ඉක්මනින් හඳුනාගත යුතු ඔටිසම් දරුවන්

ඔක්තෝබර් 16, 2019

දරුවන්ට බාහිරින් සිදුවන සීරීමක් වැනි සුළු වෙනසක් පවා මාපියන්ගේ සිත් රිදවන කාරණයකි. එහෙත් බාහිරින් නොපෙනෙන ස්නායු ආබාධ මානසික ගැටලු ගුරුදෙගුරුන් විසින් නිසි කල හඳුනා නොගැනීම නිසා දරුවන්ගේ ජීවිත අඳුරුවන අවස්ථාවන්ට උදාහරණ කොතෙකුත් තිබේ.

විශේෂයෙන් මාපියන් යාන්ත්‍රික ජීවිත ගත කරන කාලයක මෙවන් රෝගයක් හඳුනා ගැනීමට ලැබෙන ඉඩකඩ අන් කවර කාලයකටත් වඩා අඩුය. ඔටිසම් එසේ බොහෝ මාපිය ගුªරුවරුන් පමාවී හඳුනා ගන්නා රෝගයකි.දරුවන්ගේ කතාව ප්‍රමාද වීම, තමන්ගේ ලෝකයකම තනිවීම වැනි ලක්ෂණ ග්‍රහ අපල, භූත බලවේග නිසා සිදුවන බවට ඇති මිථ්‍යා මත ප්‍රතිකාර පමා කරන තවත් හේතුවකි. අශ්වයා පළාගියාට පසු ඉස්තාලය වැසීමෙන් ප්‍රයෝජනයක් නැතුවාක් මෙන් පමාවී ඔටිසම් හඳුනා ගැනීමෙන් ද ලබා දිය හැකි ප්‍රතිකාර සීමා සහිත වෙයි.

ඔටිසම් ලෝකයේ දිනෙන් දින ඉහළ යමින් පවතින රෝග තත්ත්වයකි. ලෝකයේ සෑම දරුවන් 160 දෙනකුගෙන් එක් අයකුම ඔටිසම් තත්ත්වයෙන් පීඩා විඳියි. අපේ රටේ දරුවන් 93 දෙනකුගෙන් එක් අයකු ඔටිසම් තත්ත්වයෙන් පීඩා විඳින බව වසර 2010දී කොළඹ දිස්ත්‍රික්කයේ කළ සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ.

ඔටිසම්, දරුවන්ගේ ස්නායු වර්ධනයේ වෙනස් වීමක් නිසා හට ගන්නා තත්ත්වයක් වන අතර මේ තත්ත්වය දරුවාගේ සන්නිවේදනයට සමාජ සම්බන්ධතාවලට හැසිරීමට බලපාන නිසා අන් දරුවන් අතරින් අසාමාන්‍ය ලෙස කැපී පෙනෙන්නේ මාපියන් ද අසහනකාරී මානසිකත්වයකට පත්කරමිනි.

උපදෙස් - කොළඹ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා සහ නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය

යසෝධා රෝහණචන්ද්‍ර

 

 

2019/10/16 තරුණි බලන්න