සෑම ගෘහණියක්ම දැනගත යුතු කෑම උයන චක්කරේ

ජුනි 17, 2020

(ජූනි මස 7 වැනි දිනට යෙදී තිබුණු ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තේනනි. මෙවර තේමා පාඨ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තිබෙන නීති තවදුරටත් ශක්තිමත්කර ක්‍රියාත්මක කරමු.

ආහාර සුරක්ෂිතව වගා කරමු. ආහාර ආරක්ෂිතව තබා ගනිමු. ආහාර ආරක්ෂිතව පරිභෝජනයට පිළියෙල කරමු. ආහාර ආරක්ෂිතතාව තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීම කරගනිමු.)

කොරෝනා වෛරසය සමඟ වැඩි දෙනකුට අතටගත් බත් මිටත් කටට දාගැනීමට අමතක වුණා. ඒත් දැන් පියවි සිහියට පැමිණිය යුතු කාලයක්. ඉදිරි වසංගතවලට මුහුණ දීමට හොඳ ප්‍රතිශක්තියක් ඇතිකර ගත හැක්කේ එවිටයි. ප්‍රතිශක්තිය ගැන කතා කරන විට අංක එකටම වැදගත් වෙන්නේ ආහාරයි. අවාසනාවකට අප ගන්නා ආහාර බොහොමයක් අපවිත්‍ර වෙලා.

ගොවිපොළේදී පලිබෝධ නාශක,කෘමි නාශක, කෘත්‍රිම පොහොර, ඖෂධ, බැර ලෝහ එක් වෙනවා. ගබඩා කිරීමේදී කෘමි නාශක, කෘත්‍රිමව ඉදවීමට ගන්නා හෝ අමුවෙන් තැබීමට ගන්නා විවිධ රසායන ආදී නොයෙකුත් දේ එකතු වෙලා. කෑම සැකසීමේ ක්‍රියාවලියේදීත් පිළිකා කාරක දේ පවා එක් වෙනවා.

අප ආහාර ගන්නේ දෛනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, පෝෂණය ලබා ගැනීමටයි. එහෙත් වසරක් පාසා ආහාර නිසා රෝගී වන සංඛ්‍යාව ඉහළ යමින් සිටිනවා. ලෝකය පුරා වාර්ෂිකව දස දෙනකුගෙන් එක් අයකු (මිලියන 600 ක්) අපවිත්‍ර ආහාර නිසා රෝගී වෙන බව සඳහන්. අනාරක්ෂිත ආහාරවල හානිකර බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන්, රසායන ද්‍රව්‍ය අඩංගුව තිබෙනවා. මෙවැනි ආහාර ඩයරියා වැනි සාමාන්‍ය රෝග තත්ත්වවල සිට පිළිකා වැනි බරපතළ රෝග ඇති වීමට වෙනවා.

පවුලේ නීරෝගිකම පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ ගෘහණිය වන ඔබේ අතේ. විශේෂයෙන් පවුලේ ආහාර සැකසෙන්නේත් ගෘහණිය වන ඔබේ අතින් නිසා පිරිසුදුව පෝෂණයෙන් පිරිපුන් ආහාර වේලක් පවුලේ අය වෙනුවෙන් සකස් කරන්න නම් ඔබ ඒ පිළිබඳව නිසි අවබෝධයකින් සිටිය යුතුයි.

උපදෙස් - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන්

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.