මිඩ්ල් චිකන් එග්

දෙසැම්බර් 25, 2019

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

තම්බාගත් බිත්තර 6 ක්, කටු රහිත කුකුළු මස්

(කුඩා කැබලි කපාගත්) ග්‍රෑම් 100 ක්

තෙල් මේස හැඳි 2 ක්, කුඩාවට කපාගත් සැල්දිරි

මේස හැඳි 3 ක් - කී‍්‍රම් චීස් මේස හැඳි 2 ක්

මෙයෝනිස් සෝස් මේස හැඳි 1 ක්

මිරිස් සෝස් මේස හැඳි 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 3/4 ක්

අබ ක්‍රීම් තේ හැඳි 1 ක්

ලුණු, ගම්මිරිස් රස පදමට

 

සාදන ක්‍රමය

මුලින්ම කුකුළු මස්වලට මිරිස් කුඩු, අබ ක්‍රීම් සහ ලුණු, ගම්මිරිස් රස පදමට එක්කර මිනිත්තු 10 ක් පමණ පදම් කරගන්න.

දැන් භාජනයක් ළිප තබා තෙල් එක්කර රත් වූ පසු කුකුළු මස් කැබලි එක්කර හොඳින් බැද කුඩා කැබලිවලට වෙන් කරගන්න.

තම්බා ගත් බිත්තර පොතු හැර දෙකට කපා කහ මද ඉවත්කර ගන්න. එම කහ මද භාජනයකට දමා එයටම බැදගත් කුකුළු මස් කැබලි, සැල්දිරි, මෙයෝනිස් සහ කී‍්‍රම් චීස් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙම මිශ්‍රණය බිත්තර සුදු මද පළුවලට හැන්දකින් පුරවා ගන්න.

දැන් තමන් කැමැති ලෙස සෝස් සමඟ පිළිගන්වන්න.