මංගල ගමනට අලංකාරවත් කේක්

ජුනි 5, 2019
 
 
තවත් නොබෝ දිනකින්  සොඳුරු පතිනියක වී කුලගෙට පියමං කරන්න සූදානමින් සිටින යොවුන් ඔබ වෙනුවෙන් සැකසුණු කේක් නිර්මාණ කිහිපයකි මේ. බලන්න, මෙවැනි කේක් නිර්මාණයක් ඔබටත් ගැළපෙනවා නේද කියලා.
 
ඕපන් රෝස මලින් හැඩ වූ මංගල කේක් ආකෘතියක්
 
අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් 10x8 ඩමි එකක්
අඟල් 10x12 ඩමි එකක්
අඟල උස  අඟල් 16 පළල  බේස් බෝඩ් එකක්
ෆොන්ඩන්ට් අයිසිං
පාච්මන්ට් අයිසිං
 
නිර්මාණය කිරීම
පළමුව සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින්  ඩමි දෙක කවර් කරගන්න. ඉන්පසු  ඩමි  බේස්බෝඩ් එක මත තබා ගන්න. 
කේක් දෙකෙහි  යට  වටේට ගෝල්ඩ්  රිබන් හෝ මෝල්ට් එකක් ආධාරයෙන් කපාගත්  ෆොන්ඩන්ට් පටි  ගෝල්ඩ්  වර්ණය ආලේපකර  අලවා ගන්න. දැන් පාච්මන්ට් අයිසිං මඟින් ගෝල්ඩ්  වර්ණ කොළ කපා වේළා ගන්න. පසුව රෝස  වර්ණ රෝස මල් ද  තද   රෝස වර්ණ ඕපන් රෝස් මල් සහ  ගෝල්ඩ් වර්ණ ගෙඩි සහිත ඉති ද  සාදා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට  කේක් එක මත තබා අලවා ගන්න.
 
2019/06/05 තරුණි බලන්න