විවාහ ගිවිස ගැනීමකට හාට් කේක් එකක්

ජනවාරි 23, 2019

විවාහ ගිවිස ගැනීමකටයි මේ කේක් නිර්මාණය. හදවත් හැඩයෙන් යුතුව රෝසමල් යොදා නිර්මාණයකර ඇති මේ කේක් නිර්මාණය මේ නව වසරේ විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට හරිම අපූරුයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට අවශ්‍ය වර්ගයකින් හාට් එකෙහි හැඩයට සාදාගත් කිලෝ එකක කේක් එකක්

බටර් අයිසිං

බේස් බෝඩ් එකක්

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව ඔබ සාදාගත් කේක් එක ගෙන බේස් බෝඩ් එක මත තබා ගන්න. ඉන්පසු සම්පූර්ණ කේක් එක බටර් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු කේක් එක මැදින් දෙකට බෙදා එහි එක් කොටසකට සුදු බටර් අයිසිංවලින් නොම්බර 18 නොසලයෙන් පුරවා ගන්න. අනෙක් කොටස ළා රෝස වර්ණ බටර් අයිසිංවලින් නොම්බර 18 නොසලයෙන් පුරවා ගන්න.

2019/01/23 තරුණි බලන්න