අලුත උපන් බබෙක් බලන්න යන්න ද සූදානම

සැප්තැම්බර් 16, 2020

පුංචි දරුවකු ලැබුණාම ඒ දරුවා බලන්න යෑම සිරිතක්. අලුත් බබා බලන්න යන්නට කලින් මේ දේවල් පිළිබඳවත් හිතුවොත් නේද හොඳ.

මවට උදව් කිරීමට හෝ යම් කිසි විශේෂ කාර්යයක් නොමැති නම්, දරුවා ලැබුණු වහා දරුවා බලන්න යන්න එපා. මවත් නිවෙසේ අයත් අපහසුතාවට පත් වේවි.

දරුවා පරිසරයට හුරුවන තුරු සහ මවගේ අපහසුතා අඩු වෙන තුරු දුරකථනයෙන් කෙටියෙන් සැප දුක් හා අවශ්‍යතා විමසන්න.

අවශ්‍යතාව අනුව සලකා බලා එසේ නොමැතිනම් ළඟම ඥාතියෙක්, ඉතාම ළඟ හිතවතෙක් නොවේ නම් බබාට සති 6ක් වත් ගියාට පස්සේ බබා බලන්න යන එක වඩා සුදුසුයි. ඒ වගේම චූටි බබාලා බලන්න යද්ද,ී වෙනත් ගමන් එක්ක ඒක දාගන්න එපා. හැකි තරම් පිරිසුදු වෙලා කට්ටිය පුළුවන් තරම් අඩු කරලා යෑමත,් අවශ්‍යම විටෙක හැර කුඩා දරුවන් රැගෙන නොයාමටත් වගබලාගන්න.

එසේම දරුවා සිටින ගෙදර මවටත් අනිත් අයටත් කරදරයක් නොවන නිස්කලංක වෙලාවක් තෝරාගන්න.

බබා බලන්න ගෙනියන දේ .

සාම්ප්‍රදායික ලෙස සබන් පවුඩර් නොගෙනියන්න.

(බබා වෙනුවෙන් තෝරා ගත් විශ්වාසදායී වෙළෙඳ නාමයක් සහිත නිෂ්පාදනයක් බොහෝ මවුවරුන් අද කාලේ කලින්ම තෝරා ගනී. මෘදු සබන් වර්ගයක් නම් රෙදි සේ්දීමට හෝ භාවිත කළ හැකිය.)

*තෑගි වවුචරයක්

 *හොඳ වර්ගයේ ඩයපර පැකට්ටුවක්

 

* මවට දැනුම ලබා ගැනීමට හැකි හොඳ baby care පොත් (guide) සහිත පාර්සලයක්

 

* කුඩා ම කාලයේ සෙල්ලම් කළ හැකි සෙල්ලම් බඩු මීට අමතර ව,

 

* පලතුරු ටිකක් ,

 

*තුවා, බෙඩ් ෂීට්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි නිවෙසට ප්‍රයෝජනවත් දේවල්.

 

* අම්මාට ගෙදර සාදා ගත් බත් පාර්සලයක්, කෙසෙල් කොළයක බැඳ හෝ මව කැමැති විශේෂ ලෙසකට පිළියෙල කරගත්,

 

* එළවළු පීරිසියක් හෝ ගෙදර සකසාගත් වෙනත් කෑමක් ,

 

* ලොකු දරුවකු සිටී නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට යම් කිසි තෑග්ගක් ගෙනයාම  ඉතාම සුදුසුය.

"අපේ මිස්" යූ ටියුබ් නාළිකාව "අපේ මිස්" ෆේස්බුක් සමූහය babycare lanka වෙත ලැබෙන අම්මලාගේ සිතේ දැවෙන ප්‍රශ්න අතුරින් අතිශය වැදගත් තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් තරුණී වෙතින් ඔබට තිළිණ වේ.

 

2020/09/16 තරුණි බලන්න