දරුවන්ගේ රෝග රැසකට උදර වේදනාව හේතු වෙනවා

ජූලි 15, 2020

පාසල් වයසේ දරුවන් නම් පාසල් යාමට ඇති අලසකම නිසා බොරුවටත් බඩේ අමාරු හදාගන්නවා. ඒත් ඇත්තටම උදරයේ වේදනාවක් ඇතිවෙනවා නම් එය නොසලකා ඉන්න හොඳ දෙයක් නොවනවා වගේම බඩේ කැක්කුම නම් බොරුවක් නෙවෙයි.

උදර වේදනාව නැත්නම් බඩේ කැක්කුම රෝග රැසකට දැල්වෙන රතු එළියක්. ඒ නිසා මාපියන් මේ රෝග ලකුණ ගැන අවධානය යොමු කළ යුතුමයි.

බහ තෝරා නැති කිරිකැටියන් උදර වේදනාව පළ කරන්නේ ඇඬීමෙන්. කුසගින්න ආදී විවිධ හේතූන් නිසා දරුවන් අඬන නිසා මාපියන්ට දරුවා කුමකට හඬනවාදැයි කියා සිතා ගැනීමට නොහැකියි.

එහෙත් වමනය යාම, බඩ පුරවා දැමීම, මල බුරුලට යාම, උණ වැනි ලකුණු පසුව හට ගන්නවා. මාපියන් දරුවාට උදරාබාධයක් ඇති බව දැනගන්නේ එවිටයි. මෙවන් අවස්ථාවක කළ යුත්තේ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර පැතීමයි.

දරුවන්ගේ උදර වේදනාව දැනෙන තැන අනුව තිබෙන රෝගය වෛද්‍යවරයාට හඳුනා ගන්න පුළුවන්. කතා කළ හැකි, යමක් තේරෙන වයසේ දරුවකුට උදරයේ වේදනාව දැනෙන තැන කියන්න පුළුවන්.

ඩෙංගු උණේදී උදරයේ දකුණු පැත්තේ ඉහළින්. උදර වේදනාවත් සමඟ උණ ද දින කිහිපයක් පවතිනවා.

මුත්‍රා ආසාදන ද දරුවන් අතර සුලබයි. මුත්‍රා ආසාදනයක් ඇතිවිට වේදනාව ඇති වන්නේ යටි බඩෙන්. යටි බඩේ වේදනාව තුනටිය දක්වාත් මුත්‍රාශය ඇති පෙදෙස දක්වාත් පැතිරෙනවා.

 

උපදෙස් -

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නලින් කිතුල්වත්ත

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.