තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 මාර්තු 20, සඳුදා 13:23

මනාලියක් වෙන්න ඉන්න තරුණියක් කරගත යුතුම.....“කර්මයක්”

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
දෑසමන් මලක් මෙන් පිපුණ දෝණිගෙ දෙකම්මුල්වල අතේ පයේ පුංචි හෝ කැළැලක් මතු වූවහොත් ඔබට එය කෙතරම් දුක්බරද? දෝණි උස් මහත් වෙලා යොවුන් වියට පා තැබුවහමත් මෙහෙම තිබුණොත් ඇය මානසිකව විඳවනවා.

 

බටහිර වෛද්‍ය විද්‍යාව, නවීන තාක්ෂණය, රූපලාවණ්‍ය නිෂ්පාදන කොයිතරම් බිහිවුණත් ඇතැම්විට අපේ යුවතියන් මේ කාරණාවේදි අසරණයි.

උඩරට රූබර සිරිය නොඅඩුව හිමි දේදුනු විසිතුන් හැවිරිදි යෞවනියක්. ඇය පසුගිය වසරේ අවුරුදු කුමාරි තරගයට ඉල්ලුම් කළා. තරගයට හරියටම මාස 06 යි. මූණ සහ ඇඟ පුරා රත් පැහැ බිබිලි හටගෙන “කාගෙ ඇස්වහක් කටවහක් ද මන්දා” ඇගේ මවත් සුසුම් හෙළන්නට වුණා. මේ අතරෙදි ඇය නොයෙක් ප්‍රතිකාර හා රූපලාවණ්‍ය ආලේපන ගණනාවකටම හොඳ මුදලක් වියදම් කරලයි හිටියේ. දැන් තරග වට ආරම්භ කරන බවට දැන්වූ ලියුමක් ඇගේ නිවෙසට ඇවිත්. අම්මා මේ විදිහට නම් මට අවුරුදු කුමාරි තරගයට යන්න බැහැ. ඇය දුක්මුසුවත් දැඩි කලකිරීමෙනුත් ප්‍රකාශ කළා.

ඇය ඉදිරිපත් වුවහොත් නිතරගයෙන්ම දිනන බව දැනගත් ඇගේ නැන්දණිය ඇයව ප්‍රතිකාර කිරීමට හැකිවේ දැයි බලන්න කටුගස්තොට නිරංජලා වෙද මැඳුරේ ආයුර්වේද වෛද්‍ය නිරංජලා වික්‍රමසිංහ වෙත ගෙන ගියා. මහත් පුදුමයකි. මාස 1 1/2 වගේ කාලයකදී ඇය නැවත පුරසඳ වගේ බැබළුණා. පසුගිය වසරේ අවුරුදු කුමාරි කිරුළ පැලැදි වාසනාවන්තිය වූයේත් ඇයයි.

කොරියා රටේ සේවය කළ ආදිත්‍ය මුහුණු පොත හරහායි සෞම්‍යාට පෙම් කළේ. ඇය පින්නේ පිපුණු නෙළුමක් වගේ. ඔහු විදෙස් ගතව සිටියත් දින ගැන්නේ ඇයව සැබැහින්ම දැකබලා ගැනීමටයි. කොහොම නමුත් දෙදෙනාගේම ආදර කතාව විවාහ වීමේ බලාපොරොත්තුව දක්වාම දුර ගියා. ඔහු මෙරට නැතත් දෙපාර්ශවයේ මාපියන් ගෙවල් දොරවල්වලට ගොස් නෑකම් ඇතිකර ගත්තේත් එබැවිනි. මේ අතර ආදිත්‍ය විවාහ මංගල්‍යයට තෙමසක් තියා ලංකාවට ආවා. සෞම්‍යා සැබැවින් දැක ඔහු හුඟාක් සතුටු වුණා. ආදර බස් තෙපළමින් ඔහු ඇගේ අත පිරිමැද්දා. දෙවියනේ මේ තරම් ගොරෝසු අතක්. පිරිමි අතකටත් වඩා ගොරෝසුයි. පළමු හමුවේදීම ඔහුට ඇය ගැන තිබූ සියුමැලි හැඟීම ගිලිහී ගියා. ඔහු ටිකෙන් ටික ඇයව මඟ හැරියා. හඬා වැටුණ ඇයට අවසාන මොහොතේදීයි සැබෑ කතාව දැනගන්නට ලැබුණේ. ඒ අනුව දෙදෙනාම මා වෙත ඇවිත් ඇගේ ගොරෝසු දෑත් සියුමැලි වීමට ප්‍රතිකාර ලබාගත්තා.

