එග්ලස් ඩේට් කේක්

මැයි 8, 2019

 

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 200 ක්

බටර් ග්‍රෑම් 200 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බේකිං පවුඩර්

තේ හැඳි 2 ක්

ටින්කිරි ටින් 1/2 ක්

උණුවතුර හෝ සෝඩා

දියර මේස හැඳි 4 - 5 ක්

රට ඉඳි ග්‍රෑම් 500 ක්

රුලං ග්‍රෑම් 100 ක්

කජු ග්‍රෑම් 25 ක්

ප්ලම්ස් ග්‍රෑම් 25 ක්

කැන්ඩිඩ් පීල්ස් ග්‍රෑම් 25 ක්

ජින්ජර් ප්‍රිසර්ව් ග්‍රෑම් 25 ක්

පුහුල් දෝසි ග්‍රෑම් 25 ක්

ආප්ප සෝඩා තේ

හැඳි 1/2 ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරගන්න. ඉන්පසු රට ඉඳිවල ඇට ඉවත්කර සෝදා තෙත මාත්තුකර සිහින්ව කපාගන්න. එයටම ආප්ප සෝඩා තේ හැඳි 1/2 ක් එකතුකර උණුවතුර දමා තැම්බෙන්නට තබන්න.

ඉන්පසු ටින්කිරිවලට උණුවතුර හෝ සෝඩා දමා දියකර ගන්න. එය බටර් සීනි මිශ්‍රණයට දමා බීට් කරන්න. පිටිවලට බේකිං පවුඩර් දමා තෙවරක් හලාගන්න. දැන් පලතුරු සිහින්ව කපා ගන්න. පසුව රුලං බැද පලතුරුවලට කලවම් කරන්න. මේ රුලං මිශ්‍රණය පිටිවලට ද කලවම්කර සීනි, බටර් මිශ්‍රණයට දමන්න. රට ඉඳි ද එයට එකතුකර බීට් කරන්න. සුවඳ කුඩු හා වැනිලා ද එයට එකතුකර බටර් තවරාගත් තැටියකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 ක් පමණ බේක්කර ගන්න.