රෝස්ට් චිකන්

දෙසැම්බර් 25, 2019

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සම්පූර්ණ කුකුළෙක් (කිලෝ 11/2)

ලුණු, ගම්මිරිස් රස අනුව

ලෙමන් (පොතු සමඟ 8 ට පළාගත්) ගෙඩි 1ක්

රෝස්මරි හර්බ්ස් තේ හැඳි 1 1/2 ක්

සුදුලූනු (පෙති කපාගත්) බික් 4 ක්

බටර් මේස හැඳි 2 ක්

වයිට් වයින් (තිබේ නම් පමණක්)

කෝප්ප 1/2 ක්

කුකුළු මස් ස්ටොක් වතුර කෝප්ප 1/2 ක්

කෝන් පිටි තේ හැඳි 1 ක් (උණු වතුර මේස

හැඳි 2 ක දියකර ගත්)

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

ගම්මිරිස් කැබලි තේ හැඳි 1/2 ක්

බටර් මේස හැඳි 1 ක් (වෙනම)

 

 

 

සාදන ක්‍රමය

මුලින්ම සම්පූර්ණ කුකුළා හොඳින් පිරිසුදුකර සෝදාගන්න. (අයිස් තිබේ නම් හොඳටම අයිස් ඉවත් වනතුරු තබන්න) දැන් 8 ට පළාගත් ලෙමන් කැබල,ි රෝස්මරි හර්බ්ස් සහ සුදුලූනු පෙති කුකුලාගේ ඇතුළට දමාගන්න.

ඇතුළත සහ පිටත හොඳින් ලුණු, ගම්මිරිස් තවරා ගන්න. ඉන්පසු බටර් මේස හැඳි 2 සමඟ මිරිස් කුඩු සහ ගම්මිරිස් කැබලි මිශ්‍රකර කුකුළාගේ වටේ හොඳින් තවරා ගන්න.

ඇතුළතට ද බටර් මේස හැන්දක් කැබලි කඩා දමාගන්න. ඉන්පසු මෙය තැටියක් මත තබා මිනිත්තු 15-20 ක් පමණ පදම් වීමට තබා සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයට රත්කර ගත් උදුනක පැය 1 1/4 ක් පමණ රෝස්ට් කරගන්න. (රෝස්ට් කරගන්නා අතරතුර පහළට ගලා එන දියර නැවතත් කුකුළාගේ තවරන්න)

උදුනෙන් පිටතට ගෙන මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සංග්‍රහ කරන්න.