නත්තල් මිහිරයි කෑම මේසයයි

බ්ලැක් කරන්ට් කෝඩියල් වයින්
දෙසැම්බර් 25, 2019

නත්තල් උත්සවය කිතුණු ජනතාව පමණක් නොවෙයි මුළු රටේම ජනතාව සමරනවා. ජේසු බිලිඳාගේ උපත සමරා පල්ලියට යන ජනතාව පසුවදා තම නෑ හිතමිතුරන් සමඟ මේ වෙනුවෙන් කෑම මේසයක් සෑදීම අනිවාර්යයෙන්ම සිදුකරන චාරිත්‍රයක්.

මේ චාරිත්‍රය හරිම සරලව සමරන්නයි මෙවර කවුරුත් සැලසුම් කරලා තිබෙන්නේ. මොන තරම් අගහිඟකම්, අපහසුකම් තිබුණත් නත්තල් දවසට රස පිරුණු කෑම මේසයක් සකසන්නයි හැමෝම වෙහෙසෙන්නේ. මෙහිදී පුංචි දරුවෝ ගැනත් හිතලා හැමෝටම ගැළපෙන රසම රස කෑම මේසයක් සැකසුණු විට කාගේත් සිත් සතුටට පත්වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ කෑම මේසය සරසන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක් අද අප තිළිණ කරනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සීනි ග්‍රෑම් 250 ක්

බ්ලැක් කරන්ට් කෝඩියල් කෝප්ප 2 ක්

වතුර මිලිලීටර් 1000 ක් පමණ

ලෙමන් යුෂ මිලිලීටර් 500 ක් පමණ

බ්‍රැන්ඩි හෝ ෂෙරී මිලිලීටර් 500 ක් පමණ

 

සාදන ක්‍රමය

පළමුව බඳුනකට සීනි සහ වතුර එක්කර සීනි හොඳින් දියවන තුරු හැඳිගාන්න.

පසුව මෙයට බ්ලැක් කරන්ට් කෝඩියල් සහ ලෙමන් යුෂ මිශ්‍රකර පෙරා විනාඩි 3 ක් පමණ මඳ ගින්දරේ තබන්න.

පසුව නිවෙන්නට හැර ශීතකරණයේ තබන්න.

පිළිගැන්වීමට පෙර බ්‍රැන්ඩි හෝ ෂෙරි එකතුකර හොඳින් කලවම්කර පිළිගන්වන්න. (අවශ්‍ය නම් දොඩම් ලෙලි සිහින්ව කපා එකතු කරගන්න)

 

 

 

 

අතිරේක දායකත්වය

සකුන්තලා කරුණාරත්න

වෝ කේටස්

රුවන්වැල්ල

Face book - Sakunthala Karunarathna