තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 මාර්තු 14, අඟහරුවාදා 15:15

රස ගුණ දෙන කොත්තමල්ලි

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
අප හැමටම හොඳයි නංගි දේශීය ආහාර වට්ටෝරු සඳහා බොහෝ විට කුළු බඩු භාවිතයට ගැනෙයි. කුළුබඩු භාවිතයෙන් අපේ ඇත්තන් ආහාරයේ රසය වැඩි දියුණු කරගෙන ඇතිවා මෙන්ම ඉන් අපි කිසිසේත් නොසිතන සෞඛ්‍යමය වාසි ද ලබාගෙන ඇත.

 

පෙර විසූ අපේ නෑසියන්ට වඩා අද අපට බොහොමයක් සෞඛ්‍ය ගැටලු මතු වීමට මූලිකව ම හේතු වී ඇත්තේ ද අපේ ආහාර රටාව වෙනස් වීම නිසයි.

බටහිර පන්නයට අඳින පලඳින හැසිරෙන අප දැන් දැන් කන්නේ බොන්නේද බටහිර රටාවට අනුවයි. අපේ කුළු බඩු සොයා අපරදිග ඇත්තෝ එදා ලක්දිවට පැමිණි බව අපට අමතකව ගොස් ඇත. එබැවින් නැවතත් අපේ ආහාර රටාව නිවැරැදි දිසාවට හරවා ගැනීම සඳහා කුළු බඩු වර්ගවල ඇති ගුණාත්මක භාවය ගැන දැන ගැනීම අප හැමටම වැදගත් වේ.

අද සිට මේ පත් ඉරුවේ ඉඩ හසර වෙන් වන්නේ කුළුබඩු වර්ගවල ඇති ගුණය ගැන ඔබව දැනුවත් කිරීමටයි.

සංස්කෘත භාෂාවෙන් ධාන්‍යක, ධානක, සුගන්ධි වැනි නම්වලින් හඳුන්වන කොත්තමල්ලි ඉංගී‍්‍රසි භාෂාවෙන් ඛ්ධපඪචදඤඥප ලෙසින් හඳුන්වයි. විටමින් ඒ, කේ හා විටමින් සී අඩංගු කොත්තමල්ලි ලොව පුරා ම භාවිතයට ගත් පැරණිම කුළුබඩු විශේෂය ලෙසින් ද හැඳින්විය හැකිය. කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගුය.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව කහට, තිත්ත, කුළු, මධුර යන රස හතරෙන් යුතුය. වා, පිත්, සෙම් යන තුන්දොස් සමනයට ගුණදායකයි. ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැලඳෙන ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ සඳහාත් උදරාබාධ සඳහාත් මෙය ඖෂධයක් ලෙස භාවිත කෙරෙයි. සන්ධි වේදනා දුරු කිරීමටත් ඔස්ටියෝ ආතරයිටීස් රෝගීන්ටත් ගුණදායකය.

ආහාර රස ගැන්වීම මෙන්ම සුවඳවත් කිරීම සඳහා යොදා ගැනෙන තුනපහ සඳහා ගැනෙන මූලික කුළුබඩු වර්ගයක් ලෙස ද කොත්තමල්ලි යොදා ගැනේ. මෙහි ඇති ජීර්ණ පද්ධතිය උත්තේජනය කිරීම මඟින් ආහාර දිරවීමට අනුබල දීමේ ගුණය වඩා ප්‍රයෝජනවත් ය. මෙහි ඇට හෝ කුඩු පමණක් නොව කොත්තමල්ලි කොළ ද ආහාර රසවත් කිරීම පිණිස බටහිර රටවල පවා යොදා ගැනෙයි.

දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ සොයා ගැනීම්වලට අනුව ද කොත්තමල්ලිවල ගුණ බොහොමයකි. සමේ පවතින වියළි බව, දද, දිලීර ආසාදන ආදී රෝගාබාධ සුව කිරීමේ හැකියාවක් ද කොත්තමල්ලි සතුය. වකුගඩු නිසිලෙස ක්‍රියා නොකිරීමට හා වකුගඩු ඉදිමීම වැනි තත්ත්වයන්වල දී එම තත්ත්වය අඩු කිරීමට ද හැකියාව ඇත. රක්තහීනතාවට ද කොත්තමල්ලි ගුණදායකය. ඔක්කාරය, වමනය හා උදරාබාධ සඳහා මෙන්ම දියවැඩියා රෝගයෙන් සිදුවන පීඩාවන් අවම කිරීම සඳහා ද මේවා භාවිත කළ හැකියි.

ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙයි. සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විසබීජ ඇතිවීම වළක්වයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි සමත් ය. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද සමත් බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි.

අද තරුණ වියේ සිටම බොහෝ දෙනෙක් කොලෙස්ටරෝල් අධික වීමෙන් පීඩා විඳිනවා. එයට හේතුව වන්නේ අපේ නව ජීවන රටාවයි. එහෙත් කොත්තමල්ලි භාවිතයෙන් කොලෙස්ටරෝල් පිළිබඳ ගැටලුවෙන් ඔබට මිදෙන්නට පුළුවන්. ඒ, කොත්තමල්ලි නිසා රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් (ඹ්ච්ඹ්) ප්‍රතිශතය අඩුවීම හා හිතකර කොලෙස්ටරෝල් (ඩ්ච්ඹ්) මට්ටම වැඩි වීම නිසයි. තෙල් (මේදය) දියකිරීමේ හැකියාවක් ද කොත්තමල්ලි සතු නිසා ඔබේ සිරුරේ අනවශ්‍ය මේදය තැන්පත් වීම ද දුරු කරයි.

පිටතින් සිරුරට ලැබෙන විසබීජවලින් සිරුරට සිදුවන ආතතිය වැලැක්වීමට ද කොත්තමල්ලි සමත් වේ. එසේ වන්නේ සිරුර තුළ විසබීජවලට එරෙහිව සටන් කරන රසායනික වර්ග නවයක් ම කොත්තමල්ලි තුළ අන්තර්ගත වීම නිසයි. අක්මාවේ නිරෝගී බව උදෙසා ද කොත්තමල්ලි වැදගත් වේ.

රුව ගැන සිතන ඔබට කොත්තමල්ලි වඩාත් වැදගත් කුළුබඩු වර්ගයක් බව නොකියාම බැහැ. කොත්තමල්ලි බොහොමයක් ආසාදන තත්ත්වයන් දුරු කිරීමට සමත් ය. එමෙන්ම සමේ නිරෝගී බවට ද කොත්තමල්ලි ගුණදායක වේ.

අධික ලෙස කොත්තමල්ලි පානය කිරීමෙන් අක්මාවේ රෝග තත්ත්වයන් ඇති විය හැකි අතර සමේ සංවේදීතාව තීව්‍ර කරන නිසා හිරු එළියෙන් සමට වන හානි වැඩි විය හැකියි. කිරිදෙන හා ගර්භණී මවුවරු වැඩි වශයෙන් භාවිත කිරීම සුදුසු නැත.

  අන්තර්ජාලය ඇසුරිණි

278 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 14, අඟහරුවාදා 15:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න