ගාර්ලික් ප්‍රෝන්ස්

දෙසැම්බර් 25, 2019

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පොතුහැර පිරිසුදු කරගත්

ඉස්සන් ග්‍රෑම් 500 ක්

බටර් මේස හැඳි 5 ක්

සිහින්ව කපාගත් සුදුලූනු බික් 5 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

දෙහි යුෂ මේස හැඳි 3 ක්

වයිට් වයින් නැත්නම් විනාකිරි,

මේස හැඳි 3 ක්

ගම්මිරිස් කැබලි තේ හැඳි 1/2 ක්

සිහින්ව කපාගත් පාර්ස්ලි කොළ

මේස හැඳි 1 ක්

ලුණු රස අනුව

දෙහි යුෂ මේස හැඳි 1 ක් (වෙනම)

 

 

සාදන ක්‍රමය

 

භාජනයක් ළිප තබා එයට බටර් එක්කර රත් වීගෙන එන විට එයට සිහින්ව කපාගත් සුදුලූනු, කෑලි මිරිස් එක්කර මිනිත්තුවක් පමණ බැද එයට මිරිස් කුඩු ද එක්කර ගන්න. තත්පර 5 ක් පමණ තබා ඉස්සන් ද එක් කරන්න.

ඉන්පසු මෙයට දෙහි යුෂ සහ වයිට් වයින් හෝ විනාකිරි එක්කර හොඳින් මිශ්‍රකර ඉතා අඩු ගින්දරේ මිනිත්තු 10 ක් පමණ ළිප තබන්න. (අතරතුරදී එක්වරක් මිශ්‍ර කරන්න)

ඉන්පසු මෙයට ලුණු, ගම්මිරිස් එක්කර ගින්දර වැඩිකර මිනිත්තු 3 ක් පමණ නොකඩවා මිශ්‍රකරමින් බැද ළිපෙන් ඉවතට ගෙන උණුසුම යාමට පෙර පාර්ස්ලි ඉස මිශ්‍රකර දෙහි යුෂ ස්වල්පයක් උඩින් ඉස සංග්‍රහ කරන්න.