යන එන හැම තැනකම වතුර බෝතලයක් රැගෙන යන්න

මාර්තු 18, 2020

මුහුණට ගැළපෙන්න මොන කණ්ණාඩිය තෝරා ගත්තත් එය පාරජම්බුල කිරණවලින් සියයට සියයක් ආරක්ෂාවක් ලබා දෙන්නක් විය යුතුයි. විශාල අව් කණ්ණාඩි වඩාත් සුදුසුයි. අව් කණ්ණාඩියේ පැහැය කුමක් වුවත් මුල් තැන දිය යුත්තේ සියයට සියයක්ම පාරජම්බුල කිරණවලින් රැකවරණයක් ලබා දෙන අව් කණ්ණාඩියටයි.

* පන් තොප්පි

පාට පාට කුඩ මෙන්ම මේ පන් තොප්පි විලාසිතාවත් කල එළි දකින කාලයක්. පන් තොප්පියෙන් මුළු ඔළුවම වැහෙන නිසා ග්‍රීෂ්ම කාලෙට හොඳම තොප්පි විලාසිතාව පන් තොප්පියි.

* සුදු, ළා පාට කපු ඇඳුම්

දවසේ උණුසුම වැඩිම පෙ. ව. 11.00 සිට ප. ව. 3.30 දක්වා කාලයයි. ඒ කාලයේදී එළිමහනේ ව්‍යායාම නොකිරීම, ගමන් නොයාම වඩාත් සුදුසුයි. පරිසරයේ උණුසුම අධික වේලාවට ව්‍යායාම කිරීම සුදුසුම නැහැ. අනවශ්‍ය ගමන් බිමන් යාමනේ ද වැළකී සිටිය යුතුයි.

බක් මහ මංගල්‍යය ළඟ ළඟම නිසා අවුරුද්දේ වැඩිපුර ඇඳුම් විලාසිතා එළි දකින්නේ මේ කාලයේදීයි. කුමන විලාසිතාව තෝරා ගත්ත ද සුදු හෝ ළා පැහැති වර්ණයෙන් යුතු ඇඳුම්වලට මුල් තැන දෙන්න.

* සන්ස්ක්‍රීන්

දැඩි හිරු එළියේ උපරිමව ඇති පාරජම්බුල කිරණ සමට ඉතා හානිකරයි. ඉන් සමේ පැහැය අඳුරු වෙනවා වගේම සමේ ස්වභාවය ද වෙනස් වෙනවා. මේ සමඟම සමේ රෝග, සම් පිළිකා සෑදීමේ අවදානම ද ඉහළ යනවා. ඒ නිසා සන්ස්ක්‍රීන් ගැල්වීම වැදගත්. චර්ම රෝග විශේෂඥයකුගේ උපදෙස් නැතිව සමට විවිධ ආලේපන ගැල්වීම සුදුසු නැහැ. සමහර ආලේපවලින් දහදිය පිටවීමට බාධා සිදුවන නිසා නැති ගැටලු මතු වෙන්න පුළුවන්. සමේ වියළි බව වළක්වන්න ආලේප අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න. නිතර මුහුණේ සහ අත්වල ජලය ගැල්වීමත් මීට පිළියමක්.

සන්ස්ක්‍රීන් තෝරා ගැනීමේදී උඍඒ සහ උඍඕ කිරණවලින් පූර්ණ රැකවරණය දෙන ආලේපන තෝරා ගන්න. අල්ට්‍රා වයලට් යනු පාරජම්බුල කිරණයි. උඍඒ යනු දීර්ඝ තරංග ආයාමයක් ඇති පාරජම්බුල කිරණයි. උඍඕ යනු මධ්‍යම තරංග ආයාමයක් ඇති පාරජම්බුල කිරණයි. උඍඒ කිරණවලින් සමේ මතුපිටට හානිවන අතර උඍඕ කිරණවලින් සමේ මතුපිට අභ්‍යන්තර කොටසට හානි වෙයි. මේ දෙකෙන්ම වැළකී සිටීම වැදගත්.

* උණුසුමෙන් ආරක්ෂා නොවුණොත් .

මෙවැනි සුව සම්පන්න හුරු පුරුදු අපි විලාසිකා ලෙසින් එක් කර නොගත්තොත් දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්විමට, මස් පිඬු පෙරලීමට (හීට් ක්‍රෑම්ස් - ඩ්ඥචබ ඛ්පචථනඵ) අත් පා හා උදරයේ මස් පිඬු වේදනාවට පත්වීමට, පෙරළීමට ඉඩ තිබෙනවා.

මෙවැනි ලක්ෂණ ඇති වූ විටක වහාම සියලු වැඩ නවත්වා සිසිල් තැනකට ගොස් විවේක ගන්න. සෑම විනාඩි 15 කට වරක්වත් ජලය වීදුරුව බැඟින් පානය කරන්න. ජලයෙන් ගත තෙමන්න. ඇඳුම් ළිහිල් කරන්න. අධික උෂ්ණත්වය නිසා හිතට සැනසීමකුත් නැහැ. ඒ නිසා උෂ්ණත්වය නිසා ඇතිවන ආතතියක් හෙවත් හීට් ස්ට්‍රෙස් (ඩ්ඥචබ ඉබපඥඵඵ) ඇතිවීම පුදුමයක් නෙවෙයි. අධික දහදිය දැමීම, සිරුර අප්‍රාණික වීම, පිපාසය, ක්ලාන්තය මෙහි ලකුණුයි. මෙවැනි තත්ත්වයකදී කළ යුත්තේ ද හීට් කෑම්ප් තත්ත්වයේදී කළ ප්‍රථමාධාරම ලබාදීමය.

* හීට් ස්ට්‍රෝක් හෙවත් ශරීරයේ උෂ්ණත්වය සමතුලිතව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය. උණසුම් කාලගුණයකදී අපේ ශරීර සෞඛ්‍යයට ඇති විය හැකි විශාලම තර්ජනයයි. අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම, ස්වසන වේගය වැඩිවීම, සිහිමඳ ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම මෙවිට ඇති විය හැකි ලකුණුයි. මෙවිට ද ඉහත ප්‍රථමාධාර ලබා දිය යුතු අතර වහාම රෝගියා ළඟම රෝහලට රැගෙන යාම ඉතා වැදගත්. වාසනාවකට අපේ රටේ මේ තත්ත්වයට පත්වෙන අය තවම වාර්තා වී නැහැ.

 

උපදෙස් - ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂ

(මාතෘ හා ළමා සෞඛ්‍ය)

පවුල් සෞඛ්‍ය කාර්යාංශය

චිත්‍රමාලි ද සිල්වා

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ

වෛද්‍ය ඉනෝකා සුරවීර

 

 

2020/03/19 තරුණි බලන්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.