WhatsApp තුළින් පහසුවෙන් ලිපියක් type කරගනිමු

ජුනි 30, 2021

 

Online තාක්ෂණය වර්තමානයේ දී ඉතාමත් සුවිශේෂී අවස්ථාවන් රැසක් නිර්මාණය කර දී ඇත. එහිදී සෑම කාර්යයක්ම ඉතාමත් පහසුවෙන්, අවම කාලයක් තුළ සරලව සිදු කරගැනීමට ඉඩකඩ සැලසී තිබේ.

ඒ අතරින් smart phone භාවිතය තුළින් එම කටයුතු බොහොමයක් සරල කර දී ඇත. එහිදී අප භාවිතා කරන ඇප්ස් වර්ග බොහොමයක් ඒ සඳහා නිදසුන් වන අතර ඒ අතරින්ද වට්ස්ඇප් (WhatsApp) ලෝකයේ බහුලව භාවිත වන ඇප්ස් වර්ග වලින් ප්‍රමුඛ ඇප් එකක් ලෙස හඳුනාගත හැකිය.

අද වන විට බොහෝ දෙනා WhatsApp භාවිත කළ ද එහි තවමත් ඔබ නොදන්නා සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් තිබේ. අද මේ ලිපියෙන් කතා කරන්නේ WhatsApp මඟින් සිංහල මාධ්‍යයෙන් ලිපියක් type කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳවයි.

WhatsApp මඟින් අපි ලිපියක්, කිසියම් පණිවිඩයක් type කිරීමේදී keyboard එකෙන් සිංහල තෝරාගෙන එය සිදු කර ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. ඊට අමතරව තවත් ක්‍රම කිහිපයක්ම තිබේ. එහෙත් අනෙකුත් ක්‍රම වලට වඩා ඉතාමත් සරලව, පහසුවෙන් සාමාන්‍ය ලෙස සිංහලෙන් type කිරීම වෙනුවට voice type යොදා ලිපි type කිරීම ඉතාමත් පහසුම ක්‍රමයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. අවම කාලයක් තුළ නිවැරැදිව වචන උච්චාරණය කරමින් අපිට ඕනෑම පණිවිඩයක්, ලිපියක් සිංහල මාධ්‍යයෙන් type කර ගැනීමේ හැකියාව මෙහිදී සලසා ගත හැකිය. මේ සඳහා ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ අපගේ ජංගම දුරකතනයට සිංහල අකුරු හැසිරවිය හැකි ඇප් එකක් download කරගැනීමයි. ඒ සඳහා ඔබට හෙළකුරු ඇප් එක භාවිත කළ හැක.

දැනටමත් ඔබ හෙළකුරු app එක download කර තිබේ නම් මෙම ක්‍රියාවලිය ඉතාමත් පහසුවෙන් කර ගැනීමට ඉඩකඩ සලසා ගත හැකිය. අපට සිංහල මාධ්‍යයෙන් යම්කිසි පණිවිඩයක්, ලිපියක් WhatsApp account එක තුළ type කර ගැනීමේදී එම පණිවිඩය, ලිපිය ලබාදිය යුතු අදාල පාර්ශවය හෝ තමාට හිතවත්ම පාර්ශවයක් තෝරා ගැනීම අප මුලින්ම සිදු කළ යුතුය.

පසුව සාමාන්‍යයෙන් අපි එදිනෙදා යම් පණිවුඩයක් type කරන ආකාරයට එම ස්ථානයට ගොස් අපේ keyboard එකේ සිංහල type කිරීමට හැකි වන ආකාරයට සකසා ගත යුතුය.

එවිට ඔබට key board එක ඉහළ දකුණුපස කෙළවරට වන්නට දිස්වන වොයිස් ටයිපින් icon එක මඟින් අපට අවශ්‍ය දෑ සිංහල මාධ්‍යයෙන් වොයිස් ටයිපින් ආකාරය type කරගත හැකිය.

මෙහිදී අපි microphone එක on කර ගැනීමේදී එම අදාළ ස්ථානය අප touch කළ යුතු වන අතර පසුව mic icon එක on වීමේදී අපට රතු පැහැයෙන් දිස්වීම සහ එහි පසෙකින් start speaking යන්න දිස්වනු ඇත. එම අවස්ථාවේ දී අවශ්‍ය දෑ පැහැදිලි ලෙස උච්චාරණය කරමින් type කර ගැනීම ආරම්භ කිරීමට හැකිය. එවිට ඔබට තීරය තුළ අප ප්‍රකාශ කරනු ලබන දෑ auto type වන ආකාරය දැක බලා ගත හැකිය.

