ජීවිතයට උදවු කරන පුංචි දේවල්

මැයි 1, 2019

මුළුතැන්ගෙට 


* පලා කොළ වර්ග පිසින විට පොල් තෙල් හෝ බටර්, මාගරින් වැනි දෙයක් එකතු කරගැනීමෙන් එහි ඇති විටමින් සිරුරට උරාගැනීම පහසු කරයි.

* පිසින ලද ආහාරවල ලුණු රසය වැඩියෙන් දැනෙයි නම් එය ළිප මත තිබෙන විටම පාන් පිටිවලින් බෝලයක් සාදා (පිටි බෝලයක්) දමන්න. එවිට වැඩිපුර ඇති ලුණු එයට උරාගනී.

* හොඳින් පැසුණු කොස් මදුළු ශීතකරණයේ තබන විට සිලි කවර දෙකකට දමා තබන්න. නැතහොත් කළු ටියුලිප් කවරයකට දමා තබන්න. එවිට පාවිච්චියට ගන්නා විට කොස් මදුළුවල පැණි රස ගතියක් නොදැනෙයි.

* ශීතකරණය තුළ ඇති එළවළු සහ අනෙකුත් ආහාර අතර රතු ලූනු හෝ බී ලූනු තැබීමෙන් ඒ ආහාරවලට ලූනු සුවඳ මුසුවන නිසා එසේ තැබීමෙන් වළකින්න.

* එක් එක් පලා වර්ගවල ගුණය එකිනෙකට වෙනස් වන බැවින් රෝගීන් සඳහා කොළ කැඳ පිසින විට රෝගියාට සුදුසු කොළ වර්ගයකින් පමණක් කැඳ පිසගන්න.

* අල බැදුමට ඉඟුරු, සුදුලූනු, එනසල් ඇට කිහිපයක් අඹරා තෙම්පරාදු කර කලවම් කිරීමෙන් ප්‍රණීත රසයක් එක් කරයි.

* මහදුරු, කොත්තමල්ලි වැනි නිතර පාවිච්චියට නොගන්නා කුළුබඩු ගුල්ලන් සෑදීමෙන් ආරක්ෂා කරගැනීමට කබලේ මඳක් බැද නිවුණාට පසුව බෝතලයක අසුරා තබන්න.

* මැළවී ඇති එළවළු, පලා වර්ග කපාගැනීමට පෙර සීත කළ ජලයේ පැය දෙකක් පමණ තැබීමෙන් නැවුම් ගතියක් ඇති කරයි.

* දෙහි ගෙඩියක යුෂ වැඩි කරගැනීමට නම් කපන්නට පෙර දෙහි ගෙඩිය තද උණු වතුරට දමා ටික වේලාවකින් කපාගන්න.

* ඇඹුල් සහිත පලතුරුවලින් බීම සාදන විට පොල් කිරි ස්වල්පයක් ද එක්කරන්න. නැතිනම් පොල්කිරිවලින්ම සාදා ගන්න.


2019/05/01 තරුණි බලන්න.