නිලන්තිගෙන් මාළු මිරිස් පිරවුමක් සහිත ව්‍යාංජනයක්

ජූලි 15, 2020

ආදායම් වාර්තා රැසක් ගෙනදුන් වාණිජමය චිත්‍රපට බොහොමයක ඇය රංගනයෙන් දායක වූවාය. රංගනයට නොදෙවැනි නර්තනය ද අපි ඇගෙන් දැක ඇත්තෙමු. ඇය වූ කලී නිලන්ති ඩයස් කරුණාරත්නයි.

ඇයගේ මේ රංගන, නර්තන වින්‍යාසයෙන් ඔබ්බට ගිය නිසඟ හැකියාවක් ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි මේ සූදානම.

කුඩා කල සිටම ඉවුම් පිහුම් කටයුතුවලට ළැදියාවක් දැක්වූ නිලන්ති අද, ඇයටම හුරු වූ ව්‍යාංජනයක් පිළියෙල කරගන්නා අයුරු ‘තරුණී’ පාඨක ඔබ සැමට පැහැදිලි කරන්නයි මේ සූදානම. එසේ නම් ගොඩවෙමු අපි නිලන්තියේ මුළුතැන්ගෙට.

මොනවද නිලන්ති අද හදන්න යන්නේ?

අද මම හදන්න යන්නේ මාළු මිරිස් පිරවුමක් සහිත රසවත් කරියක්.

කාගෙන්ද මේක ඉගෙන ගත්තේ?

මම කුස්සියට පුරුදු වුණේ අවුරුදු 12 දි විතර. ඒ දවස්වල මගේ අම්මා මාළු මිරිස්වලට මොනවදෝ පුරවාල තෙලෙන් බදිනවා දැකලා තියෙනවා.

ඔයත් මේ අම්මගේ එක කොපි කරලා හදන්නද යන්නේ?

අනේ නැහැ.... ඒක නෙවෙයි. මේකත් මාළු මිරිස් පිරවුමක් තමයි. ඒත් මේකට මම ගොඩාක් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. පුරවන්නෙත් වෙන දෙයක්. අම්මගේ ‘ස්ටයිල්’ එක ‘මොඩිෆයි’ කරලා මගේම නිර්මාණයක් තමයි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ.

හරි එහෙනම් විස්තර කරන්නකෝ....

මේකට මම හොඳට පිරුණු මාළු මිරිස් කරල් 8 ක් විතර තෝරා ගන්නවා. කරල් ටික හොඳට හෝදලා නටුව අයින් කරන්නේ නැතුව කරල කැඩෙන්නේ නැතුව දිගු අතට කැපුමක් කර ගන්නවා. ඊට පස්සේ ඇතුළේ තියෙන ඇට ටික ප්‍රවේශමට අයින් කර ගන්නවා.

 

 

නිලන්තිගේ ව්‍යාංජනය ඔයාලත් හදලා බලන්න. එය කොතරම් රසවත්ද කියලා හැකි අයුරකින් අපිට කියන්න. 0112429591.

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.