කුස්සියේ වැඩ පහසු කරන GadGematics

අගෝස්තු 5, 2020

යනවා කියන්නේ සමහරුන්ට නම් යුද්ධයක් වගෙයි. ඒ අතර තවත් සමහරුන්ට උයනවා කියන්නේ හරිම විනෝදජනක වගේම ඉතාම කැමැත්තෙන් සිදු කරන දෙයක්. කොහොම වුණත් මේ දෙගොල්ලන්ටම කුස්සියේ වැඩ පහසුවෙන්ම කර ගන්න පුළුවන් අලුත් විදියේ මැජික් උපකරණ කිහිපයක් මෙවර හඳුන්වා දෙන්න හිතුවා.

අතේ ගෙන යා හැකි බ්ලෙන්ඩරයක්

portable juice

ඔබේ නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම ඉතා ඉක්මනින් ඔබ කැමැති ඕනෑම පලතුරු පානයක් සකසා ගන්න නධපබචඡතඥ ණභඪජඥ ඡතඥදඤඥප එකට හැකියාව තිබෙනවා.

මෙය අතේ ගෙන යා හැකි නිසා විනෝද ගමන් සඳහා රැගෙන යන්නත් කදිමයි.

එසේ ඔබට ඕනෑම තැනක ඉඳන් ඔබ කැමැති පලතුරු ජූස් එකක් සාදා ගන්න රිචාජබල් ජූස් බ්ලෙන්ඩර් එකෙන් ගතවන්නේ විනාඩි 5ක පමණ කාලයකි. ඕනෑම වර්ගයක පලතුරක් ගෙන සෝදා කෑලි වලට කපා ජූස් බ්ලෙන්ඩරයට දමන්න. වතුර ස්වල්පයක් එක්කර ස්විචය දමන්න. එපමණයි. ඉතා සුළු වේලාවකයි රසවත් පලතුරු පානයක් සකසා ගත හැකියි. ජූස් බ්ලෙන්ඩර් එක, එක් වරක් චාර්ජ් කර දින කිහිපයක් වුව ද භාවිත කරන්න පුළුවන්.

උඉඕ චාජ් කිරීමේ කේබලය සමඟ පැමිණෙන මේ බ්ලෙන්ඩරය භාවිත කිරීමත් ඉතා පහසුයි. මල නොබැඳෙන තියුණු වානේ තලය කල් පවතී. ඔබේ පාවිච්චියට පමණක් නොව මෙය තෑගි දෙන්නත් කදිම උපකරණයක්.

වොට් 200ක බලයක් සහිත මෙහි ධාරිතාව මිලි ලීටර් 380කි. කොළ, නිල්, රෝස, සහ දම් රෝස වර්ණයන්ගෙන් මිල දී ගත හැකියි.

පාවිච්චියෙන් පසු පිරිසුදු කර ගැනීමත් පහසුයි.

Automatc pan stirrer

ස්වයංක්‍රීය කලවම් කරන්නා

සෝස්, කැඳ සහ සුප් වැනි දියරමය අහාර සැකසීමේදී ඒ අසලම සිට නිතර කලවම් කිරීමට සිදුවේ.

ඒ අතරතුර කාලයේදී වෙනත් කාර්යයක් කිරීමටත් ඒ නිසා අපේ ගෘහණියන්ට අපහසුයි. එයට හොඳම විසඳුම තමයි ඒභබධථචබඪජ නචද ඵබඪපපඥප. එහෙමත් නැතිනම් ස්වයංක්‍රීය කලවම් කරන්නා.

බොත්තමක් එබීමෙන් මේ අද්විතීය නිෂ්පාදිතය තනිවම භ්‍රමණය වන අතර සෝස්, සුප්, කැඳ, ග්‍රේවි සහ කැබැලි වඩාත් හොඳීන් ඇවිස්සීමත් සමඟ ඔබේ පෑන් එක තුළ ගමන් කරයි. එම නිසා කාලය තුළ වෙනත් දෙයක් සමඟ සම්බන්ධ වීමට ඔබට නිදහස ලබා දෙනවා. ඒ කාලය වෙනත් ආහාරයකට එළවළු කපන්න, දරුවාව බලා ගන්න වැනි වෙනත් වැඩක නිරත වෙන්නත් පුළුවන්. කාලය ඉතිරි කර දෙන මේ ගැජට් එක මුළුතැන්ගෙයට අවශ්‍යම උපකරණයක්.

