මිල්ක් පෝක්

දෙසැම්බර් 25, 2019

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඌරු මස් (කටු රහිත) කිලෝග්‍රෑම් 1 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

බේ කොළ 1 ක්

ඔරිගානෝ හර්බ්ස් තේ හැඳි 1ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

අබ ක්‍රීම් තේ හැඳි 2ක්

බටර් මේස හැඳි 1 ක්

උකු පොල් කිරි කෝප්ප 1 1/2 ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

මුලින්ම ඌරු මස් ටික ලොකු කොටු කපා හොඳින් පිරිසුදුකර එයට ලුණු. ගම්මිරිස් එක්කර පැයක් පමණ පදම් වීමට තබන්න.

දැන් භාජනයක් ළිප තබා එයට බටර් එක්කර රත් වූ පසු එයට බේ කොළ, ලූනු, ඔරිගානෝ හර්බ්ස් එක්කර අඩු ගින්දරේ මිනිත්තු 4 ක් පමණ බැදගන්න.

පදම් කරගත් ඌරු මස් මෙයටම දමා එයට සියලු කුළු බඩු වර්ග එක් කර හොඳින් කලවම් කරන්න.

වෙනත් භාජනයක් ළිප තබා එයට උකු පොල් කිරි එක්කර හොඳින් උතුරුවා ගෙන එය ඌරු මස් සහිත භාජනයටම එක්කරගන්න.

දැන් ගින්දර හැකි තරම් අඩුකර පැය 2 ක් පමණ පිසගන්න.

පිසගත් ඌරු මස් කැබලි පිටතට ගෙන පෙති කපා පිළිගන්වන පිඟානට දමා එයට උඩින් පෑන් එකේ ඉතිරිවී ඇති ග්‍රෙවී (සෝස් එක) වත්කර පිළිගන්වන්න.