කො‍රෝනා ව්‍යසනයට මුහුණ දෙන අපට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

අප්‍රේල් 1, 2020

ඉතිහාසය පුරාම වරින් වර ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප ශ්‍රී ලංකාවේත් මෙවැනි ව්‍යසන වසංගත ඇති වී තිබෙනවා. එහිදී ලංකාවේ තදබල නියඟයක් ඇතිවී ජනතාව මෙන්ම රහතන් වහන්සේලා පවා අපවත් වූ අවස්ථාවන් ගැන සඳහන් වෙනවා.

ඊට පසුව රක්තාක්ෂ දමනය කියා සිරිසඟබෝ රජ සමයේ දී ඇස් රතුවී ඉදිමී දරුණු ඇස් රෝගයකින් ජනතාව මියගොස් තිබෙනවා. මේ හැම ව්‍යසනයක්ම කිසියම් කාලයකදී ඇතිවී නැතිවී තිබෙනවා. මෙය දිගින් දිගටම යන්නෙ නෑ. වසංගතය හෝ සාගතය තිබෙන කාලයේදී ප්‍රශ්න ගෙන දෙන්නෙ කෙටි කාලයක්ද දිගු කාලයක්ද කියන එක අපි හිතන්න ඕනෑ. ඇති වෙලා නැතිවෙලා යනවා දිගටම පවතින්නෙ නෑ. මීට කලිනුත් මෙවැනි රෝග ගැන අපි අහල තිබෙනවා. බණ දහම් පොත් වලත් තිබෙනවා. අවිවාතක රෝගය කියා ඉන්දියාවෙන් පැමිණි රෝගයක් ගැන සඳහන් වන අතර එය බෝවීමෙන් වැළඳුණු විට මිය යනවාමයි. අප රටේ මිනිසුන් පවුල් පිටින් ගම්බිම් අතහැර ගොස් තිබෙනවා. එයින් අපට පැහැදිලි වන්නේ වසංගත කියන්නෙ අලුත් දෙයක් නොවන බවයි. එහෙම දෙයක් ලෝකයේ ඇති වී තිබෙනවා. අද අපට මුහුණ දීමට සිදු වී ඇත්තේද මෙවැනි අවස්ථාවකටයි. එය එදා සුව වුණා වාගේම මෙම රෝගයත් සුව වෙනවා. පළමු දෙය මෙය රැල්ලක් වාගෙයි. යට යනවා උඩ එනවා අටලෝ දහම කියන්නේ එයටයි. එයින් එක් අවස්ථාවකටයි අප මේ මුහුණ දී සිටින්නේ වාසනාවට අපට වාසි අවාසි දෙකම තිබෙනවා. ඕනෑවට වැඩියෙන් ප්‍රචාරය ලබා දීම අවාසි තත්ත්වයක්. බ්‍රේකින් නිවුස් දාලා කියනවා දැන් තවත් රෝගියෙක් හම්බ වුණා කියනවා. එයට බ්‍රේකින් නිවුස් දාන්න ඕනද? අප රටේ දැනට මියගොස් ඇත්තේ දෙදෙනෙක් පමණයි ඒ රෝගීන්ටද වෙනත් රෝග ගණනාවක් තිබෙන අය බව පැහැදිලියි. තමන්ගේ ප්‍රවේසම් වීම හා අන් අයට බෝවීම නැවැත්වීම ගැන අප කවුරුත් හිතට ගන්න ඕනෑ. අනවශ්‍ය බියක් ඇති කරගන්න හොඳ නෑ එසේ අනවශ්‍ය බියක් ඇති නොකර මෙයට රැකවරණ යොදා ගන්න පුළුවනි.

