ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු

මැයි 6, 2020

කාර්‍යබහුල දිවියේ අපි හැමෝම තරගකාරී වුණා. සමහරුන්ට විවේකයක් ගැන හිතා ගන්නත් බැරි වුණා. මාරන්තික රෝගයක් අපේ ජීවිත් අතරට ඇවිත් අපි හැමෝගෙම ජීවිත් වෙනස් කළා. ඒ නිසාම හිතපු නැති වෙලාවක අපිට හිතාගන්නත් බැරි විවේකයක් උරුම වෙලා.

ගෙවල් ඇතුළෙ හිර වෙලා වුණත් මේ විවේකය අපිට ලැබුණු තවත් එක් වටිනා කාලයක්. සොබාදම අලුතින් ප්‍රතිසංස්කරණය වෙලා. ඇත්තටම මේ කාලයෙන් ගෙදර ඉඳගෙනම වුණත් හිතපු නැති ප්‍රතිලාභ අත්කර ගන්න පුළුවන්. ආහාර ගැටලුවට විසඳුම් හොයන්න හුඟාක් දෙනෙක් ගෙවතු වගාවට යොමු වෙලා. ඒත් හැමෝම මේ දේ කරන්නෙ නෑ. හැමෝටම මේ දේවල් කරන්නත් බැහැ.

විශේෂයෙන් ම අපේ දූදරුවෝ. ඒ වගේම රැකියා කරන අයත් ඉන්නවා. එහෙත් මේ ගැමෝටම මේ කාලයෙන් වටිනාකමක් ජීවිතයට එකතුකර ගන්න පුළුවන්. මුළු ලෝකයම කොරෝනා අවදානමේ නිසා ලෝකයේ ජනප්‍රිය අධ්‍යාපන ආයතන තම පාඨමාලා ගෙදර ඉඳගෙනම නොමිලයේ හදාරන්න අවස්ථාව දැන් ලෝකවාසීනට උදාකරදී තිබෙනවා. මෙයින් අපේ රටේ කාන්තාවන්ට, පිරිමි අයට වගේම අපේ දරුවන්ටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අධ්‍යාපනය පමණක් නෙමෙයි ඔන් ලයින් පොත් කියවීමේ අවස්ථාවත් උදාකර දී තිබෙනවා.

Stay home. Skill up  කියන තේමාව පදනම් කරගෙන සිදුකෙරෙන මෙයින් ඔබේ ජීවිතයටත් විටිනාකමක් ලබා ගන්න.

ඔකස්පර්ඩ්, හාවාර්ඩ් වගේ ජනප්‍රිය අධ්‍යාපන ආයතන ගෙන එන මෙවැනි වෙබ් අඩවි කිහිපයකි මේ.

https://www.edx.org
http://www.oxfordhomestudy.com
www.educationsaveslives.org
https://wwwfuturelearn.com
https://online-learning.harvard.edu
www.alison.com/free-courses
www.openculture.com
https://www.classcrntral.com


මෙවැනි බොහොමයක් වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙම පාඨමාලා හොයාගන්න පහසුයි. අන්‍තර්ජාලයට පිවිස free online courses  කියලා ටයිප් කළාම මේ වගේ බොහොමයක් ආයතන ඔබට සොයාගත හැකියි.

හාවාර්ඩ් විශ්වවිද්‍යාල ආයතනයෙන් පරිගණක ක්‍රීඩා සංවර්ධනය, වෙබ් ප්‍රෝග්‍රෑම්, මොබයිල් ඇප් සංවර්ධනය, පරිගණක විද්‍යාව, ආගම්, කලා ආදී බොහොමයක් හදාරන්න අවස්ථාව උදාකර දී තිබෙනවා.

www.alison.com/free-courses  කියන වෙබ් අඩවියට පිවිසුණු විට IT පාඨමාලා, බිස්නස් පාඨමාලා, භාෂා පාඨමාලා, health පාඨමාලා, විද්‍යා පාඨමාලා, අලෙවිකරණ පාඨමාලා, ගණිත පාඨමාලා, ලයිෆ්ස්ටයිල් පාඨමාලා ආදී පාඨමාලා රැසක් හදාරන්න පුළුවන්. මේ මූලික පාඨමාලා යටතේ තවත් අනු පාඨමාලා රැසක් ම තියෙනවා.

IT පාඨමාලා අතර මොබයිල් ඇප්ස්, සොෆ්ට්වෙයාර් ටෝල්ස්, නෙට්වර්ක් ඇන්ඩ් සික්‍යුරිටි, IT ස්කිල්ස්, සොෆ්ට්වෙයාර් ඉංජිනියරිං, ඩේටා සයන්ස්, හාඩ්වෙයාර්, ගේම් ඩිවලොප්මන්ට්, සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට්, IT මැනේජ්මන්ට් වගේ පාඨමාලා තියෙනවා.

බිස්නස් කොටස යටතේ ව්‍යාපෘති කළමනාකරණය, මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, සංචාර හා සත්කාර සේවා, සංනිවේදනය, විකුණුම්, ඊ විකුණුම් වගේ ඒවා අන්තර්ගතයි.

භාෂා කොටස යටතේ ඉංග්‍රීසි , ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, චීන, ජපන් වගේ භාෂා තියෙනවා.

කොටස යටතේ යෝග, ව්‍යායාම, පෝෂණය. මනෝ විද්‍යාව වගේ දේවල් ඇතුළත්.

Humanities කියන පාඨමාලා අතරේ අධ්‍යාපන, ආර්ථික, ඉතිහාසය, දේශපාලනය, භූගෝලය, නීතිය, ජනමාධ්‍ය පාඨමාලා තිබෙනවා.

විද්‍යා පාඨමාලා අතරේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනියරිං වගේ පාඨමාලා තියෙනවා.

අලෙවිකරණ පාඨමාලා අතරේ සමාජ මාධ්‍ය අලෙවිකරණය, අලෙවි කළමනාකරණය, විද්‍යුත් අලෙවිකරණය, මහජන සම්බන්ධතා වැනි කොටස් තියෙනවා.

ලයිෆ්ස්ටයිල් පාඨමාලා අතරේ සංගීතය, සාහිත්‍ය, ඡායාරූපකරණය, චිත්‍ර සහ අත්කම් වගේ පාඨමාලා සොයාගත හැකියි.

මේ විදියට ඔබට ගැළපෙන ඔබ කැමැති පාඨමාලාවක් තෝරාගෙන ලියාපදිංචි වෙලා හදාරන්න පුළුවන්. මේ පාඨමාලා සති 3, 4, මාසය, මාස දෙක,මාස තුන වගේ කාල පරාසයන් යටතේ තිබෙනවා. අදාළ වෙබ් අඩවියට පිවිස එහි ඔබේ තොරතුරු අන්තර්ගත ගිණුමක් ආරම්භ කරලා ලියාපදිංචි විය යුතුයි. ඊට පස්සෙ ඔබේ ඊමේල් එක හෙවත් විද්‍යුත් ලිපිනය හරහා අදාළ තොරතුරු හුවමාරු වෙනවා.

මේ විදියට පාඨමාලා හදාරන අතර පොත් කියවන්නත් ලෝකෙ ජනප්‍රිය පුස්තකාල මඟින් අවස්ථාව උදාකර දී තිබෙනවා.

 

https://www.cambridge.org/core-what-we-publish  වෙබ් අඩවියෙන් අධ්‍යාපන පොත් වගේම සාහිත්‍ය පොත් කියවන්න අවස්ථාව තිබෙනවා.

 

තොරතුරු අන්තර්ජාලයෙනි