ICT විශිෂ්ටයෙක් වෙමු

නොවැම්බර් 6, 2019

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙසින් සා/පෙළ විෂයය මාලාවට එක් කිරීම කෙතරම් කාලෝචිතදැයි හැඟෙන්නේ වත්මන් සමාජය නවීන තාක්ෂණය ඇසුරු කරන අයුරු දැකීමෙනි.

මොහොතින් මොහොත වෙනස් වන ලෝකයත් සමඟ ගනුදෙනු කරන්නට හැකි භාෂාව නොදැන නව ලොව ජයගන්නට කොහෙත්ම පුළුවන් කමක් නැත. එය ක්ෂණිකව උගත හැකි දෙයක් ද නොවේ. මුල සිටම අධ්‍යයනය නොකළහොත් සංකීර්ණ තාක්ෂණික ක්‍රම, සන්නිවේදන ක්‍රම පරිහරණය කිරීමේ දී දරුවන් අපහසුතාවට පත්වීම අනිවාර්යයෙන් සිදුවන්නකි.

දැන් දැන් තාක්ෂණික විෂයයන් කෙරෙහි දරුවන් නැඹුරුවන ප්‍රවණතාවය ඉහළ යමින් පවතී. පරිගණක තාක්ෂණය මෙන්ම, ශීඝ්‍රයෙන් සමාජගත වන මොබයිල් ෆෝන් ආශි‍්‍රත ක්‍රියාකාරකම් සිදුවන්නේ නවීන තාක්ෂණයේ ඥානයෙනි. පිරිමි දරුවන් ඒ කෙරෙහි විශේෂ දක්ෂතාවක් දක්වන අතරම දැන් දැන් ගැහැනු දරුවන් ද ඒ කෙරෙහි යොමුවීමේ ප්‍රතිශතය ඉහළ යමින් පවතී. කොහේ ගියත්, මොනව කළත් දැන් තාක්ෂණය අපට ඉදිරියෙනි. ඒ හා ගනුදෙනු කරන්නට තාක්ෂණික දැනුම නැතුවම බැරිය. .

දරුවන්ට සා/පෙළ විෂයයක් ලෙස ජයගන්නවා මෙන්ම ලෝකය සමඟ ඉදිරියට යන්න මෙම දැනුම නැතුවම බැහැ. එනිසාම අද අප දරුවන් දැනුවත් කරන්නේ ධ්ඛ්ඊ සම්බන්ධවයි. මෙය ප්‍රායෝගික විෂයයක් නිසා දරුවන්ට හොඳින් මතකයේ රැඳේ. මේ වනවිටත් සා/පෙළට මුහුණ දෙන ආදරණීය දුපුතුන් මේ විෂයය ධාරාව ගැන හොඳ දැනුමක් ලබාගෙන ඇතුවාට සැකයක් නැහැ.

ICT විශිෂ්ටයෙක් වන්න මේ ගැනත් දැනුවත් වන්න.

* 10/11 වසරවල පාඩම් අධ්‍යයනය කර තිබීම ඔබට විභාගය පහසුවෙන්ම ජයගැනීමේ මඟකි. බොහෝ විට සා/පෙළ ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ මෙම වසරවල පාඩම් ආශි‍්‍රතවයි. මෙම වසර දෙකේම පාඩම්වලට එකසේ අවධානය යොමුකිරීමෙන් විශිෂ්ට සාමාර්ථයක් කරා යෑම ඔබට අපහසු නොවේ.

*බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ටම අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතුයි.

* එහිදී දරුවන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ දී ඇති උපදෙස් හොඳින් කියවීමයි. එහිදී එක් ප්‍රශ්නයකට පිළිතුරු 4 ක් ඇති බව ඔබ දන්නා කරුණකි. නිවැරැදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරන ලෙස මෙහිදී උපදෙස් දී ඇත. ක්ෂණිකව නිවැරැදි පිළිතුර යැයි සිතා මුල් පිළිතුරුවලින් එකක් තෝරාගත්ත ද එහි වඩාත්ම සුදුසු පිළිතුර 4 වැනි පිළිතුර වන අවස්ථා ඕනෑ තරම් ඇත. පිළිතුරු 4 ම කියවා වඩාත්ම සුදුසු පිළිතුර ලකුණු කිරීමට දරුවන් වගබලා ගත යුත්තේ එනිසායි.

* අනෙක් කරුණ වන්නේ සමහර දරුවන් පිළිතුරු පත්‍රයේ නිවැරැදි පිළිතුර පාට කරමින් සිටීමට කාලය වැය කරයි. මෙහිදී ඔබගේ කාලය නාස්ති වනවා මෙන්ම අවසන් මොහොතේ නිවැරැදි යැයි සනාථ වන පිළිතුරක් වුව ලකුණු කිරීමට ඇති අවස්ථාව අහිමි වේ.

* එමෙන්ම පිළිතුර නොදන්නවා කියා හිස් කොටු තබන්නත් එපා. ඔබ අහඹු ලෙස හෝ ලකුණු කරන පිළිතුර නිවැරැදි වන අවස්ථා ද නැතුවා නොවේ. ඉන් හිමි වන ලකුණ ඔබගේ සාමාර්ථයට ඍජුවම බලපානු ඇත.

* එලෙසින්ම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය කොටස් 10 කින් සමන්විත වන අතර අනිවාර්යයෙන්ම පිළිතුරු ලිවිය යුතුය.

* ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ගැටලු 6 න් 4කට පමණක් පිළිතුරු ලිවිය යුතුය. එහිදී ඔබට පහසු ප්‍රශ්න 4 ක් තෝරා ලිවීමේ අවස්ථාවක් ලැබේ.

මෙහිදී ප්‍රශ්න සියල්ලම ඉක්මනින් කියවා වඩාත්ම පහසු ප්‍රශ්න 4 තෝරාගත යුතුය.

* ගැටලු විසඳීමට ක්‍රමලේඛන ලිවීම මෙන්ම සරලව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට දැන සිටීම ද ඔබට පහසුවක් වේවි.

* ධ්ඛ්ඊ විෂයය හැදෑරීමේ විශේෂ වාසිය වන්නේ අනාගතයේ ධ්ඛ්ඊ ආශි‍්‍රත රැකියා කටයුතුවලට යොමු වීමටත් මනා පිටිවහලක් වීමයි. දරුවන්ගේ මනස දියුණු වීමට ද මෙය ඉවහල් වේ.

* අනෙක් විෂයයන්වල මෙන්ම ධ්ඛ්ඊ වලදීත් අවුරුදු 5 ක පමණ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා තිබීම ඔබට හොඳ පෙරහුරුවක් වේවි. අඩුම වශයෙන් අවුරුදු 3 ක වත් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා ඇත්නම් සා/පෙළ ඔබට එතරම් අපහසු නොවේ. අදාළ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයෙන් වුව බාගත කරගත හැකියි.

* ඒවායේ නිවැරැදිභාවය පරීක්ෂා කරගැනීම සඳහා ර්චපඬඪදඨ ඉජඩඥථඥ එක ද අන්තර්ජාලයෙන්ම බාගත කරගත හැකි වීම ඔබට පහසුවකි.

* තවත් විශේෂ කරුණක් ගැන දරුවන් දැනුවත් කළ යුතුමයි.

උපදෙස්

පරිගණක උපදේශක හා ග්‍රන්ථ කර්තෘ

ගා/හීනටිගල ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පරිගණක ආචාර්ය

කපිල සිරිවර්ධන

2019/11/06 තරුණි බලන්න