මුහුණට ගැළපෙන හෙයාර් බන් විලාසිතා

ඔක්තෝබර් 21, 2020

ගමන් බිමන් යනකොට හැඩට යන්න අපේ ළඳුන් කොහොමත් උනන්දුයි. අඳීන ඇඳුම, පලඳීන ආභරණ, මේක්-අප් එක වගේම කොණ්ඩ මෝස්තරය ගැනත් හිතනවා.

ඒ නිසාම අපි බොහොම සරලව පහසුවෙන් ඔබට තනිවම දමාගත හැකි කොණ්ඩා මෝස්තර ඔබේ මුහුණ ට ගැළපෙන ලෙස සකසාගන්නා අයුරු පහදා දෙනවා. අද අපේ අවධානයට යොමු වන්නේ බන් කොණ්ඩා මෝස්තරයි.

ඔබ දන්නවා අපේ මුහුණේ හැඩය නම් කර ඇති ආකාර කිහිපයක් තිබෙන බව. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දී හැමවිටම මුහුණේ හැඩය මත සියලු රූපලාවණ්‍ය කටයුතු සිදු කෙරෙයි . ඇහි බැම සැකසීමේ දී ද මේක්අප් කිරීමේ දී ද කොණ්ඩය කැපීමේ දී ද කොණ්ඩා මොස්තරවල දී ද මුහුණෙ හැඩය මත සෑම දේම තීරණය කරනු ලබයි.

ඕවල් හැඩති මුහුණ යනු මුහුණු වර්ග අතරින් අලංකාරය ගෙන දෙන ලස්සනම මුහුණකි. ඒ නිසා අනිත් මුහුණුවල හැඩතල ඇති මුහුණ‍්‍ර සෑමවිටම ඕවල් හැඩති මුහුණක් බවට පත්කිරීමට රූපලාවණ්‍ය ශිල්පීන්/ශිල්පිනියන් උත්සාහ කරයි. අප මෙහි දක්වා ඇති රූප සටහන හොඳීන් නිරීක්ෂණය කර ඔබේ මුහුණේ හැඩය හඳුනාගන්න. මේ අනුව ඔබේ මුහුණට ගැළපෙන්නේ කුමන ආකාරයේ බන් කොණ්ඩා මෝස්තරයක් දැයි වටහාගත හැකියි

රවුම් මුහුණ

වට කුරු මුහුණේ හකු රේඛා වටකුරුව පිහිටා ඇත. මුහුණ සමාන දිග පළලකින් යුතුය. රූපයේ ආකාරයට ඉහළට කර ඩචඪප ඡභද එකක් රඳවාගන්න. හිස ඉදිරිපස ඡචජඬජධථඡ කර මඳක් උස් කරගන්න. එමඟින් මුහුණේ රවුම් ගතිය මඟහරවා සිහින් පියකරු බවක් මුහුණට ලබා දෙනවා. අයිෂ්වර්‍යා රායි ගේ මුහුණ රවුම් හැඩැති මුහුණකට උදාහරණයකි.

ඕවල් හැඩති මුහුණ

මෙම හැඩය වාසනාවන්ත මුහුණක හැඩයකි. එබැවින් ඕවල් හැඩැති මුහුණකට ඕනෙම කොණ්ඩ මෝස්තරයක් ගැළපෙයි. ඔබ වඩා කැමැති ආකාරයට බන් කොණ්ඩා මෝස්තරයක් දැමිය හැකියි. එය හිස මුදුනින් දැම්මත් ලස්සනය. බෙල්ලට වන්නට දැම්මත් ලස්සනය. සෝනම් කපූර් සතුව ඇත්තේ එවැනි ඕවල් හැඩැති මුහුණකි.

හතරැස් හැඩැති මුහුණ

නළල, කම්මුල්, හකු පළල සමාන හැඩයක් ගනු ලබන මුහුණකි. එමනිසා පැත්තකට කර දැමූ බන් කොණ්ඩ මොස්තර වඩාත් ගැළපෙනු ඇත. ඉහත රූපයෙන් ඔබට වටහා ගැනීම පහසු කරයි. අනුෂ්කා ෂර්මා සතුව ඇත්තේ හතරුස් මුහුණකි.

හාට් හැඩති මුහුණ

වඩා දිග නළලක් ඇති මුහුණකි. නිකට පටු වන අතර හැඩය හදවතක් බඳුයි. හිසට මඳක් මැදින් කොණ්ඩය ඡචජඬජධථඡ කරගන්න. මෙය නිකටට සමබරවන ලෙස සකස් කර ගන්න. ඒ වගේම හිස් මුදුනට නොගොස් මැද හරියෙන් පිටුපසට වෙන්න කොණ්ඩයට බන් එකක් සකස් කරගන්න (ථඪඤ ඩඥඪඨඩබ ඡභද) නැතිනම් ඔබේම කොණ්ඩයේ ගෙඩියක් සකසා ගන්න. එමඟින් මුහුණේ පහළ කොටසට මනා

 

 

පෙනුමක් ලැබෙයි. දීපිකා පදුකෝන්ට ඇත්තේ හදවත් හැඩැති මුහුණකි.

සෘජුකෝණාස්‍ර හැඩති මුහුණ

හතරැස් මුහුණ හැඩය ආකාරයමයි. වෙනස මුහුණේ දිගු බව වැඩිවීම පමණයි. එම නිසා සෘජුකෝණාස්‍ර හැඩයක් ගනී. බෙල්ලට කර කොණ්ඩය ගැට ගසා ගැනීමෙන් හෝ ඩචඪප ඡභද එකක් දැමීම කරගන්න. එවිට එය මුහුණට දැඩි උස බවක් එක් නොකර සම බරක් ගෙන දෙනු ඇත.

ඩයමන්ඩ් හැඩැති මුහුණ

ඔබට පුළුල් කම්බුල් සහ සාමාන්‍ය ප්‍රමාණයෙන් නිකටක් තිබේ නම් එය දුර්ලභ ඝනයේ මුහුණු හැඩතලයකි. එනම් දියමන්ති හැඩයේ මුහුණකි. කම්මුල් දෙපසින් මෙන්ම හිස ඉදිරියෙන් ද හොඳීන් පීරා පිටුපසට කොණ්ඩය ගැට ගසා ගන්න. තවද කණ දෙපසින් කෙටි කොණ්ඩ ගස් කිහිපයක් මුදා හැරීම ද අවශ්‍ය නම් කළ හැකියි. මලයිකා ඇරෝරා හට හිමි ඩයමන්ඩ් හැඩැති මුහුණකි.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/10/20 තරුණි බලන්න.