බ්‍රෙඩ් සැලඩ්

ජූලි 24, 2019

පාන් සැලඩ් නම් කවුරුත් තවම රස බලා නැතිව ඇති. මෙය උදෑසන ආහාර වේලකට වගේම රාත්‍රී ආහාර වේලකටත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

ටෝස්ට්කර කෑලි කැපූ පාන්

තක්කාලි

චීස්

කෑලි ලෙස කඩාගත් සලාද කොළ

කොටු කපාගත් අලිගැටපේර

සුදු විනාකිරි තේ හැන්දක්

ඔලිව් තෙල් මේස හැන්දක්

සීනි තේ හැඳි 1/2 ක්

දෙහි යුෂ තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය

බෝල් එකකට විනාකිරි, ඔලිව් තෙල්, සීනි, දෙහි යුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතුකර, හොඳින් කලවම්කර පසෙකින් තබන්න.

ඉන්පසු කොටු කපාගත් තක්කාලි, චීස්, සලාද කොළ, අලිගැටපේර මේ මිශ්‍රණයට එකතු කරන්න. කෑමට ගැනීමට මොහොතකට පෙර ටෝස්ට් කළ පාන් කෑලි එකතුකර මිශ්‍රකර ආහාරයට ගන්න.

 

2019/07/24 තරුණි බලන්න