තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 13, අඟහරුවාදා 12:29

Night Cream ගැල්වීමෙන් සමට ලැබෙන වාසි විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
Day Cream ? Night Cream ද? ඔබ ඔබේ පෙනුම පිළිබඳ සැලකිලිමත් නම්, ඔබේ තේරීම මේ දෙකම විය යුතුයි

.

බොහෝමයක් කාන්තාවන් දහවල් කාලයේ භාවිත කරන Day Cream එකම Night Cream එක ලෙසත් භාවිත කරන අවස්ථා තිබෙනවා. නමුත් මේ දෙකෙහි කාර්යයන් එකිනෙකට වෙනස්. Day Cream  එකකින් බොහෝදුරට සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය ලබාදීමට අමතරව හිරුගෙන් එන අහිතකර කිරණවලින් සම ආරක්ෂා කිරීම ද සිදු වෙනවා. නමුත් Night Cream එකක් භාවිත කිරීමේ අරමුණ සහ Night Cream එකක කාර්යභාරය ඊට වඩා වෙනස්.

දහවල් කාලයේ විවිධ ශාරිරික කටයුතු සඳහා වෙහෙසවන ඔබේ ශරීර අවයව, සෛල, සම ඇතුළු සමස්ත ශරීරයම රාත්‍රී නින්ද අතරතුර විවේක කාලයක් ලබා ගන්නවා.

එම විවේකය අතරතුර හානි වූ සහ මැරුණු සෛල වෙනුවට නව සෛල ජනනය වීමද සිදු වෙනවා. මෙවැනි ක්‍රියාදාමයක් අතරතුර සමට අමතර පෝෂණයක් ලබාදීමට කටයුතු කිරීම, එම ක්‍රියාවලිය වඩාත් හොඳින් සිදුවීම සඳහා ලබාදෙන හොඳ උත්ප්‍රේරණයක් බවට පත් වෙනවා. සෛල වියපත්වීම අවම කරයි.

Night Cream  එකක් සමට ගැල්වීමෙන් මොකද වෙන්නේ?

හානි වූ සම නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර නව සෛල ජනනය වීමේ කාර්යය සඳහා ද උපකාර වෙයි.

අකලට සම වයස්ගත වන විට එම වයස්ගත වන සලකුණු සඟවා තැබීමට ස්වභාවයෙන්ම ඔබේ සමට පුදුම සහගත හැකියාවක් තිබෙනවා. Night Cream  එකක් භාවිත කිරීම මඟින් සම සතු එම හැකියාව වැඩි දියුණු කරන අතරම සම මතුපිට ඇති සෛල ද වියපත් වීම අවම කරයි. සම එල්ලා වැටීම නවතන අතර සමෙහි මනා රුධිර සංසරණයක් අඛණ්ඩව පවත්වාගෙන යයි.

Night Cream  එකක් තෝරාගන්නේ කොහොමද?

එක් එක් පුද්ගලයන්ගේ සමේ ස්වභාවය එකිනෙකට වෙනස් වන නිසා ඒ ඒ වෙනස් ස්වභාවයන් හඳුනා ගැනීමෙන් පසුවයි සමට සත්කාර කිරීම කළ යුත්තේ. එම නිසා රාත්‍රී සත්කාරය සඳහා Night Cream  එකක් තෝරා ගැනීමේදී ඔබේ සමේ ස්වභාවය කවරාකාර ද යන්න පිළිබඳ පූර්ව අවබෝධයක් ඔබ සතු විය යුතුයි.

සමේ ස්වභාවය ගැනත් හිතන්න වියළි සම

ඔබට ඇත්තේ වියළි සමක් නම් ඔබ තෝරාගන්නා Night Cream එක උපරිම වශයෙන් ඔබේ සමේ තෙතමනය සුරැකීමේ හැකියාවක් ඇති එකක් විය යුතු අතර ග්ලිසරින් අඩංගු Night Cream  එකක් වීම ඉතා හොඳයි.

තෙල් සහිත සම

ඔබ තෙල් සහිත සමක් ඇත්තෙක් නම් Night Cream  එකක් තෝරා ගැනීමේදී ඇක්නි සහ ඔබේ සමෙහි අසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර තෙල් අඩංගු නැති (Oil Free) ක්‍රීම් එකක් තෝරාගත යුතුයි.

සංවේදී සම

ඔබට ඇත්තේ සංවේදී සමක් නම් සුවඳ විලවුන් අධික ලෙස අන්තර්ගත නොවූ සහ සරල සම්මිශ්‍රණයක් සහිත Night Cream එකක් තෝරාගැනීම ඉතා සුදුසුයි.

 

අන්තර්ජාලය ඇසුරින්

563 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 13, අඟහරුවාදා 12:31
මේ යටතේ එන අනෙකුත් ලිපි: « ඔසෙත්මා සඳුන්මා »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න