‘ආශ්චර්යවත් ගහ’ මුරුංගා

ජූලි 10, 2019

වත්ත පිටියේ ඇති ගහ කොළවල පලතුරුවල වටිනාකම අපි වැඩි දෙනෙක් වටහා ගෙන නෑ. පලතුරු ගස්වල ගෙඩි බිමට වැටිලා කුණු වෙලා යන්නෙ ඒ නිසානෙ. මුරුංගා ගහටත් ඒ ඉරණම පොදුයි. බල්ලෙක් සපා කෑවොත්

මුරුංගා ගහ මතක් වුණාට අනෙක් වෙලාවට එහෙම ගහක ් වත්තෙ

තියෙනවද කියලා අපේ වැඩි දෙනකුට මතක නැහැ නේද?

මුරුංගා ගහේ කොළ, පොත්ත, මල්, මුරුංගා කරල්, ඇට, මුල සියල්ල ඖෂධ ලෙස භාවිතයට ගන්නවා. ‘ආශ්චර්යවත් ගහ’ ලෙස මුරුංගා ගසට නමකුත් පටබැඳිලා තියෙන්නේ ඒ නිසයි.

රුව නංවන්නට..

සම පැහැපත් කරන අපූූරු බලයක් මුරුංගා කොළවල තිබෙනවා.

මුරුංගා කොළ මිටක් අරගන්න.

ජලය ස්වල්පයක් එක්කර කොළ ටික අඹරාගන්න. සුසිනිදු පල්පයක් සාදාගෙන එක හා සමානව මුහුණේ ගල්වන්න. මිනිත්තු 15-20 ක් තබා ජලයෙන් සෝදා හරින්න. සමේ පැහැපත් බව වැඩිවෙනවා.

* හිස්හොරි වළක්වන ගුණයක් ද මෙහි පවතිනවා. කොණ්ඩයට පෝෂණයක් ලබාදෙනවා සේම ජීවී බවක් ද එක් කරනවා. මුරුංගා කොළ පල්පයෙන් හිස් කබල සෝදන්න. හිස්හොරිවලින් සහනයක් ලැබෙනවා නිසැකයි. කේශ කලාපය මොනර පිලක් මෙන් දිගුකර ගන්නත් පුළුවන්.

* අත් බෙහෙත් ලෙස

මුරුංගා කොළ කොටා පල්පයක් සාදා හිසරදය ඇති විට ගල්වන්න.

සීනි මට්ටම අඩුකිරීමට, සීනි නැතිව ශක්තිය ලබාගැනීමට පහත අන්දමින් මුරුංගා කොළ යුෂ සකසාගෙන පානය කරන්න. දිනපතා මාස දෙකක්, තුන්වරක් පානයකර ප්‍රතිඵල අත්හදාබලන්න.

දෝත පිරෙන්න මුරුංගා කොළ අරගන්න. වතුර කෝප්ප තුනක ජල ප්‍රමාණයක තම්බා ගන්න. වතුර කෝප්පයක් දක්වා ජලය හිඳුණු පසු පෙරා ගෙන පානය කිරීමෙන් දියවැඩියාවට සහනයක් ලැබේවි.

බර අඩු කිරීමට, මල බද්ධයට, සුව නින්දකට මුරුංගා කොළ හෝ මුරුංගා කොළ වියළා ලබාගන්නා කුඩු උදව්කරගන්න පුළුවන්. දිනකට මුරුංගා කොළ තේ හැඳි 1-2 ක් කෑමට ගන්නවා නම් ඉක්මනින් සෞඛ්‍යය තත්ත්වය යහපත් වෙනවා.

මුරුංගා කොළ කුඩු උණු ජලයට එක්කර තේ ලෙස පානය කිරීමට , සුප්වලට එක්කර ගැනීමට පුළුවන්. ගිතෙල් හෝ ඔලිව් තෙල්වලින් තෙල් දමා මුරුංගා කොළ කෑමට එක්කර ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙහි ඇත්තේ නිවිති රසට සමාන රසක්. මස්, මාළුවලටත් මුරුංගා කොළ එක්කර රස, ගුණ වැඩිකරගත හැකියි.

ආර්තවහරණය වූ කතුන්ට (සම්පූර්ණයෙන් ඔසප් වීම නතර වුණු කාන්තාවන්ට) ඉන් ඇතිවන අපහසුතා නැතිකර ගැනීමට මෙය යොදාගන්න පුළුවන්.

කිරි දෙන අම්මලාට කිරිවල පෝෂණය වැඩිකිරීමට මුරුංගා කොළ හෝ මුරුංගා කොළ කුඩු භාවිතයට ගන්නවා.

 

2019/07/10 තරුණි බලන්න