මෙවැනි ව්‍යසනයක් ඇතිවූ විටදි මානසිකව බෙලහීන බවක් ඇතිවෙනවා. මානසිකව පරාජයක් වූවා වගේ හිතට දැනෙනවා. මෙය තදබල ලෙස හිතට ගත් විටදී අප නොදැනුවත්වම රෝගී තත්ත්වයට පත්වෙන්න පුළුවනි. විශේෂයෙන් මනසින් දුර්වල අය මෙවැනි සිදුවීමකදී රෝගී වන්නට පුළුවනි. ඒ අය දන්නේ නෑ. මොකක් කරන්නද කියා අපේ මිනිස්සුන්ට රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි නාළිකා, මුහුණු පොත හැම එකකින්ම නොකඩවා ලැබෙන ප්‍රචාරයට කලබල වී මුළු කඩේම බඩු ටික ගෙනැවිත් ගොඩගහගන්නවා. හැම විටම බලා ඉන්නවා හෙට වන විට තවත් මරණයක් ආරංචි වෙයිද කියා අනවශ්‍ය බියක් ඇතිකර ගන්නවා. මේ අනවශ්‍ය බිය යටි හිතේ රෝපණය වෙනවා එය ඇති වූ විටදි දවසින් දෙකකින් කෙළවර වන්නේ නෑ. මාස ගණන් අවුරුදු ගණන් තිබෙන්නට පුළුවනි. අපි අවුරුදු 30 ක් යුද්ධයකට ගියානේ. දැන් යුද්ධය අවසන් වෙලත් අවුරුදු 10 ක් පමණ වෙනවා අද වෙනතුරු සමහර මිනිස්සුන්ගේ යටිහිතේ එම යුද්ධයේ ඇති වූ බිය රැඳී තිබෙනවා. ඒ නිසයි ඔය තරම් බිය වන්නේ. අප නොදැනුවත්වම බියක් යටිහිතේ තිබෙන නිසා හැම ව්‍යසනයකදීම මෙතරම් භයක් දක්වනවා. මේ සිද්ධියත් එලෙස සිදු වීමට ඉඩ තිබෙනවා. හැම විටකදීම අප හිතාගෙන සිටින්නේ අනතුරක් වේවී කියා. එවැනි සිතුවිලි මනසට දිගින් දිගටම එන විටදී ලෙඩ වෙන්න පුළුවනි. ඉතාම වැදගත් වනුයේ මෙම යථාතත්වයට මුහුණ දීමයි. මෙයට මුහුණ දෙන ක්‍රමය සොයාගන්නට ඕනෑ.

ඒ සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න බාහිරව තිබෙන බාධක වළක්වාලීමයි. පිට රටින් පැමිණෙන රෝගීන් අඩුකර ගැනීම, දෙවැන්න ඒ සඳහා ආරක්ෂක වැටක් බැඳීමයි.

ඈත අතීතයේ සිටම පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග අප රටේ තිබෙනවා. ඒවාට දෙවියන්ගේ ලෙඩ කියා කියනවා එම රෝග වෛරසයක් නිසා හට ගන්නවා. දින 14-20 අතර එය වැලඳුණු රෝගියා තනිකර තබනවා. ඒ ක්‍රියාවත් නිරෝධායනයක්. ගෙදර ඇතුළත කාමරයක තබාගෙන සාත්තු කරන්නේ කලින් එම රෝගය හැදුණු අයෙක්. එයාට ප්‍රතිශක්තිය තිබෙනවා. නැවත හැදෙන්නේ නැති බව හොදින් දැන සිටිනවා. එම රෝගියාට සැනසීමක් සැහැල්ලුවක් ලැබුණ විටදී හොඳවෙනවා ගොක් රැහැන් ඇද කොහොඹ අත්තක් එල්ලා පිට අයගේ පැමිණීම වලක්වනවා. ඒ රෝගීන්ට වෙනම ආහාර පන්තියක් නියම වෙනවා. උෂ්ණය නිවෙන්න සව්කැඳ, ඔසුපැන් දෙනවා පිඩාකාරී බව අඩු කරනවා. ඒ සුරක්ෂිතභාවය අදත් කොරෝනා වෛරසයටත් ලබා දෙනවා. මෙහිදී ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කිරීම සිදුවෙනවා. වෛරසයක් සමග සටන් කරන්න අප ශරීරය තුළම වෙනම යාන්ත්‍රණයක් තිබෙනවා. එසේ නොමැති වුණොත් සියලුම මිනිස්සු මැරෙන්න ඕනෑ පාරේ දැවන්ත බෝක්කු යට කුණු ගොඩවල් අසල ජීවත් වන කුඩා දරුවන් අප කොතෙකුත් දැක තිබෙනවාද? ඒ අයගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි නිසා විසබීජයක් ආවත් එය සමග සටන් කර පරදවන්න බලය තිබෙනවා. එම ශක්තිය දැන් මේ අවස්ථාවේදී වැඩි දියුණු කරගත යුතුයි. මෑත කාලයේදී ඒ ශක්තිය අවාසනාවට අඩු මට්ටමක තිබෙන්නේ. ඒ අප ගන්නා ආහාර ඉතාම දුර්වල ඒවා නිසාත් ඇවතුම් පැවතුම් නිවැරැදි නැති නිසාත්ය. එදා ගමේ තිබුණු ආහාර කොත්තමල්ලි, ඉඟුªරු, වෙනිවැල්ගැට මේ හැම දෙයක්ම අප ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන්න උදව් වෙනවා.

