කිරි මදි වුණත් දරුවන්ට උණ හැදෙනවා

ජුනි 3, 2020

කවසාකි කිව්වත් කොරෝනා කිව්වත් අපට මතක් වෙන්නේ උණ. දරුවන්ට උණ ගැනුණම මේ දවස්වල අම්මලාගෙ උෂ්ණත්වය තමයි ඉහළ යන්නෙ. අම්මලාට වසර පුරාම වධ දෙන ප්‍රශ්නයක් උණ. උණ ගැන මේ තරම් හිතුවට එය රෝගයක් නෙවෙයි. රෝග ලකුණක්.

විවධ හේතූන්ට දරුවන්ට උණ ගන්නවා. ප්‍රධානම හේතූන් වන්නේ වෛරස, බැක්ටීරියා ආසාදනයක් හෝ කිරි හරියට නොලැබීමයි.

වෛද්‍යවරයා උණට හේතුවන රෝගය සොයා පිළියම්කිරීම අරඹනවා.

උණ රෝග ලකුණත් වුණත් ප්‍රතිකාර අවශ්‍යයි.

වයස අවරුදු හයට අඩු සමහර ළමයින්ට උණ සමඟ වලිප්පුව හැදෙනවා.

උණ පාලනයට හොඳම ඖෂධය

උණ අඩු කරන විවිධ බෙහෙත් වර්ග ඔසුසල්වල තිබුණත් දරුවන්ට දෙන්න තියන හොඳම බේත් පෙත්ත පැරසිටමෝල්. එහෙම වුණත් නියමිත මාත්‍රාවට නියමිත වාර ගණනට නොගත්තොත් දරුවාට යහපතට වඩා වෙන්නේ අයහපතක්.

පැය 24 කට දරුවාගේ බර කිලෝග්‍රෑමයකට පැරසිටමෝල් මාත්‍රාව මිලිග්‍රෑම් 60 ඉක්මවන්න හොඳ නැහැ.

උදා - කිලෝග්‍රෑම් දහයක් බර දරුවකුට පැය 24 ක් තුළ දිය යුත්තේ මිලිග්‍රෑම් 6ක ප්‍රමාණයක්. අපේ රටේ උණ ගත්ත දරුවකුට පැරසිමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් ලබා දෙන්නේ නැහැ.

පැය හයෙන් හයට පැරසිටමොල් ලබා දෙනවා.

පැරසිටමෝල් දෙද්දිත් උණ ආවොත් අම්මලා බියට පත් වෙනවා. මෙවිට කළ යුත්තේ පයිප්ප ජලය හෝ ළිං ජලය අරගෙන දරුවාගේ ඇඟේ ගාලා වාෂ්ප වෙන්න ඇරීමයි. ඇඟේ සිසිල් (ඛ්ර්‍ණර්‍ණඹ්) ජලය ගැල්වීම සුදුසු නැහැ. එවිට සිරුරේ මතුපිට රුධිර වාහිනී ඇකිළී ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය පිටතට යන්නෙ නැහැ.

තද උණට සපොසිටරි ගැළපෙන්නේ නැහැ. ඒවා හොඳ වේදනානාශකයක් විදියටයි. ඩෙංගි ලංකාවේ සුලබ නිසා බ්ලූෆන් වැනි ඖෂධ දීමෙන් වැළකී සිටිය යුතුයි.

උණ වලිප්පුව හැදෙන්නෙ උණ වැඩිවුණොත්ද ?

උණට අම්මලා බිය වෙන්න ප්‍රධානම හේතුව උණ වලිප්පුව ගැන ඇති බියයි. සාමාන්‍යයෙන් උණ වලිප්පුව හැදෙන්නේ මාස හයත් අවුරුදු හයත් අතර දරුවන්ට.

ඒත් හැම දරුවටම උණ වලිප්පුව හැදෙන්නෙ නෑ. මාපියන්ට රෝගය ඇත්නම් දරුවන්ටත් උණ වලිප්පුව සෑදීමේ ඉඩ වැඩියි.

උණ වැඩි වුණොත් උණ වලිප්පුව හැදෙන බවට ඇති විශ්වාසය උණ වලිප්පුව ගැන අම්මලාගේ තියෙන ලොකුම වැරැදි මතයක්. උණ වැඩිකමට උණ වලිප්පුව හැදෙන්නෙ නැහැ. යාන්තමට උණ තිබුණත් උණ වලිප්පුව හැදෙන දරුවට හැදෙනවා.

සමහර අම්මලා දරුවට උණ තියෙන බව දැන ගන්නෙ දරුවාට උණ වලිප්පුව හැදුණාට පස්සෙයි.

 

උපදෙස් - කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නලින් කිතුල්වත්ත

2020/06/03 තරුණි පුවත්පත බලන්න.