ඔබේ දරුවාටත් කියවීම, ලිවීම, ගණිතය විශාල ගැටලුවක් ද?

නොවැම්බර් 20, 2019

පුද්ගලයකුගේ ජීවිතයේ සුන්දරම විය ළමා විය හා ඒ හා බැඳුණු පාසල්විය ලෙස නම් කළ හැකිය. එය අද සමාජයේ පොදු පිළිගැනීමක් ලෙස හැඳීන්වුවද වරදක් නැත. එහෙත් එම සුන්දරත්වය සමාජයේ සෑම දරුවකුටම සමසේ අත්විඳීය හැකිද? මෙය වැඩිහිටියන් ලෙස අප හමුවේ ඇති ප්‍රශ්නයකි.

සමාජයේ දරුවන් ගත්කල ඔවුන් විවිධත්වයෙන් යුක්තය. එනම් කිසිදු දරුවකු එක හා සමාන නොවේ. සම වයසේ පසුවන, එකම පාසලේ එකම පන්ති කාමරයේ සිටින දරුවන් වුවද ඔවුනොවුන් ස්වාභාවික උරුමයෙන්

තවත් ළමයකුට වඩා වෙනස් වේ. අප එය පිළිගත්ත ද නොගත්ත ද සත්‍යය එයයි.

බොහෝ මවුපියෝ අන් දරුවන් හා තම දරුවා නිතර සන්සන්දනය කිරීමට තැත් කරති. එසේම බොහෝවිට සමවිය දරුවන් සමඟ, පන්ති කාමරයේ සගයන් සමඟ, ඥාති දරුවන් සමඟ, අසල්වැසි දරුවන් සමඟ තම දරුවා සන්සන්දනය කිරීමට අමතක නොකරති. නිතරම තම දරුවා අන් දරුවන් හා සමාන නොවන්නේ

ඇයි? එම දරුවන්ගේ තලයට හෝ ඊට වඩා උසස් මට්ටමක තම දරුවා සිටිය යුතුය යන මතය බොහෝ

මාපියන් තුළ පවතින ආකල්පයක් වේ.

නමුත් එම සෘණ ආකල්පයම ඔබේ දරුවාගේ ශක්තීන් විදහා දැක්වීමට හා ඉදිරි අනාගත

අභිවෘද්ධිය සඳහා එරෙහි විය හැකි බව ඔබ නොදැන සිටියා විය හැකිය. මේ පිළිබඳ තව දුරටත් සරල

උදාහරණයකින් මෙසේ දැක්විය හැකිය. බලන්න විටෙක මෙම වදන් පෙළ ඔබට ඉතා සමීප හෝ ඔබගේ මුවින් නිතරම

පිටවන වදන් පෙළක් නොවේද කියා?

‘‘බලන්න පුතා ඉස්සරහ ගෙදර කසුන්ට හැමදාම ගණිතයට ලකුණු 80 යි 90 යි. ඔයාට බැරිවුණා ලකුණු 30ට වඩා ගන්න”

‘‘ඔයාට අපි කිසි දේකින් අඩුවක් කරනවද පුතා?”

මෙම වදන් පෙළ මෙතරම් මෘදු මොළොක් නොවන බව ඔබ ද දන්නා කරුණකි.

 

ප්‍රියදර්ශනී හෙට්ටිගේ

කථිකාචාරිනී

විශේෂ අවශ්‍යතා අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

2019/11/20 තරුණි බලන්න