නත්තලට රස වෑහෙන කේක් හදමු

දෙසැම්බර් 12, 2018

තිළිණ කරන්නට පොයින්සෙටියා කේක්

මෙවර නත්තල උත්කර්ෂවත්ව සමරන්නට සූදානමින් සිටින ඔබටයි මේ ෆොයින්සෙටියා මලින් හැඩ කළ කේක් නිර්මාණ. බලන්න නත්තල් කෑම මේසය හැඩකරන්න අපුරුයි ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකක රවුම් කේක් 2 ක්

බටර් අයිසිං

සුදු ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු එය සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න.

දැන් අඟල් 12 විශ්කම්භය සහිත රවුම් බේස් බෝඩ් එකක් ගෙන එයද සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරන්න. ඒ මත කේක් එක තබන්න. ඉන්පසු බේස් බෝඩ් එක වටේටත් කේක් එක පහළ වටේටත් අඟල පළල රතු රිබන් පටියක් අලවන්න.

කේක් එකෙහි ඉහළින් පාච්මන්ට් අයිසිංවලින් සෑදූ පොයින්සෙටියා මලක් සහ කොළ සාදා අලවන්න. තවද ගෝල්ඩ් වර්ණ පාච්මන්ට් අයිසිං මඟින් කොළ වැලක් සාදා එයද ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කේක් එකමත තබා සරසා ගන්න. පසුව කේක් එක පහළින් රිබන් පටිය මත තරමක් දුරින් සිටින සේ පබළු පේළියක් අලවන්න.

 

සාදය රස ගන්වන නත්තල් කෑම අතිරේකය . . .

 

2018/12/12 තරුණි පුවත් පත සමඟ