බලන්න, මේ විදිහට ඔබේ දෛවය, ඉරණම පුංචි දේකින් කණපිට පෙරළෙන්නට හැකියි. අද තරුණ තරුණියන් ආයුර්වේදය එතරම් ගණනකට ගන්නේ නැහැ. එහෙත් රුව ගුණ වඩවන දීර්ඝායුෂ ලැබෙන සුවය ලැබෙන්නේ හෙළ ඔසු හා ගනුදෙනුවෙනි.

අපේ යුවතියන්ට හම වියළීම, කොරපොතු ඒම, බිබිලි, කුෂ්ඨ , දද වගේම කුරුලෑ ඒම, සම අධික ඝනකමින් යුක්ත වීම ආදී නොයකුත් චර්ම රෝග මතුවන්නේ ඔවුන්ගේ ශරීරය අධික උෂ්ණ වීමෙනි. මගේ 17 වසරක වෙදකමේ බලමහිමයෙන් සහ අත්දැකීමෙන් ඒ බව කියන්න පුළුවන්. බොහෝවිට ඇතමුන් දන්නේ නැහැ හේතුව එය බව. මල බද්ධය, ගැස්ට්‍රයිටීස් (අමිල පිත්ත), ඇඟ උණු වී යාම, කුරුලෑ ලෙස වක්‍රාකාරව රෝග මතුවන්නේ මේ හේතුවෙනි.

සිරුරේ ඇති උෂ්ණත්වය පාලනය කිරීමට මුලින්ම කරන්නට ඕනේ ශෝධන කර්මය. එහිදී දින තුනක් පණු බෙහෙත් ලබා දී හතරවැනි දින ඇඟ විරේක කරනවා. එනම් අරළු පානය ලබා දීමයි. පස්වැනි දින පටන් ඇඟ නිවෙන්නට බෙහෙත් ලබාදෙනවා. චවික ආසවය, චන්දන උෂීර, මුද්දාදී කසාය, බඩ දැවිල්ල, අම්ල පිත්තය සුව කිරීමට ලබාදෙනවා.

ශතාවරී බෝප කන්‍යා දී කසාය ඇඟ ශුද්ධ වී යාම අක්‍රමවත් තරුණියන්ට ලබා දෙනවා. ඒ වගේම පුෂ්යානුග චූර්ණයත් ඒ සඳහා හොඳ සුවයක් ගෙනෙනවා. මේ සත්කාර කරගෙන යන අතරතුර නෙල්ලි, රසකිඳ තම්බා පානය කිරීම තේ පානය වෙනුවට පිපිඤ්ඤා, කැරට්, ගස්ලබු, තැඹිලි පානය කිරීමත් දිනකට වතුර ලීටර 6ක් පානය කිරීමත් කළ යුතුයි.

ඇත්තෙන්ම මේ දේවල් හරියටම කළොත් හම පැහැපත් වීමට ලස්සන වීමට මොළොක් සුසිනිඳු හමක් වෙනුවෙන් ඔබට ක්‍රීම් ආලේප කරන්නට ඕනෙම නැහැ.

ස්වභාවික ආයුර්වේද සත්කාරයට හුරු පුරුදු වුවහොත් අතුරු ආබාධ රහිත රූපශ්‍රීයක් ලබා ගන්නත් පුළුවන්.

මනාලියක් වීමට සූදානම් වන ඔබට ඇඟ පිරිසුදු කිරීමේ කර්මයක් තිබෙනවා.

එනම් සුදු හඳුන්, රත් හඳුන්, කොකුම් පොතු, අරළු, කස්තුරි කහ, වෙනිවැල් ගැට, වැල් මදට චූර්ණකර මී කිරි සමඟ ආලේප කිරිමයි. අනතුරුව සුදු හඳුන්, වෙනිවැල් ගැට, නික දලු, සැවැන්දරා එකට දමා තම්බා එම වාෂ්පය දහදිය දමනතුරු ඇඟට ඇල්ලිය යුතුයි. ඔබ නොසිතූ පරිදි ඔබේ සම පැහැයෙන් ඔප ගැන් වේ. පෙර කී සියලු චර්ම රෝග කිසිවක් හට නොගනී. ඔබ සැබැවින්ම නිරෝගී කාන්තිමත් කරවයි.

ඔබත් නිරංජලා වෙද නෝනාගෙන් උපදෙස් ගන්නේ නම්,

නිරංජලා වෙද මැඳුර නො. 461, නුවර පාර, කටුගස්තොට. ලිපිනය හෝ 0775886265 දුරකථන අංකය විවෘතව පවතී.

 

 

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

1495 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 20, සඳුදා 13:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න