තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:54

සිදු වූයේ විය යුත්තක් ද?

Written by 
අගයන්න
(1 මනාපය)
දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ සිටින මට සහෘද මාධ්‍යවේදියකු පෙන්වූ වීඩියෝවක් මනස වෙනස් කරලීමට සමත් විය. එය කුමක්වියහැකිදැයි ඔබට සිතේවි.. කිසිම අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් මෙවන් දසුනක් දැකීමට කිසිසේත්ම කැමැති නැත.

 

අවුරුදු 8-9 ක් පමණ වයසැති කෙසඟ සිරුරකින් යුතු කුඩා පිරිමි දරුවකුට තරුණ පිරිමියෙක් නොසෑහෙන සේ තඩිබායි.

එම හැඩි දැඩි පිරිමි අතින් පහර කෑමට අපහසු මේ කුඩා දරුවා උඩ පනිමින් දුවමින් කෑ ගසයි.

දරුවා උස්සා බිම අනින ඔහු පසුව බිම පෙරළාගෙන ද පහර දේ. රොක්ව සිටින පිරිස මෙය නරඹනවා මිස දරුවා බේරා ගැනීමට උත්සාහ දරන බවක් නම් නොපෙනිණ.

මේ දරුවා කුමක් හෝ වරදක් කරන්නට ඇත.

ඇතැම්විට ඔහු බඩගින්නට කුමක් හෝ කෑමක් නැතිනම් කිසියම් මුදලක් සොරකම් කරන්නට ඇත. එසේත් නැතිනම් කුමක් හෝ සෙල්ලම්බඩුවකට, තොරොම්බල් කෑල්ලකට ආසාවෙන් සොරකමක් කරන්නට ඇත.

කුමන වරදක් කළත් දරුවකු හා මහ මිනිසකු අතර වෙනසක් වේ. දරුවකු යනු අත්දැකීම් එකතු කරන්නෙකි.

මේ දරුවාට නොසෑහෙන සේ පහර දීම නොව කළ යුතු වන්නේ තමා කළ වැරැද්ද ඔහුට පෙන්වා දීමයි.

මේ පහරදීම නිසා දරුවාගේ බාහිර අතපයවලට පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට පවා හානි සිදු විය හැකිය.

එමඟින් මේ දරුවා ජීවිත කාලය පුරාවටම රෝගියකු, ආබාධිතයකු වීමට ද පුළුවන.

ඇතැම්විට දරුවාගේ ජීවිතය වුවද මින් නිමා විය හැකිය. කුඩා සිරුරකට රළු පහරදීම් ඔරොත්තු නොදෙන බව ඕනෑම මෝඩයකුට වැටහිය යුතුය.

මෙවැනි සිදුවීම් බලා කම්පා වීම නොව, අප විසින් සිදු කළ යුත්තේ මෙවැනි අකටයුතුකම් කරන මිනිසුන් සොයා දඬුවම් පැමිණවීමයි. තවත් මෙවැනි ක්‍රියා නොකරන්නට මිනිසුන් දැනුවත් කිරීමයි.

දරුවකු යනු අපේ අනාගතයයි. මේ දරුවා අනාගතයේ දී සමාජයට වෛර කරන්නකු නොවේ යැයි කාට නම් කිව හැකිද?

පුතේ.. නුඹේ වේදනාව අපිටත් දැනෙනවා.. ‘තරුණී’ අම්මා කෙනකු වන්නේ අක්කලාට, නංගිලාට පමණක් නොවේ. මේ අකටයුත්තට සාධාරණයක් වන්නට අපි බලාපොරොත්තු වෙමු.

712 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 08, අඟහරුවාදා 14:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න