Automatic pan stirrer මඟින් මේ භාජන, බඳුන් කලවම් කරන නිසා ඔබේ සුප් එක අතින් ඇවිස්සීමට කාලය ගත කිරීම අවශ්‍ය නොවේ. මේ හරහා ඔබ ඇතින් කලවම් කරනවාට වඩා පහසුවෙන් පරිපූර්ණ ක්‍රීම් ගතියක් ලබා ගන්නත් පුළුවන්.

කකුල් තුනේ ඉවුම් පිහුම් යන්ත්‍රය කියා හඳුන්වන්නේත් මෙයටමයි. ලෝහ මඟින් සකසා ඇති නිසා මෙය තාපයට හොඳීන් ඔරොත්තු දෙයි. මේ මෙවලම රැහැන් රහිත බැටරි ක්‍රියාකාරිත්වයක් ඇති අතර ඒ සඳහා ඒ ඒ (AA)) බැටරි 4 ක් අවශ්‍ය වේ. වසර 5ක පමණ වගකීම් සහිත මුළුතැන්ගෙයි උපකරණයකි.

ස්වයං කලවම් ගැජටය ක්‍රියා කරන්නේ ගැජටයේ පාද ත්‍රිත්වය හරහා නිවැරැදි කම්පනයක් යැවීමෙනි. එමඟින් එය වටා කැරකෙන්නට ඉඩ සලසයි. මේ දිගු පාද මඟින් පෑන් හෝ බඳුන්වල පතුලේ ඇති අන්තර්ගතය මනාව කලවම් කරයි. ඔබේ ආහාර කලවම් කිරීම සඳහා ඔබට එය කොතරම් වේගයෙන් කිරීමට අවශ්‍යද යන්න මත පදනම්ව ඔබට එය විවිධ වේග මට්ටම් 3 ක් අතර සැකසිය හැකිය.

මෙහි ඇති අනෙක් විශේෂත්වය ටයිමර් එකක් ඇතුළත්ව තිබීමයි. එහිදී පෑන් එක තුළ ඇති අන්තර්ගතය කලවම් කිරීම සඳහා වෙලාවක් ලබා දිය හැකියි. එහි වේලාව අවසන් වූ විට සංඥාවක් නිකුත් කරයි. ඒ වගේම මේ උපාංගය මුදුනේ ඇති කුඩා බල්බ් වලින් තව කෙතරම් කාලයක් ඉතිරිව ඇත් ද යන්නත් දැන ගන්න පුළුවන්.

මේ උපාංගයේ පාද කොටස ඉවත් කළ හැකි නිසා පිරිසුදුකර ගැනීමත් ඉතා පහසුයි. මෙය විවිධ වර්ණ තේරීම් කිහිපයකින්ම මිලදී ගත හැකියි.

ඉරිඟු කරලේ ධාන්‍ය ඉවත්කර දෙන

Chef’n Cob Corn Stripper

සුප්, සලාද, පාන් සහ තවත් දේවලට නැවුම් ඉරිඟු එකතු කිරීම ඉතාම රසවත් වගේම ගුණදායකයි.

නමුත් නැවුම් ඉරිඟු කරලක ඇට වෙන්කර ගන්න අපහසු නිසාම බොහෝ ගෘහණියෝ ඒ සඳහා ටින් කළ හෝ ඇසුරුම් කළ ඉරිඟු ධාන්‍ය ඇට මිල දී ගැනීමට පුරුදු වී සිටිති. එයට විසඳුමක් ලෙස Chef'n Cob Corn Stripper  උපකරණය යොදා ගත හැකියි. පාවිච්චියත් ඉතාම පහසුයි.

මෙමඟින් තත්පර කිහිපයකින් ඉරිඟු කරලේ ධාන්‍ය ඉවත්කර ගැනීමේ පහසුකම ලැබෙනවා.

ඉරිඟු කරලක් මේ උපකරණයට ඇතුළුකර, හුරු අතින් ඉරිඟු කරල කරකවමින් පහළට ගෙන යන්න. එසේ පහළට ගෙන යන අතරම ඉරිඟු කරලේ ධාන්‍ය හොඳීන් ගැල වී යයි.

මෙහි ඇතුළත ඇති මල නොබැඳෙන වානේ තලය මඟින් පහසුවෙන් ඉරිඟු ධාන්‍ය ඉවත් කරයි.

ප්ලාස්ටික් බාහිර පෙනුම ආරක්ෂිත ග්‍රහණයක් සපයයි. වසර දෙකක පමණ වඟකීමක් සහිත උපකරණයකි. තලය පරණ වන විට අලුත් තලයක් දා ගන්නත් පුළුවන්.

 

අන්තර්ජාලය ඇසුරිණි.

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.