හැම අම්මා කෙනකුගෙම ආදරණීය ඉවසීම්....

පෙබරවාරි 10, 2021

ආදරයේ උල්පතවූ අම්මා...

අම්මා කියන වචන ටික අහන්න නම් ඉතින් තව ටික කාලයක් ඉවසන්න වෙනවා.

දවසින් දවස ඒ කාලය දික් වෙනවා වගෙයි මට නම් දැනෙන්නේ.

ඒ සුබ ආරංචිය ගැන දැනගත් දා ඉඳන් හිසේ සිට දෙපතුල දක්වා ඇතිවුණු වෙනස්කම් අම්මා කියන පදවිය ගැන ගෞරවය තවත් වැඩි කළා.

මාසයක් ගාණෙ මාස් ශුද්ධිය හැදෙද්දි ගෙයම කණ පිට පෙරළපු මං මේ දැනෙන බැරි අමාරුකම් පුංචි පුංචි අපහසුතා විදියට ආදරයෙන් විඳ දරා ගන්නෙ හිතා ගන්නවත් බැරි විදියට. හරිම සැහැල්ලුවෙන්.

මුල් මාසවල මල බද්ධයෙන් කරදර වුණා. වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්ද නිසා යාන්තම් ඒ කරදරයෙන් මිදුණා. ඒ කාලෙ මං ඇති වෙන්න එළවළු, පලතුරු, ඇට වර්ග, ධාන්‍ය තෑමට ගත්තා. දවස පුරාම ටික ටික වතුර බිව්වා. ව්‍යායාමත් කළා. අම්මලාට ගැළපෙන ව්‍යායාම තියනවනෙ. ඒවයින් දරු ප්‍රසූතියත් ලේසි කරනවා. දොස්තර මහත්තයා ඒ එකින් එක විස්තර කළා.

දවල්ට විතරක් නෙවෙයි චූටියා නිසා රූටත් මට මිහිරි වේදනා දැනුණා. හිටපු ගමන් කකුල්වල කෙණ්ඩා පෙරළුණා. දවල්ට වඩා රූට තමයි වැඩිපුර කෙණ්ඩා පෙරළුණේ. මෙහෙම වෙන්නෙ ඇයි කියලා තාම වෛද්‍යවරුන්වත් හොයා ගෙන නැහැ. ව්‍යායාම කරන කොට යාන්තම් ඒ ගතිය අඩු වුණා. ව්‍යායාම කරද්දී පාදවලට හොඳීන් රුධිරය ලැබෙන නිසා කෙණ්ඩා පෙරළීම අඩු වෙනවලු. වැටෙන්නෙ නැතුව ආධාරකයක් අල්ලා ගෙන එක, එක කකුල නවලා දිග අරින එක, එක කකුලක් ගාණෙ අට පාරක් රවුමට කැරකවීම මෙයට හොඳ පිළියමක්. මහත්තයට කියලා කකුල්වලට පුංචි සම්බාහනයකුත් කළා. නැන්දම්මත් සමහර වෙලාවට කකුල් සම්බාහනය කළා.

නිතර නිතර කලන්තෙ දාද්දි මං හරියට බය වුණා. ඒත් කලන්තෙ ගතිය අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනකුට සාමාන්‍ය දෙයක් බව අහලා තිබුණා. මේකටත් හේතුව හෝර්මෝන වෙනස්කම්ලු. හෝර්මෝන වෙනස්කම් නිසා මොළයට හොඳීන් රුධිරය ලැබෙන්නෙ නැහැ. එතකොට ඕන තරම් ඔක්සිජන් ලැබෙන්නෙත් නැහැ. ඉඳ ගෙන නැඟිටිනකොට හෙමින් නැඟිටින්න පුරුදු වුණා. කලන්තෙ ගතිය එද්දි වාඩි වුණා. සමහර වෙලාවට වැතිරිලා ඉන්නකොටත් කලන්තෙ ගතිය දැනුණා. උඩු අතට වාඩිවෙලා ඉන්න කොට කලන්තේ දැනුණම පැත්තකට හැරුණා.

දැන් වෙනදට වඩා රස්නෙ දැනෙනවා. ඒකට හේතුවත් හෝර්මෝන වෙනස්කමලු. මේ වෙනස්කම නිසා සමට ලැබෙන රුධිරය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා වැඩිපුර දාඩියත් දානවා. පුළුවන් තරම් සැහැල්ලු, කපු ඇඳුම් අදීන්න ගත්තා. චූටියා නිසා හැමදේම වෙනස් වුණා. නිතර ඇඟ හෝදන කොටත් පුදුම සනීපයක්නෙ දැනෙන්නේ.

