තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ජූනි 19, සඳුදා 14:25

කොණ්ඩය ගැලවෙන්නේ ඔබ කරන වැරැදි නිසා ද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා
අගයන්න
(0 මනාප)
සුන්දර කෙස් කලඹක් කියන්නේ යුවතියකට සම්පතක්. නමුත් මේ වන විට බොහෝ යුවතියන් පීඩාවට පත්වෙන දෙයක් තමයි හිසකෙස් ගැලවී යාම, මේ අතරින් බොහෝ දෙනෙක් පවසන්නේ හිසකෙස් සෝදන විට වැඩි ප්‍රමාණයක් ගැල වී යන බවයි.

 

ඉතින් මෙයට ඔබ හිසකෙස් සේදීමේදී සිදුකරන වැරැදි ද බලපායි.

බොහෝ වේලාවක් හිසකෙස් සේදීම

ඔබ ස්නානය කරන අවස්ථාවලදී බොහෝ වේලාවක් හිසකෙස් සේදීම නොකළ යුතුයි. ඔබට තෙල් සහිත හිසකෙස් ඇත්නම්, හිස්හොරි ඇත්නම් පමණක් දිනපතා නෑම සුදුසු වේ.

දිනපතා ෂැම්පු කිරීම.

ඔබ දිනපතා හිසකෙස් සේදීම සිදුකරයි නම් දවසක් හැර දවසක් පමණක් ෂැම්පු භාවිතයට යොමුවන්න. දිනපතා ෂැම්පු භාවිතයෙන් ඔබේ හිස්කබල වියළි තත්ත්වයට පත්විය හැකියි.

හිස් කබල තදින් ඇතිල්ලීම

හිසකෙස් සේදීමේදී මෙන්ම ෂැම්පු කිරීමේදී ඔබ තදින් හිස් කබල ඇතිල්ලීම සිදු කරයි නම් වහාම එය නවතන්න. මෙයින් ඔබේ හිසකෙස්වලට හානි වී ගැල වී යා හැකියි.

උණු වතුරෙන් හිසකෙස් සේදීම

උණු වතුරෙන් ඔබේ හිසකෙස් සේදීම මඟින් ඔබේ හිසකෙස් මෙන්ම සම ද වියළී යා හැකියි. එම නිසා අවශ්‍ය අවස්ථාවලදී පමණක් මඳ උණුසුම් ජලයෙන් සෝදන්න.

තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීම

ඔබේ හිසකෙස් වියළා ගැනීමට තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීම සුදුසු නොවේ. එමඟින් තෙත හිසකෙස් ඉක්මනින් කැඩි යා හැකිය.

තෙත හිසකෙස් පීරීම

තෙත හිසකෙස් ඉක්මනින් කැඩී යා හැකි බැවින් පීරීම නොකළ යුතුයි. හිසකෙස් හොඳින් වියළා ගැනීමෙන් පසුව පීරන්න.

හිස් කබල ෂැම්පු කිරීම

ඔබ ෂැම්පු කිරීම ආරම්භ කරන්නේ හිස් කබලේ සිට ද? එසේ නම් එය වැරැදියි. සැමවිටම ඔබේ ගෙල මුලෙහි සිට ෂැම්පු කිරීම ආරම්භ කරන්න.

වියළි හිසකෙස් ෂැම්පු කිරීම

වියළි හිසකෙස් ෂැම්පු කිරීම නොකළ යුතුයි. හිසකෙස් සෝදාගත් පසුව ෂැම්පු කරන්න.

 අන්තර්ජාලය ඇසුරිනි

911 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 19, සඳුදා 14:28
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Keratin Hair Theraphy
අදහස් එක් කිරීමට ලොග් වෙන්න