නිරෝගීභාවය සඳහා දුම්බීම කරන්නේ කොහොම ද?

ජුනි 24, 2020

දෛනික ජිවීතයේ ස්වස්ථතාව පවත්වාගෙන යෑමට අනුගමනය කළ යුතු දේ ආයුර්වේදය මැනවින් විග්‍රහ කරයි. එහි එක් අංගයක් ලෙසින් අඳුන් ගෑම නොහොත් අංජන ගැල්වීම දැක්වේ. මෙය කාන්තා, පිරිමි දෙපක්ෂයම පොදුවේ කළ දෙයකි.

පතල්වලින් ලබා ගන්නා පස් වර්ගයක් අංජන කැට ලෙසින් ගෙන ඇස්වල ආලේප කරයි.හොඳම අංජන කැට ඇත්තේ ඉන්දියාවේය.

මේවා ගෙනැවිත් කීකිරිඳීය කොටා ගත් ඉස්ම හිරුරැසින් වේලාගෙන ඇසේ ආලේප කරයි. මෙම කැට නොමැති නම් දාරුහරිද්‍රා නම් ඖෂධය උකුකොට සිහින් කෙන්දක ආධාරයෙන් ඇසේ ආලේප කරයි.නැතිනම් අංජන සුළැඟිල්ලේ හෝ වෙදැඟිල්ලේ ආධාරයෙන් තවරා ආලේප කරයි.මෙය ඇසේ බොහෝ ලෙඩ රෝග මැඬලයි.රාත්‍රී කාලයේ පෙනීම වැඩි දියුණු කරයි.වත්මනේ පිරිමි පාර්ශ්වය මින් මිදී ඇත. කාන්තාවන් වුවත් ඇසේ ආලේප කරන්නේ කෘත්‍රිම දේ විනා ඖෂධ නොවේ.

අංජන ගැල්වීම අපෙන් දුරස් වුවත් ඇස ඖෂධමය වතුරකින් සේදීම කළ හැකියි. සතියකට වරක් දෙවරක් දෙළුම් කොළ තැම්බූ වතුරින් ඇස සේදීම, දොඹ කොළ තැම්බූ වතුරින් ඇස සේදීම ඉතාම අගනේය.මේවා සොයා ගත නොහැකි නම් වතුර කෝප්ප හතරකට දෙහි බිංදු හතරක් දමා ඇස සේදූවිට කඳුළු ගතියක් යාන්තමට දැනේවි.මෙහිදී ඇස පොඩි නොකරයි.මුහුණ ඔබා ඇස ඇරගෙන සිටීමෙන් ඇස පිරිසුදු වේ.

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක

කමල් එස්. ජයසේකර

 

 

 

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.