ලග්න පලාපල

අගෝස්තු 4, 2021

 

2021.08.04 සිට 2021.08.10 දක්වා

මේෂ ලග්නය

හදිසි ධන ලාභයක්

මේෂ ලග්නයට අනුව ඔබට මේ සතිය සුබයි. චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථානවල ගමන් කරමින් හදිසි ධනය දේපළ ඉඩකඩම් වාහන ඵල හා රැකියාගත අභිවෘද්ධිය උදා කෙරේ. තම සිතේ සතුට සමඟ තමා ළඟ සිටින සමීපතමයන් වෙතින් නොමසුරු සහය ලැබෙනු ඇත.

 

වෘෂභ ලග්නය

කලාකරුවන්ට සුබයි

වෘෂභ ලග්නයට අනුව ඔබට අන් සියලු ලග්න හිමියන්ට වඩා සතුටුදායක විය හැකි සතියකි. සිතට පැමිණෙන සුබවාදී ධනාත්මක සිතුවිලි ඉහළ නංවා ගනිමින් අනාගතයට ශක්තිමත් පසුබිමක් දමා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසේ. කලාකාමී අදහස් දරන දක්ෂයින්හට සිය කුසලතා සමාජගත කිරීමට හොඳම සතියකි.

 

මිථුන ලග්නය

 

දුර ගමන් නිසා උවදුරු

මිථුන ලග්නයට අනුව ඔබට මේ සතිය ආරම්භය අසතුටුදායක තත්ත්වයකි. හදිසියේ සිදුවන දුර බැහැර ගමන් නිසා උවදුරු පැමිණේ. සිතට එන ගැටලු සහගත ප්‍රශ්න නිසා තම අනාගතයේ සූදානම් කරගෙන ආ කටයුතුවලට බාධා පැමිණේ. සතිය මැදභාගයේ සිට සුබයි.

 

කටක ලග්නය

හදිසි ධන උරුමකම්

කටක ලග්නයට අනුව ඔබට හදිසි ප්‍රතිලාභ ගෙනෙනු ඇත. ඒ වෙනුවෙන් දුරබැහැර ගමන්ද යෙදෙනු ඇත. තමාගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු කීපයක් අමතක කොට රාජකාරි මට්ටමේ කාර්යයන් සඳහා කැප කිරීමට සිදුවේ.

සතිය අවසානයේ හදිසි ධන උරුමකම් සහිතයි.

 

සිංහ ලග්නය

ප්‍රධානීන්ගේ ප්‍රසාදය

සිංහ ලග්නයට අනුව තම රැකියාවට යහපත් කාලයකි. ප්‍රධානින්ගේ ප්‍රසාදයට ඇගයීමට ලක්වේ.

චන්ද්‍රයා 10, 11, 12, 01 යන ස්ථානවල ගමන් කිරීම නිසා සිතට ශක්තිය ඇතිවන අධිෂ්ඨානශීලි සතියකි.

පැරැණි දේ පිළිබඳව හාරා ඇවිස්සීමට පෙළඹෙන සතියකි.

 

කන්‍යා ලග්නය

ආගමික දේට මුල්තැන

 

කන්‍යා ලග්නයට අනුව ඔබට මේ සතියේ පුන්‍යවන්ත කටයුතු බහුලවෙයි.

නිවසේ ආගමික ස්වරූපයක් දරන කටයුත්තකට මුල්තැන ලැබේ.

හදිසියේ ඔබවෙත පැවරෙන කටයුතු නිසා වරප්‍රසාද මුදල් ලැබෙන ගෞරවණීය භාවයට පත්වන සතියකි.

 

තුලා ලග්නය

කනගාටුදායක ආරංචි

තුලා ලග්නයට අනුව මේ සතිය සමබර ජීවිතයකට පසුබිම වැටේ. දුක සැප දෙක සමබර වේ. ආදායම් සරුවේ. චන්ද්‍රයා 08, 09, 10, 11

යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ඇරඹුම කනගාටුදායක සිද්ධි අසන්නට ලැබුණත් සතිය මැද භාගයේ සිට සුබයි.

 

වෘෂ්චික ලග්නය

මංගල සීනු හැඬවේ

වෘෂ්චික ලග්නයට අනුව මේ සතිය ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථාන පසුකර යාම ගෘහ ජීවිතයට නව ශක්තියක් ලැබෙන සතියකි. අවිවාහක අයට මංගල සීනු හැඬවෙනු ඇත. තරුණ තරුණියන් අතර සුහදත්වය, අනාගත සැලසුම් පිළිබඳ ශක්තිය එකිනෙකා අතර ඇතිවනු ඇත.

 

ධනු ලග්නය

අධිෂ්ඨානය ඉහළ යයි

ධනු ලග්නයට අනුව තම ජීවිතයට නව අදහස් උදහස් එකතුවන සතියකි. ආර්ථික වශයෙන් ඉහළ යා හැකි නව ආදායම් මාර්ග උදාවනු ඇත. තම සමීපතමයින්ගෙන් ලැබෙන උසස් සහයෝගය නිසා ආත්ම ශක්තිය අධිෂ්ඨානය ඉහළ යනු ඇත.

 

මකර ලග්නය

නව ආදායම් මාර්ග

මකර ලග්නයට අනුව චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථාන පසුකර යාමේදී දරුඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත්ද, අවිවාහක අයට මංගල යෝගද උදාවේ.

විශේෂයෙන් අත්හැර දමා තිබූ ආදායම් මාර්ගයකට යළි නව මුහුණුවරක් ලැබී ජයගත හැකිවේ.

 

කුම්භ ලග්නය

නිවාස හා වහාන ලාභ

කුම්භ ලග්නයට අනුව ඔබට මේ සතිය සුබයි.

නිවාස ලාභ වාහන ලාභ නව ආදායම් මාර්ග පෑදෙන සතියකි. චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කරමින් මේ සතිය සතුට අභිවෘද්ධිය ඉහළ නැංවෙන සතියකි.

 

මීන ලග්නය

නව ක්‍රියාමාර්ග රැසකට යොමුවේ

මීන ලග්නයට අනුව මේ සතිය විශේෂයෙන් දේපළ ඉඩකඩම් හිමිකම හා තම ජීවිතයේ අලුත් අලුත් ක්‍රියාමාර්ග රැසකට තීන්දු තීරණ ගන්නා සතියකි.

පොදු කටයුතුවලට යොමු වන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ.

ඒ සඳහා අවශ්‍ය ධනය නිසි පරිදි ඔබට ලැබෙනු ඇත.

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි