මවුපියන් සමඟ කුඩා දරුවන් එකට නිදා ගැනීම සුදුසුද?

අගෝස්තු 5, 2020

කුඩා දරුවන් මවුපියන් සමඟ එකට නිදා ගැනීම සුදුසුයි ද ? එසේ මව සමඟ නිදා ගැනීමට හුරු වූ දරුවකු තනිව නිදාගැනීමට හුරු කළ යුත්තේ කුමන කාලයේදී ද?

 

ඉතාම කුඩා කිරි බොන වයසේ දරුවන් මවගේ උණුසුමත් සමඟ නිදා ගැනීම තුළින් දරුවාටත් මවටත් සෞඛ්‍යමය සහ මානසික වශයෙන් ප්‍රතිලාභ හිමිවේ.

  •  එසේම දරුවාගේ මනස වර්ධනයට මවගේ පියාගේ උණුසුම ද වැදගත් වෙයි.
  •  මේ නිසා හැකි වැඩිම වේලාවක් දරුවා රාත්‍රී නිදියන විට මවගේ හෝ පියාගේ උණුසුම ලබා ලබා දීම සුදුසුයි.
  •  නමුත් මෙය ප්‍රායෝගික නොවන අවස්ථාවල හා එදිනෙදා ජීවිත රටාවේ පහසුව තකා දරුවා වෙන්කර නිදිකරවීමට සිදු වෙයි.
  •  එසේම දරුවා යට වේ යැයි සිතේ නම් ඔබ තදින් නිදියන අවස්ථාවල දරුවා කොට් එකක හෝ කොට්ට වලින් වට කර තැබුවාට ගැටලුවක් නැත.

පෙරදිග හා අපරදිග සංස්කෘතිය හා දරුවන් නිදි කරවීම

 

බටහිර රටවල කුඩා කාලයේ සිටම දරුවන් මවුපියන්ගෙන් වෙන්කර නිදා ගැනීමට සලස්වයි. මේ නිසා දරුවන්ට වෙනම කාමරවල නිදා ගැනීමට සිදුවේ.

නමුත් අප රට වැනි පෙරදිග රටවල දරුවන් බොහෝ විට නිදියන්නේ මව සහ පියා සමඟයි. එසේම මවගේ උකුලේ නැළවෙන දරුවා නැළවිලි ගීත හරහා උත්තේජනය වෙයි. නැළවිලි ගීත මගිනුත් මවගෙන් ලබා දෙන ස්පර්ශය සහ රිද්මයානුකූල නැළවිල්ල මගිනුත් දරුවාට ජීවිතය, ආදරය, බැඳීම්, අධ්‍යාත්මය, සොබාදහම පිළිබඳව බොහෝ දේ උගන්වයි.

දරුවකු මවගේ පියාගේ තුරුල්ලේ සිටින්නේ ඔහු හෝ ඇය දරුවකු ලෙස සිටින කාල සීමාවේ පමණි.

මේ කාලයේ දරුවකුට මවගේ සහ පියාගේ ආදරය, උණුසුම තරම් දෙයක් ලොව නැත.

මේ නිසා දරුවන් මවට පියාට තුරුලු වී නිදා ගැනීම දරුවාගේ මානසික සංවර්ධනයට සේම පවුල තුළ වූ ආදරණීය බැඳීම ශක්තිමත් කිරීමට ද හේතු වේ.

බොහෝ බටහිර රටවල දැන් දැන් නවතම ප්‍රවණතාව දරුවන් මවුපියන් ළඟ නිදි කරවීමයි.

නමුත් සමහර විටෙක දරුවා මවුපියන් අසලම නිදි කරවීමට එරෙහි වන යම්කිසි ගැටලු පැවතිය හැකිය.

 

ඒවා නම් ,

 

* දරුවා ඉතා කුඩා කාලයේදී මවුපියන්ට ඉතා තදින් නින්ද යන අවස්ථාවල දරුවා සිරුරට යටවේ යැයි බිය

*මවුපියන් රැකියාවලට යාම හා එදිනෙදා කටයුතු සඳහා ඉතා උදෑසන ඇහැරීමට සිදු වන විට දරුවා ද ඇහැරෙනවා නම්

* මවුපියන් මත්පැන් මත්ද්‍රව්‍ය හෝ දුම්පානය දුම් පානය කරනවා නම්

* ඔබේ නිදි යහන ඔබට හොඳීන් නිදා ගැනීමට ඉඩ පහසුකම් නොමැති නම්

"අපේ මිස්" 

යූ ටියුබ් නාලිකාව
"අපේ මිස්"
ෆේස්බුක් සමූහය
babycare lanka
වෙත ලැබෙන අම්මලාගේ සිතේ දැවෙන ප්‍රශ්න අතුරින් අතිශය වැදගත් තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් තරුණී වෙතින් ඔබට තිළිණ වේ.

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.