තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 12:02

සුවබර නින්දකට අගනා උපදෙස්

ලිව්වේ  රඹුක්කන කීර්ති එස්. කුමාර
අගයන්න
(0 මනාප)
නින්ද මඟින් සිදුවන්නේ දිවා කාලයේ අප වැය කළ ශක්තිය නැවත ගොඩනැංවීමයි. මෙහිදී කායික මෙන්ම මානසික ප්‍රතිසංස්කරණයන් ද මනා ලෙස ලබන නින්දකින් සම්පූර්ණ කෙරේ.

 

බොහෝ අය අද රූපවාහිනිය හා පරිගණකය භාවිතය සඳහා රාත්‍රියට අධිකව කාලය ගත කරයි. මින් සිදුවන්නේ දහවල් කාලයේ දැඩි කායික හා මානසික වෙහෙසක් දැනීමත් දවසේ වැඩ කටයුතු අතර නිදිකිරා වැටීමත්ය. මෙමගින් මානසික හා කායික පීඩා ද රැකියාවේ හෝ අධ්‍යාපනයේ ගැටලු ද ඇතිවීම වැළැක්විය නොහැකියි. රාත්‍රිය නිදිවර්ජිතව සිටීමෙන් සිදුවන්නේ දහවල් නින්දට පුරුදුවීමයි. දහවල් නින්ද රෝග ගණනාවකට අත වනන නරකම තත්ත්වයක් බව පැහැදිලි වෛද්‍ය මතයයි.

පරිගණකය හෝ රූපවාහිනිය භාවිත නොකළත් රාත්‍රී නින්ද ඉතාම අඩුවෙන් ලබන පිරිසක් ද අප අතර සිටි. ඒ නින්ද නොයෑමේ තත්ත්වයෙන් පෙළෙන අයයි. රෝගී බව මානසික ගැටලු කිසියම් පුද්ගලයෙක් කෙරෙහි ඇතිවන වෛරය, යම් යම් දේට දක්වන අනියත බිය, ප්‍රේමයෙන් පරාජිත වීම, අධික ලෙස ණය බරින් පසුවීම වැනි මානසික වියවුල් රාත්‍රී නින්ද නොයාමට මුලිකවම බලපාන්න පුළුවන්. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම ඔබ ප්‍රතිසංස්කරණයට ලක්කළ යුත්තේ ඔබේ මනසයි. මේනිසා රාත්‍රී කාලයේ දි අඩු නින්දකට මුහුණ දෙන අය සවස් කාලයේ සිටම යහපත් නින්දකට සූදානම් වීම ඉතාම වැදගත් කරුණක් බව කිව යුතුය.

මුලින්ම ඒ සඳහා හොඳම සූදානම ඇතිකර ගත යුත්තේ ඔබේ රාත්‍රී ආහාර වේල තුළිනුයි.

බත් අඬු කෝප්පයක් සමග එළවළු දෙකක්, පාන්පෙති දෙක තුනක්, එළවළු සලාදයක්, එළවළු සුප් එකක්, ඉඳි ආප්ප කීපයක්, පලතුරු සලාදයක් වැනි සැහැල්ලු ආහාරයක් ගැනීමෙන් ඔබට ඉතා යහපත් නින්දකට මඟ පෑදෙනු ඇත.

නිදන කාමරයේ මනා පිළිවෙළ, පිරිසුදුකම, මනා ලෙස සකස් කළ නිදන ඇඳ මෙන්ම පිරිසුදු වාතාශ්‍රයක් නිදන කාමරය තුළ පැවතීම.

ජංගම දුරකථන හා ෆේස්බුක් විසන්ධි කිරීම.

මත්පැන් ගැනීමෙන් වැළකීම.

නිදන යහනේ මෙට්ටය කොහු මෙට්ටයක් (එබෙන්නේ නැති) වීම, කොට්ටය තුනී එකක් වීම, ඇඳ ඇතිරිල්ල කපු රෙද්දක් වීම.

නින්දට පෙර තේ, කෝපි, කිරි තේ වැනි උණුසුම් පාන ගැනීමෙන් වළකින්න.

නින්දට යාමට පෙර ජලය පානය කිරීමෙන් වළකින්න.

සෙම රෝග ආදිය නොමැති නම් නින්දට පෙර ඇඟපත සෝදා ගන්න.

දත් මැද මුඛය පිරිසුදු කරගන්න.

නින්ද යාමට ආසන්නයේදී බේසමකට උණු ජලය (මඳ රස්නය ඇති) දමා දෙපා ඒ මත ඔබා මිනිත්තු කීපයකින් පසුව ඇල් ජලයෙන් දෙපා සෝදන්න.

නින්දට යාමට ඉතා ආසන්න වෙද්දි බහිශ්‍රාවිය කටයුතුවල යෙදීම.

තම ආගම දහම සුදුසු පරිදි මෙනෙහි කරන්න.

ආනාපානසති භාවනාවේ යෙදෙන්න.

 

(Femina  ඇසුරිනි)

613 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 12:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න