එළවළු බත්

ජනවාරි 9, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් කෝප්ප 5 ක්

ලොකු කැරට් අල 1 ක්

බෝංචි කරල් 10 ක් විතර

සුදුලූනු බික් 1 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

වියළි මිදි අහුරක්

බටර් මේස හැඳි 2 ක්

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

මුලින්ම බත හදාගෙන නිවෙන්න තියන්න. ලොකු භාජනයක් ළිප තබා බටර් දමා රත් වන විට තළාගත් සුදුලූනු සහ ලොකු ලූනු එකතු කරන්න. එයටම පුංචියට කපාගත් කැරට්, බෝංචි එකතු කරන්න, ටික වෙලාවකින් වියළි මිදිත් එකතු කරන්න, ලුණු ටිකකුත් එකතු කරන්න. දැන් මේ එළවළු මිශ්‍රණයට සාදා නිවාගත් බත් එකතු කරන්න. ළිප නිවන්න එපා. මේ වෙලාවේ දී ගින්දර චුට්ටක් වැඩි කර බත් සහ එළවළු හොඳින් කලවම් කරගන්න. මෙම බතට ලීක්ස්, ග්‍රීන් පීස්, කජු වැනි දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම බිත්තර එකතු කරන්නත් පුළුවන්.