ඔක්කොටම වඩා මුත්‍රා අසංයමය තමයි ඉවසන්න බැරි. කහින්න, කිවිසින්න, හිනා වෙන්න මේ මොකුත්ම කරන්න විදියක් නෑ. පාලනයක් නැතුව මුත්‍රා ටික ටික පිට වෙනවා. හිට ගෙන ඉන්දැද්දිත් පිටවෙන වෙලාවල් තියෙනවා. දරුවා බිහි කරන්න ලේසි වෙන්න ශ්‍රෝණි මාංසපේශි ඒ කියන්නේ මුත්‍රාශය අවට ඇති මාංසපේශි තාවකාලිකව යාන්තමට ලිහිල් වෙනවලු. ඒ හින්දලු මෙහෙ‍ම වෙන්නේ.

නිතර මුත්‍රා කරන්න සිද්ධ වෙන එක තවත් කරදරයක්. අම්මා කෙනෙක් වෙන ලකුණු පහල වුණු අලුත මේ අත්දැකීම වැඩිපුර ලබනවා. ඒත් සමහරුන්ට දිගටම තියෙනවා. ගර්භණී කාලයේ අවසානය කිට්ටු වෙන කොට චූටියගේ ඔළුවවෙන් මුත්‍රාශය තෙරපෙන නිසා නිතර මුත්‍රා කරන්න වෙනවා.

රූට නින්දෙන් නැඟිටින්න වෙන නිසා හැන්දෑවට පාන ජාති ගන්න එක ටිකක් අඩු කළා.

පාදවල නහර ඉදිමෙන එක ලොකු අපහසුතාවක් ඇති කළත් හානිකර තත්ත්වයක් නෙවෙයිලු. චූටියා ඉපදුණාම ඒ ප්‍රශ්නෙ ඉවරයි. පවුල් සෞඛ්‍ය නෝනා වේදනාව අඩුකර ගන්න වැඩි වෙලාවක් හිටගෙන ඉන්න එපා කිව්වා. කකුල් හරහට දාගෙන ඉඳගන්න එක ඒ කාලෙ ඉඳලා තියෙන පුරුද්දක්. ඒක නරක පුරුද්දක් කියලා අත්තම්මා ඒ කාලෙ කිව්වත් මට තේරුණේ නැහැ. ඒත් චූටියා නිසා ඒ පුරුද්දටත් ආයුබෝවන් කිව්වා. නහර ඉදිමුණාම පාද හරහට දාගෙන ඉදගන්න හොඳ නැහැ. රූට පාද කඳ කොටසට වඩා උඩින් තියා ගත්තා. ඒකෙන් සහනයක් ලැබුණා. ඇවිදීමෙනුත් වේදනාව මට්ටු කළා.

දරු පැටියෙක් ගැන හිතන කොටම උසට හරියන බරක් හදා ගත්ත එක හොඳයි. බර පමණට වඩා වැඩි වුණොත් කකුල්වල නහර වේදනාව තවත් වැඩියිලු.

අම්මා කෙනෙක් වුණාම නිතර මුත්‍රා කිරීම සාමාන්‍ය වුණත් මුත්‍රා කරද්දි වේදනාවක් දැනුණොත් මුත්‍රා එක්ක රුධිරය පිට වුණොත් ඉක්මනටම ( පැය විසි හතරක් ඇතුළත ) එන්න කියලා දොස්තර මහත්තයා කිව්වා. එහෙම වෙන්නෙ මුත්‍රා ආසාදනයකටලු. මගේ යාළුවෙකුට එහෙම වෙලා නිතර වතුර බීලා මුත්‍රා පිට කරද්දී දැනෙන වේදනාව අඩුකර ගත්තා.

මේ හැම අපහසුතාවක්ම වේදනාවක්ම මිහිරියි. දරු පැටියා හිතින් මවා ගත්තම හිරු දුටු පිනි වගේ සියලු වේදනා සමනය වෙන අපූරුව. “අම්මලා දුක් ගන්නේ පුතුන් (දූන්) හදන්නයි. “ ඉදිරියට නෙරා එන උදරය සෙමෙන් පිරිමදින අතරේ මට ඉබේටම ම්ම්නුණා.

ගැබිනි සමයේ  ඉවසීමට සිදුවන තවත් ගැටලු

 

ද කොන්දේ වේදනාව

ද විදුරුමස්වලින් ලේ ගැලීම

ද හිසරදය

ද අම්ල ගතිය උගුරට ඒම,

ද අජීර්ණය

ද තන පුඬුවලින් ස්‍රාවයක් පිටවීම

ද ශ්‍රෝණි වේදනාව

ද අර්ශස්

ද උදර වේදනාව

ද වෙහෙස

ද යෝනි පෙදෙසේ

කැසීමක් දැනීම

ද ඒ පෙදෙසින් ස්‍රාවයක් පිටවීම

ද වමනය යාම

ද උදෑසන අපහසුතාව

ද බර වැඩි වීම

ද අධික ලෙස වමනය යාම,

ද අධි රුධිර පීඩනය,

ද ප්‍රීඑක්ලැම්සියා ඉක්මන් ප්‍රතිකාර පැතිය යුතු තත්ත්වයන්.

 

 

 

උපදෙස් - නාරි සහ ප්‍රසවවේද වෛද්‍ය

ගාමිණී පෙරේරා