නූඩ්ල්ස් පැටී

අප්‍රේල් 24, 2019

හැමදාම එකම විදියට නූඩ්ල්ස් තම්බා තෙම්පරාදු කර ආහාරයට ගන්නා ඔබේ පවුලේ අයට අලුත් විදියකට නූඩ්ල්ස් හදා දෙන්න දැන් ඔබටත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බෙරි නොවන ලෙස තම්බාගත් නූඩ්ල්ස්

තම්බා සිහින් කැබලි ලෙස පොඩි කරගත් අල

චොප් කරගත් අමුමිරිස්

ලුණු

ගම්මිරිස්

 

සාදන ක්‍රමය

ඔබේ පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් වන තරමට නූඩ්ල්ස් සහ අල යොදාගන්නට ඔබ දක්ෂ විය යුතුයි. ඉහත ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර කට්ලට් ආකාරයේ මිශ්‍රණයක් සකස් කරගන්න.

ඉන්පසු මිශ්‍රණයෙන් කුඩා කොටස් ලෙස වෙන් කර රොටි හැඩයට සකසා ගන්න. තෙල් දමාගත් නන්ස්ටික් පෑන් එකක් ළිප තබා දෙපැත්තම රන්වන්පාට වන තුරු බැදගන්න.

ඔබේ කැමැත්ත අනුව මේ නූඩ්ල්ස් මිශ්‍රණයට තම්බා පොතු හැර පොඩිකරගත් ඉස්සන්, කැරට්, බිත්තර, සිහින්ව ලියාගත් තක්කාලි ආදී රස වැඩිකරන අමතර එකතු කිරීම් ද කළ හැකියි.