ නිසා අනවශ්‍ය බරත් අඩු වෙනවා.

 

උපදෙස් - ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන්

 

2020/02/26 තරුණි බලන්න.