එළවළු චොප්සුයි

ජනවාරි 9, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් ග්‍රෑම් 200 ක්

බෝංචි ග්‍රෑම් 150 ක්

ගෝවා ග්‍රෑම් 150 ක්

ලොකු ලූනු ගෙඩි 1/2 ක්

සුදුලූනු බික් 2 ක්

අමු ඉඟුරු පොඩි කොටසක්

වතුර කෝප්ප 1 1/2 ක්

සීනි තේ හැඳි 1/4 ක්

කෝන් පිටි තේ හැඳි 1 ක්

එළවළු සුප් කැට 1 ක්

තෙල් මේස හැඳි 1ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය

 

කැරට් පෙති කපාගන්න, බෝංචි ටිකක් ලොකු කොටස් වෙන්න කඩාගන්න. නැත්නම් කපාගන්න. ගෝවා ලොකු කොටස් වෙන්න අතින් කඩාගන්න. නැත්නම් කපාගන්න. කැරට්, බෝංචි, ගෝවා වෙන වෙනම තම්බගන්න. මේවා ස්ටීම් කරගැනීම වඩාත් හොඳය.

ලූනු පොඩියට කපාගන්න, ඉඟුරු, සුදුලූනු තළාගන්න. දැන් සුදුසු භාජනයක් ළිප තබා තෙල් එකතු කර රත්වෙද්දී තළාගත් ඉඟුරු, සුදුලූනු එක් කරන්න. එයටම ලූනු එකතු කරන්න. වතුර කෝප්ප 1 1/2 කට කෝන් පිටි, සීනි, සුප් කැටය එකතු කරන්න. දැන් මෙය බැදුණු ලූනු එකටම එකතු කර පොඩ්ඩක් රත් වීගෙන එද්දී එළවළු එකතු කරන්න. ගම්මිරිස් එකතු කර සුප් කැටයක් එකතු කළ නිසා ලුණු රස බලා මදි නම් ලුණු ද එක් කරන්න. ටික වෙලාවක් තියා ළිප නිවන්න. තිබේ නම් මෙයට බේබි කෝන් එක් කරන්න. පුංචි බබාලා මේ චෝප්සුයි එක කන්න කැමැති නිසා, හදන වෙලාවට බබාලට අයින් කරලම ගම්මිරිස් එක් කරන්න.