ටොම් යම් සී ෆුඩ් සුප්

මාර්තු 27, 2019

සී ෆුඩ් සුප්වල රසය ඔබට ආගන්තුක දෙයක් නොවෙයි. ටොම් යම් පේස්ට් එක එකතුකරගත් මේ සී ෆුඩ් සුප් එකේ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සැදුවහොත් 20 දෙනකුට පමණ හිතේ හැටියට රස විඳින්න පුළුවන් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කොටු කපාගත්

ඉස්සෝ ග්‍රෑම් 100 ක්

කොටු කපාගත් දැල්ලෝ

ග්‍රෑම් 100 ක්

කොටු කපාගත් ටූනා

මාළු ග්‍රෑම් 100 ක්

ටොම්යම් පේස්ට් ග්‍රෑම් 25 ක්

තක්කාලි ගෙඩි 2 ක්

බී ලූනු ගෙඩියක්

සුදුලූනු ගෙඩියක්

ඉඟුරු ග්‍රෑම් 25 ක්

දෙහි කොළ 2 ක් පමණ

සිහින්ව කපාගත් අමුමිරිස්

සේර කැබැල්ලක්

දෙහි ගෙඩියක යුෂ

සිඹිහින්ව ගත් හතු (ඔයිස්ටර්

මෂ්රූම් ග්‍රෑම් 50 ක්)

වතුර ලීටර් 1 1/2 ක්

කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10 ක්

සීනි ග්‍රෑම් ස්වල්පයක්

රස අනුව ලුණු

බටර් ග්‍රෑම් 50 ක්

සාදා ගන්නා ආකාරය

ප්‍රථමයෙන් ඉස්සෝ, දැල්ලෝ, මාළු හොඳින් සෝදා සෙන්ටිමීටර් 1 පමණ කොටු කපා ගන්න. සුප් එක සාදාගන්නා බඳුන ළිපමත තබා රත්වූ පසු බටර් සමඟ සිහින්ව ලියාගත් ලූනු, සුදුලූනු, ඉඟුරු, අමු මිරිස්, සේර, දෙහි කොළ, හතු එකතුකරගනිමින් රෝස්ට් කරගන්න. රන්වන් පැහැයට හැරෙනතෙක් (සොටේ කරනවා) හැඳි ගාගන්න. එයට වතුර එකතුකර රත් කරගන්න. උතුරන ආකාරයට පැමිණි පසු ගින්දර අඩු කරගන්න. කොටු කපාගත් ඉස්සෝ, දැල්ලෝ, මාළු ගැඹුරු තෙලේ තත්පර 30 ක් පමණ බැදගන්න.

අවසාන වශයෙන් සුප් එකට ටොම්යම් පේස්ට්, තක්කාලි, දෙහි යුෂ, සීනි, ලුණු එකතු කරගනිමින් ළිපෙන් බාගන්න. ගැඹුරු තෙලේ බැදගත් ඉස්සෝ, දැල්ලෝ, මාළු එයට කලවම් කොට සුප් කප්වලට දමා කොත්තමල්ලි කොළ දමාගන්න.