දරුවන් නිවැරැදි කළ යුත්තේ දයාවෙන්ද? දඬුවමින්ද?

දෙසැම්බර් 19, 2018

රුධිර රේඛා මතු වන්නට දෙපයට වේවැල් පහර ලැබූ සිසු දරුවකුගේ ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ. සිසුවා මේ සා දඬුවමකට ලක් වී ඇත්තේ යොවුන් වියත් සමඟ මතු වූ රැවුල නො කැපූ වරදට ය.

"ඒ වෙලාවේ සර්, හැදුවේ වෙන ළමයකුට දඬුවම් කරන්නයි. ඒත් ඒ ළමයා පැනලා ගියා. ඒත් එක්කම සර් මාව අල්ලා ගත්තා. කලින් දවසේ කියූවත් රැවුල් කොට කපලා නැති වරදට මට වේවැලකින් පහර දුන්නා. වේවැල් පහරින් එල්ලාගෙන හිටිය බෑග් එකට හානි වුණත් පිටට හානි වුණේ නැහැ. ඒත් නො නවත්වා වැදුණු වේවැල් පහරට මගේ කකුල් දෙක තුවාල වුණා. මගේ අම්මා මිය ගිහින්. තාත්තා වෙනත් විවාහයක් කරගෙන. මං ඉස්කෝලේ එන්නේ යාළුවකුගේ ගෙදර නැවතී සිටයි. ඇත්තටම මට හදිස්සියේම රේසරයක් ගන්න සල්ලි තිබුණේ නැහැ. විභාගය තිබුණු නිසායි රුවුල් කොට නො කපා හරි ඉස්කෝලේ ආවේ."

වේවැල් පහරින් වූ ඉරි තැළුණු තුවාල ලැබූ ඔහු පවසන්නේ සංවේදී කතාවකි.

සිප්සතරෙන් මෙන්ම ගුණ දහමෙන් පෝෂණය කර වඩා යහපත් හෙටකට දැයේ දරුවන් එතෙර කරවීම අපේ ගුරු පරපුරේ වගකීම වේ. දරුවන් හැදිය යුත්තේ දයාවෙන්ද දණ්ඩනයෙන්ද? පාසලේ විනය නීතිරීති කඩකිරීමේ වරදට දරුවන්ට අමානුෂික ලෙස දඬුවම් කළ යුතුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා මෙලෙස විවරණය කරයි.

ලෝක ගෝලය නො නැවතී කැරකෙනවා. ඒ අතරේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ළමයින් හදන කලාව, දඬුවම මේ දේවලුත් කාලයේ තාලයට වෙනස් විය යුතුමයි.

දඬුවම යුගයෙන් යුගයට භාවිත වුණේ වෙනස් වෙමිනුයි. දැනට අවුරුදු සියයකට කලින් අපේ රටේ ළමයින්ට ගුරු ගෙදරදී බොහොම බරපතළ දණ්ඩනයන් දරා ගන්න සිදු වුණා. ඒ වෙනුවෙන්

ගුරු ගෙදර දඬු කඳ වගේ විශේෂ උපකරණත් තිබුණා. ඉස්සර ඉස්කෝලේ ලොකු ඉස්කෝල මහත්තයා ළඟ රබර් පටි ඔතලා දඬුවමටම පදම් කරගත්ත වේවැලක් තිබුණා.

"ගහල හදන ළමයි හොඳ ළමයි"

"හැඳි නොගා හදන කිරි හොද්දෙනුයි නොගහා හදන ළමයාගෙනුයි වැඩක් නැහැ" මේ මත අද වෙද්දී කාලයත් සමඟම ඉකුත් වෙලා. දැන් දරුවෝ ගතානුගතික දණ්ඩනයෙන් හැදෙන්න සූදානමක් නැහැ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත්

2018/12/19 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.