ඡේද බෙදා වෙන් කර ගැනීමේදී keyboard එකෙහි දකුණු පස පහළ කෙළවර ඊතලයක් මගින් දිස්වන icon එක අපට භාවිත කර ගැනීමට හැකිය. එමඟින් අපට අවශ්‍ය ආකාරයට ඡේද වෙන්කර ගත හැකිය. කොමාව (, ) පෙරළි කොමාව (") නැවතීමේ තිත (.) ආදිය යොදා ගැනීමේදී වම්පස පහළ කෙළවර පවතින icon එක භාවිතා කර ගනිමින් එම සංකේත අපට අපේ පණිවිඩය, ලිපිය සඳහා භාවිත කළ හැකිය.

එලෙස අපට අවශ්‍ය දේ voice typing දැමීමෙන් අනතුරුව, නැවත අපි අඩුපාඩු සැකසීම සඳහා ද sinhala keyboard එක ආධාරයෙන් සිදු කළ යුතුය.

එහිදී ලිපියෙහි හෝ අප විසින් type කරනු ලබන දෙයක මාතෘකාවත්, යම්කිසි වචනයක්, ඡේදයක් තද කළු අකුරින් highlight කර ගැනීමට, අප type කර ගැනීමෙන් අනතුරුව, නැවත එම අවශ්‍ය ස්ථානයට ගොස්, අවශ්‍ය වචනය, වාක්‍ය ,මාතෘකාව select කර (touch කරන්න) අනතුරුව එහි උඩින් දිස්වන cut , copy, paste, bold යන්නෙන් icon කිහිපයක් දිස්වනු ඇත. එහිදී අපි bold යන icon එක touch කිරීමෙන් පසුව අපිට අවශ්‍ය ආකාරයට ඕනෑම දෙයක් highlight කර ගත හැකිය.

එමෙන්ම අපිට වචන කිහිපයක්, ඡේදයක් ඉවත් කර ගත යුතුව පවතී නම් ඉහත ආකාරයටම අදාළ ස්ථානයට ගොස් එම වචනය හෝ ඡේද select කර cut යන icon එක හෝ keyboard එකෙහි delet icon එක ලබාදීම මගින් ඉවත් කරගත හැකිය.

ඒ අකාරයෙන්ම යම් කිසි දෙයක් copy කර ගැනීමට paste කර ගැනීමට ද ඉතාමත් පහසු ලෙස හා සරලව සිදුකර ගැනීමේ හැකියාව අපිට මේ තුළින් ලබා දී ඇත. පමණක් අවස්ථාවල දී අපට වචන, ඡේද, මාතෘකාවල අකුරු ඇළ (italic) කරගැනීමට අවශ්‍ය නම් ඒ ආදාල දෙය select කර කලින් ආකාරයෙන්ම ඉහළ බාර් එකේ කෙළවර icon එක touch කිරීම මගින් next level එකට ගොස් italic icon එක select කර ගැනීමෙන් අනතුරුව අපට අවශ්‍ය දෑ italic කරගැනීමේ හැකියාව ද automatically සිදුකර ගැනීමට හැකිවනු ඇත.

සම්පූර්ණයෙන්ම සකස් කරගත්, type කර ගත් ඕනෑම දෙයක්, ලිපියක්, පණිවුඩයක් නැවත එහි ව්‍යාකරණ දෝෂ, අඩුපාඩු පවතිනවාද යන්න හඳුනාගෙන keyboard එක තුළින් ම සකසා ගත හැකි අතර ඉහත ආකාරයට පියවරෙන් පියවර අනුගමනය කරමින් ඔබ ලිපියක්, පණිවුඩයක් ආදී ඕනෑම දෙයක් සිංහලෙන් type කර ගැනීමේ හැකියාව ඉතාමත් පහසුවෙන් හා සරලව අවම කාලයක් තුළ whatsapp මගින් සිදුකර ගැනීමට හැකිය. සිංහල මාධ්‍යයෙන් යම් කිසි ලිපියක්, යමකිසි පණිවිඩයක් type කර ගැනීම සඳහා මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ඔබේ කාලය සහ ශ්‍රමය අවම කාලයක් තුළ භාවිත කරමින් ඔබට අවශ්‍ය කාර්යය ඉතාමත් ඵලදායිව, කාර්යක්ෂමව සිදුකර ගත හැකිය.

 

 

 

 

උප‍ෙදස්- කථිකාචාර්ය

මංගල කීර්ති ද පැස්කුවල්

ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය