මත් රකුසාගේ මීළඟ බිල්ල ඔබේ දරුවා විය හැකියි

දෙසැම්බර් 12, 2018

කණ්ඩායම් නායක සමීර විසින් ඉමහත් කැපවීමෙන් තම නිවාස පාපන්දු කණ්ඩායම ජයග්‍රහණය කරා යොමුකරවන ආකාරය දෙස ජයන්ති ටීචර් බලාසිටියේ බලාපොරොත්තු සහගත දෙනෙතිනි.

කෙටි කාලයක් තුළ සමීර ලබාගත් ගෝල් 2, තම නිවාස ජයග්‍රහණය තහවුරු බව කියා පෑවේ සියල්ලන්ගේම ඔල්වරසන් මධ්‍යයේය.

එය උද්වේගකර අවස්ථාවකි. එක්වරම සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. හදිසියේම සමීර ලිස්සා වැටී දණහිස තුවාල වීය. වහාම ඔහුව ක්‍රීඩාපිටියෙන් ඉවත් කිරීමට සිදුවිය. මෙය ප්‍රතිවාදී නිවාසයේ ජයග්‍රහණයට අතවැනීමක් විය.

ක්‍රීඩා පිටියෙන් ඉවතට ගත් සමීර වෙත වහා දිවගිය ජයන්ති ටීචර් ලේ වැගිරෙන ඔහුගේ දණහිසට ප්‍රථමාධාර දෙමින් තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගනිද්දී ප්‍රතිවාදී පිල වහා ගෝලයක් වාර්තා කරමින් ලකුණු සම කිරීමට සමත් විය.

කලබලයට පත් සමීර තමා අවට සිටි සියල්ලන්ම පසෙකට තල්ලු කරමින් නැවත ක්‍රීඩාපිටියට අවතීර්ණ වූයේ තරගය නිමවීමට ඉතාම කෙටිකාලයක් තිබියදීය.

තම වේදනාව අමතක කළ සමීර ක්ෂණිකව පන්දුව තම පිල නතු කරගනිමින් තරගය නිමාවීමට තත්පර කිහිපයක් තිබියදී ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණය තමා සතුකර ගනිමිනි.

තම වේදනාව ද නොතකා ලබාගත් මෙම තියුණු ජයග්‍රහණයේ සතුට සැමරීමට නිවාසයේ සියල්ලෝම සමීර වටකරගනිමින් පී‍්‍රතිඝෝෂා නඟන්නට විය.

ජයන්ති ටීචර් ද සමීරගේ හිස අතගාමින් සුබපැªතුවාය.

නැවතත් ජයන්ති ටීචර් සමීරගේ දස්කම් සහ බුද්ධිමත්බව දුටුවේ ශිෂ්‍ය නායකයන්ගේ සම්මුඛ පරීක්ෂණයේ දීය. එහිදී ද ඔහුගේ ඍජු බුද්ධිමත්භාවය කැපී පෙනෙන්නට විය.

ශිෂ්‍ය නායකයකු ලෙස පත්වීමෙන් පසුව ද ඔහු ඉතා උනන්දුවෙන් හා කාර්යක්ෂමව තම කාර්ය ඉටු කිරීම නිසා පාසලේ ජනපි‍්‍රය චරිතයක් බවට පත්විය. පාසල් කාලය තුළ ඉතා යහපත් දරුවකු ලෙස කටයුතු කළ සමීර පිළිබඳ ආරංචියක් නැවතත් ජයන්ති ටීචර්ගේ කන වැකෙන්නේ වසර දෙකකට පසුය. එය ද හද කම්පා කරවන පුවතකි.

“සමීර කුඩුගහන්න පුරුදු වෙලාලු. ඊයේ සමීරව පොලිසියෙන් අල්ලල උසාවි දාලලු”

මෙය කෙසේනම් සිදුවිය හැක්කක් ද? සමීර කොතරම් හොඳ ගුණයහපත්, දක්ෂ දරුවෙක් ද? ජයන්ති ටීචර් කෙතරම් උත්සාහ කළ ද ඔහු ගැන ප්‍රමාණවත් තොරතුරක් දැනගැනීමට නොහැකි විය.

දැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුව සති කිහිපයකට පසුව ඇයට බන්ධනාගාරයට ගොස් සමීරව බැලීමට අවස්ථාවක් උදාවිය. මෙතරම් හොඳ දරුවකු මෙවන් ඉරණමකට ගොදුරුවූයේ කෙසේද යන්න දැනගන්නා තෙක් ජයන්ති ටීචර්ට ඉවසුම් නැති විය.

“සමීර මොකක්ද දරුවො මේ කරගත්තේ?”

“අනේ ටීචර්, මං වැරැද්දක් කළේ නෑ”

“මේ දේවල් මේ විදියට වුණේ කොහොමද සමීර”

සමීර වෙතින් ඇසුණේ කනගාටුදායක කතා පුවතකි.

පළමුවර උසස් පෙළ විභාගයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබූ සමීර දෙවර වර පෞද්ගලික පන්තියකට සහභාගී වූයේ තම බලාපොරොත්තු සපුරා ගැනීමේ අදිටනෙනි.

එහිදී හමුවූ තරුණියක් සමඟ ඇතිවූ පේ‍්‍රම සම්බන්ධය තම දිවිය මෙවන් ඉරණමකට ගොදුරු කරනු ඇතැයි කිසිවිටෙකත් ඔහුට නොසිතෙන්නට ඇත.

දිනක් සමීරගේ ජංගම දුරකථනයට පැමිණි වීඩියෝ දර්ශනයක් නිසා ඔහු බොහෝ සේ කලබලයට පත්විය. එහි අන්තර්ගත වූයේ තම ආදරණීය පෙම්වතිය කිසියම් සුපිරි වෙළෙඳ සලකින් භාණ්ඩ සොරකම් කරන දර්ශන පෙළකි. මෙය එවා තිබුණේ නාඳුනන පුද්ගලයකු විසිනි. තමා කියන ලෙස වැඩ නොකළ හොත් මෙය අන්තර්ජාලයට මුදාහරින බව පවසන තර්ජනාත්මක පණිවුඩයක් ද ඒ සමඟ විණි. කිසිවිටෙකත් . . .

 

2018/12/12 තරුණි පුවත්පත බලන්න