ලොව ජයගන්නට දැන සිටිය යුතුම විෂයය ඉංගී‍්‍රසි

ඔක්තෝබර් 2, 2019

දරුවකුගේ අනාගත මඟ පැහැදිලි කරන, ඔවුන්ගේ ඉදිරි පැවැත්මට අඩිතාලමක් වන අධ්‍යාපන දිවියේ මුල්ම කඩඉම සා/පෙළ විභාගයයි.

එක් එක් විෂය ධාරාවන් අතර බොහෝ දරුවන් අපහසුතාවට පත්කරන, විභාග භිතිකාව ඇතිකරන විෂයය ඉංගී‍්‍රසි වීම එදා මෙන්ම අද ද පවතින තත්ත්වයකි.

ඉංගී‍්‍රසි විෂයයට දරුවන් මෙතරම් බියවන්නේ ඇයි? මෙය අමාරුම විෂයය බවට පත්වූයේ කෙසේ ද ? එය විදේශික භාෂාවක් වූ නිසා ද? ‘සිංහල’ නමැති විශේෂ භාෂාවක් හසුරුවන ලෝකයේ එකම ජාතිය අප වූ නිසාද? නමුත් ඉංගී‍්‍රසි භාෂාව බොහෝ කලක පටන් අපට ආගන්තුක නොවන බව අප හොඳින්ම දන්නා කරුණකි. ඉංගී‍්‍රසීන්ගේ ආක්‍රමණයත් සමඟ මෙරටට දායාද වුණු ඉංගී‍්‍රසි භාෂාව එතැන් සිට අප අතර ඉක්මනින් ප්‍රචලිත විය. විදේශිකයන්ටත් වඩා පැහැදිලිව මෙන්ම සරලව ඉංගී‍්‍රසි බස හැසිරවීමට අප දක්ෂ වූ බව අතීතය අධ්‍යයනයේ දී අපට හොඳින්ම පැහැදිලි වන කරුණකි. එමෙන්ම පුරුදු නුපුරුදු ඕනෑම දෙයක් ක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ අපූරු හැකියාවක් ද අප සතුය.

ඉංගී‍්‍රසි විෂයයක් ලෙසින් විෂය නිර්දේශයට එක්කරන්න ඇත්තේ එය නිවැරැදිව, ක්‍රමානුකූලව කුඩා කල සිටම දරුවන්ට පුහුණුවක් ලබාදිය යුතු නිසාවෙනි. ඉංගී‍්‍රසි කතා කිරීමේ හැකියාව ආභාසයෙන් හෝ භාවිත කරන්නන් සමඟ ගැවසීමෙන් වුවද පුරුදු විය හැකිය. නමුත් ලිවීමේ දී උක්ත, ආඛ්‍යාත ගළපා නිවැරැදිව වාක්‍ය ගැළපීමට මනා පුහුණුවක් ලැබිය යුතුය. එය නිවැරැදිව වටහා ගත්තේ නම් ඉංගී‍්‍රසි භාෂාව පහසුම විෂයය වනු නොඅනුමානයි. මෙය හොඳින් ග්‍රහණය කරගතහොත් ලෝකයේ ඕනෑම රටක් සමඟ පහසුවෙන්ම ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ. වර්තමානය වනවිට ඉංගී‍්‍රසි භාෂාව නැතුවම බැරි තත්ත්වයට පත්වී ඇත. ඒ නිසා ලොව ජයගන්නට නම් ඉංගී‍්‍රසි භීතිකාව තුරන් කරගත යුතුමයි.

සා/පෙළ විභාගයට මාස තුනකටත් අඩු කාලයක් පවතින මෙවන් මොහොතක දරුවන් බියෙන් පසුවන, අමාරුම විෂයය යැයි නම් දරා ඇති ඉංගී‍්‍රසි විෂයය පහසුවෙන් ජයගන්න දැන සිටිය යුතු කරුණු කිහිපයක් ගැන දරුවන් දැනුවත් කිරීමටයි මේ උත්සාහය.

මේවා ගැන දැනුවත් වීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

උපදෙස් -

සියනෑ ජාතික අධ්‍යාපන පීඨයේ

ඉංගී‍්‍රසි භාෂා කථිකාචාර්ය මෙරිල් පීරිස්

2019/10/02 තරුණි බලන්න