මේ වන විටදී කොරෝනා වෛරසයේ එක් යුගයක් අවසන් වී තිබෙනවා. එක දිගට වර්ධනය වෙනවා. ඊට පසුව එය ඉවත් වී යනවා. එය අනිත් අයට බෝවීම වැළැක්වුවහොත් අනිත් අයට බලපෑමක් ඇති නොවණ හොත් එය තව දුරටත් පවතින්නේ නැහැ. දින 14ක් ශරීරයේ තිබී රෝග තත්වය මතු වූ විටදී ප්‍රතිකාර දෙන්න සිදුවෙනවා. කොරෝනා වාහකයෙක් වන්නේ ශරීරයේ තියාගෙන සිටින අය සහ කොරෝනා වැලදී තිබෙන අයයි. දින 14 ක් බලන්නේ ශරීරයේ තිබේ දැයි කියා එසේ නොමැතිනම් එයාගෙන් ප්‍රශ්නයක් නැහැ කාන්තාවන් විශේෂයෙන් මේ දවස්වල හැමදාම කාර්යාලවල සේවයට ගිය අයට ගෙදර තමන්ගේ ළමයින් සමග කථාබහ කරමින් ළමයින්ට මග පෙන්වීම් කරන්නට පුළුවනි. පොත් පත්වල වැඩ කරදෙන්න පුළුවනි. අවුරුද්දට කවදත් ලැහැස්ති වෙන එක ගෙදොර පිරිසිදු කරගන්න පුළුවනි. එවිට හිතටත් සැහැල්ලුවක් දැනේවී එළවළු ටිකක් හැකි පමණින් වවන්න. එයට ළමයින්ද සම්බන්ධ කරගන්න. ගෙවතුවල එක පැළයක් එක දවසකට හිටෙව්වත් ඒවා ප්‍රයෝජනවත් වෙනවා.අපගේ ආහාර පද්ධතියට අනාගතයට ඒවා වුවමනා වේවි. කොරෝනා පහළට බසින අව ගමන රටාව අපට තව දින 14 හි ඒවා දෙකක් තබාගැනීමට හැකිනම් අනිවාර්යයෙන්ම ලංකාවෙන් කොරෝනා අවසන් වෙනවා. මේ වෙලාවේ තිබෙන හොඳම දේ තව දින 14 ක් අමාරුවෙන් හෝ ගත කිරීමයි. මෙය ජාතික වගකීමක්, ජාතියට උදවිවන ජාතික සුව සෙතට උදව් වන මම එවන් චරිතයක් ලෙස ආත්ම අභිමානයක් ඇති කර ගතහොත් කෙඳිරි ගාන ඒවා සියල්ල නතර වේවි.

අපි එක වේලක් දෙකක් අඩු වුණාම ඒ ගැන කම්පා වෙනවා. ඒත් ඔබ හිතලා බලන්න සුමාන ගණන් ආහාර නැතිව සිටින අය ලෝකයේ කොපමණ සිටිනවාද? අපි එහෙම හිතන්නට ඕනෑ. එක වේලක් වත් කෑම නැති ලක්ෂ ගණනක් මිනිසුන් සිටින ලෝකයේ අපි කෙටි කාලයක් ගත කරන්න බැහැ කියා සිටිනවා. ඉදිරි සති දෙක තුන ලෝකයටම නිවාඩුවක් දුන්නායැයි හිතාගෙන ලෝකයම අලුත් වෙලා තිබෙනවා. අපේ ශරීරයටත් මෙය අලුත් වෙන්න හොඳ අවස්ථාවක් ලෙස සෑම දෙනා විස්වාස කළහොත් ඔබට ඉතාම සැහැල්ලු නීරෝගි ජිවිතයක් ගතකිරීමට හැකිවේවි. එයට අපි සැම වගකීමෙන් ක්‍රියා කරමු.

 

මහාචාර්ය දයාරෝහණ අතුකෝරාළ

(ධනාත්මක චින්තන දේශක හා ලේඛක)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.