තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අප්‍රේල් 19, බදාදා 08:57

ඇඟ හැඩකර ගන්න ඩයට් කරන එක මොන බොරු වැඩක් ද?

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
ඔ යා හරිම ලස්සනයි’ කාන්තාවක අහන්න ආශම කරන මිහිරි වදන් පෙළ එයයි. අපේ ළඳුන් කාට කොහොම කිව්වත් ඔවුන්ගේ හිත් කියන්නේ ලස්සන වෙන්නමයි. ඇත්තටම ලස්සන වෙන්න ඕනෙ නම් මේ කතාව ඔබ වෙනුවෙන්මයි.

 

 

අයිෂ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කරීනා කපූර් එහෙමත් නැත්නම් ඇන්ජලිනා ජොලී . . . ආදී නම් පෙළක්ම ලස්සන කාන්තාවන් කවුරුන් ද අහන ප්‍රශ්නෙට උත්තර ලෙස තියෙනවා.

ඒත් මේ හැමෝම එකිනෙකාට පේන විදිහටනේ ලස්සන. අමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විද්‍යාත්මකවම හැබෑම ලස්සන කාන්තාවක් ගැන කියනවා.

මෙහෙම කියන්නේ ලෝකයේ පළමු වතාවටයි. ඇය කෙලී බෲක්. රූපවාහිනී නිවේදිකාවක්, නිරූපිකාවක් මෙන්ම සිනමා නිළියක් ලෙස ද කෙලී ජනප්‍රියයි. එංලන්තයේ ඉපදී අමෙරිකාවේ පදිංචි වී හිඳින කෙලී ස්වාභාවිකවම ලස්සනයි කියලා මේ විද්‍යාඥයෝ කියන්නේ ඇයි කියලා අපි බලමු.

1979 නොවැම්බර් 23 වැනිදා උපත ලද කෙලීට දැන් අවුරුදු 37 ක්. කාන්තාවකගේ උසට සරිලන බරක් තියෙන්න ඕනෙ. හමේ පැහැය, දීප්තිය, හිසකෙස්වල ඝනත්වය, සිනහව වගේම පපුව, ඉණ සහ උකුළ මිම්ම ගැළපෙන්න ඕනෙ. එතකොට සෞම්‍ය බව . . . එහෙම බැලුවාම බොහොම නිරෝගී කෙනෙක් වෙන්නත් ඕනෙ.

ලෝකයේ බොහොම ජනප්‍රිය නිළියෝ ලස්සන වෙන්න සිරුරේ සමහර ස්ථානවලට මේදය එන්නත් කරගන්නවා, කෘත්‍රිම පියයුරු දාගන්නවා. ඒ විතරක් නෙමේ ප්ලාස්ටික් සැත්කම්වලත් අඩුවක් නැහැ.

ඒත් කෙලී මේ කිසි දෙයක් කරගෙන නැහැලු. ඒ නිසා ඇයගේ තියෙන්නේ ස්වාභාවික ලස්සනක්ලු. කෙලීගේ උස අඩි 5 යි අඟල් 6 යි. බර කිලෝ ග්‍රෑම් 66 යි. කොණ්ඩය තද දුඹුරු පාටයි.

ඇස් ළා දුඹුරු පාටයි. පපුව අඟල් 39 යි. ඉණ අඟල් 28 යි. උකුළ අඟල් 37 යි.

බ්‍රා (බ්‍රෙසියර්) සයිස් එක 34ඡ් ලු. පාදයට පලඳින්නෙ උඉ මෙෂර්මන්ට්වලින් 9 සයිස් එක. හම දීප්තිමත්ලු. සිනහව බොහොම සුන්දරයිලු.

ඉතින් මේ විදිහට කියන විද්‍යාඥයන් කියන්නේ කාන්තාවක් නම් කෙලී වගේ ඉන්න ඕනෙලු. එතකොට බොහොම සුන්දරයිලු.

කෙලී මේ විදිහට ලස්සන වුණේ කොහොමද?

ලස්සන වෙන්න ඇඟ අඩු කරගන්න කියලා අපේ ළඳුන් ඩයට් කරනවානේ.

ඒත් කෙලී කියන්නෙ ලස්සන වෙන්න ඇඟ හැඩ කරගන්න ඩයට් කරන එක වැඩකට නැති දෙයක් කියලායි.

"නිරෝගීව දිවි ගෙවන්න ශක්තිය ඕනෙ. මගේ මුලිකම අරමුණ තමයි හැමදාමත් ශක්ති සම්පන්නව නිරෝගීව දිවි ගෙවීම.

මම හොඳ පෝෂණීය ආහාර ගන්නෙ. හැමදේම අඩංගු මේ පෝෂණීය ආහාර රටාව මට ශක්තිය ලබා දෙනවා. ඒ වගේම හොඳට ව්‍යායාම් කරනවා. අපේ ජීවිතයට ව්‍යායාම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.

හැබැයි මේ ව්‍යායාම නිවැරැදි මාර්ගෝපදේශය සහිතව ලබා ගත යුතුයි.

තමන්ට හිතුමතේ ව්‍යායාම කරන්න ගිහින් නැති ලෙඩත් හැදෙන්න පුළුවන්. මගේ පෝෂණවේදියාගෙන් වගේම ව්‍යායාම උපදේශකගෙනුත් අවශ්‍ය උපදෙස් ලබාගන්නවා.

සීනි සහිත පැණි රස කෑම අඩුකරලා තියෙන්නේ. ඒ වගේ තමයි හොඳ සුවබර නින්දක් අවශ්‍යමයි. මම දිනකට පැය 8 - 10 ක් නිදාගන්නවා.

මේ නින්ද බොහොම සුවබර සැහැල්ලු නින්දක් වෙන්න ඕනෙ. පිරිසුදු වතුර බොනවා. පිපිඤ්ඤා ටොනික් නිතරම වගේ පානය කරනවා. පිහිනනවා.

පිහිනීම අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. බයිසිකල් පදිනවා. ලැබෙන අවස්ථාවලදී ගොඩක් දුර පයින් ඇවිදිනවා.

තැනට ගැළපෙන විදිහට අඳිනවා පලඳිනවා. මේක්-අප් පිළිබඳ සැලකිලිමත්.

දිගට තියෙන ඇහි බැමි තරුණ පෙනුමක් ගෙනදෙනවා. හැමවෙලේම ප්‍රබෝධයෙන් ඉන්නවා. මේවා තමයි මාව ලස්සන කරන රහස්...

ඔන්න එහෙම නම් ඔයාලටත් ඇත්තටම ලස්සන වෙන්න ඕනෙ නම් කෙලී බාෲක්ගේ ක්‍රමය සාර්ථක මාර්ගෝපදේශනයක් වේවි.

 

අන්තර් ජාලයෙනි

1269 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 19, බදාදා 08:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න