තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 අප්‍රේල් 16, සඳුදා 12:32

ගුණ දහම් නොරැකීම පිරිහෙන්නට මං පෙතක්

ලිව්වේ  අචිනි ලක්මාලි
අගයන්න
(0 මනාප)
උසස් කළ හැකි මනසක් ඇති මිනිසාගේ සාරධර්ම සකස් වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ පසුබිම ඇතිවය. කිසිවකුට කරදරයක් නොවන අයුරින් ජීවිතයක් ගොඩනඟා ගැනීමට බුදු දහමේ තරම් ආචාර ධර්ම පද්ධතියක් තවත් නැති තරම්.

 

“තුම්මේහි කිච්චං ආතබ්බං
අක්ඛකථාරෝ තථාගතා”

බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ මෙම මාර්ගය පෙන්වාදීමට පමණය. තම තමන් සිය කාර්යයන් සාර්ථක කරගැනීමට එම මාර්ගයේ ගමන් කළ යුතුය.

අන් කිසිවකුට එය කරදීමට නොහැකිය. නිවන් දැකීමට පෙර මිනිසා, මිනිසකු විය යුතුය. ආලෝකයෙන් අඳුරට නොව, අඳුරෙන් ආලෝකයට යා යුතුය. බුදු දහමේ ඇතුළත්ව ඇත්තේ, පරලොවටම නොව, මෙලොව සාර්ථක කරගැනීමේ පිළිවෙත් සමූහයකි. මෙලොව යහපත් වූ තරමටම පරලොව ද යහපත් වේ..

මිනිසා බාහිර ඔපයට පමණක් නොව අධ්‍යාත්මික ගුණ ධර්ම ගොඩනඟා ගැනීමට ද උත්සුක විය යුතු බව සූත්‍ර ධර්ම රාශියක් මඟින් බුදුරජාණන් වහන්සේ දේශනාකොට ඇත්තේ, මිනිසාට යා යුතු මඟ පෙන්වීමටය.

“සුවිජානො භවං හොති
සුවිජානො පරාභවො
ධම්මකාමො භවං හොති
ධම්මදෙස්සී පරාභවො”

පින්වත් දරුවනේ, සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ලෝක තත්ත්වය තත්වාකාරයෙන් දැන වදාළ සේක. ලෝකයේ නොයෙක් දාර්ශනිකයෝ ලොව තතු නොයෙක් අයුරින් පැවසීය. නොයෙක් අයුරින් සිතූහ. එහෙත් ලෝකය ගැන නියම තත්ත්වයක් අවබෝධ වුයේ, නියම විදියට කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ පමණයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුණු ගැන සිතූ අප බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මතා අනුව ලෝක තත්ත්වය පිහිටා ඇති බැව් අවබෝධ කළහ. එයම දෙසූහ. එහෙයින් උන්වහන්සේගේ ධර්මය සාංදෘෂ්ටිකය. ඒහිපස්සිකය.

මිනිසාගේ උසස් බව හෝ පහත් බව ඇති වන්නේ අනෙක් කරුණකින් නොව, ඔහු තුළ ඇතිවන ක්‍රියා පද්ධතිය අනුවය.

දරුවනේ, හිතන්න. කෙනෙක් පිරිහීමට පත්වන්නේ කෙසේද කියලා. බලන්න, මේ ගැන කතා කිරීම හරිම කාලෝචිතයි. වර්තමානයේ අපි දියුණුව කරා ගමන් කරන බව හිතනවා. එහෙත් එය එසේ නොවේ. මේ සමාජය, දියුණුයි කියා අප හිතුවත් ඇත්තටම සිදුවන්නේ දිනෙන් දින පරිහානි මුඛයට ගමන් කිරීමය. එය ඉතාම ශීඝ්‍රගාමී ලෙස සිදුවේ.

ඔබ වහා ඉන් අත්මිදිය යුතුය. එබඳු සමාජයක ජීවත්වන ඔබ මිනිසා පිරිහීමේ හේතු කාරණා මනාව දත යුතුය. එය දැන එයින් වෙන්වීමට නුවණින් කටයුතු කළ යුතුය.

පිරිහීම යනුවෙන් අප අදහස් කරන්නේ හුදෙක් ආර්ථික දියුණුව නොමැතිකමම නොවේ. පිරිහීම යනු මිනිසාගේ එලොව, මෙලොව දෙලොවම දියුණුවට බාධාවන නා නා ප්‍රකාරයෙන් සිදුවන පිරිහීම්ය. විශේෂයෙන් සදාචාරය නොදත් මිනිසා මහ වනයක මංමුළාවකු සේ නොයෙක් ගැහැට විඳියි. කළයුත්ත, නොකළයුත්ත කුමක්දැයි නොදනියි. හැමතැනින්ම වැටෙයි. ගැටෙයි. හැපෙයි. තීරණයක් නොවැටහෙයි. විශේෂයෙන්ම මේ මිනිස් ජීවිතයේ කළයුතු, නොකළයුතු දේ ගැන වැටහීමක් නැති මිනිසාට, දියුණුවේ මාර්ගය සම්පූර්ණයෙන් වැසෙයි. පරාර්ථකාමී හැඟීමක් නැත්තා වූ ආත්මාර්ථකාමී පුද්ගලයෝ දෙලොවම පිරිහීමට පත්වෙනු ඒකාන්තයි.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ පිරිහීමට හේතුවන කරුණු රැසක්ම දේශනා කළහ. ඔබ අසා ඇති පරාභව සූත්‍රය. එමඟින් පිරිහීමේ දොරටු ගණනාවක්ම උන්වහන්සේ දේශනා කොට ඇත.

 

මනුෂ්‍යයකුගේ පිරිහීමේ ලකුණු

 

* ධර්මයට අකැමැති බව

* අසත් පුරුෂයන්ට පි‍්‍රය කිරීම

* සත්පුරුෂයන්ට පි‍්‍රය නොකිරීම

* අසද්ධර්මයට කැමැති වීම

* නිදන සුළු වීම

* දොඩන සුළු වීම

* වීර්යය නැති බව

* කම්මැලි බව

* කිපෙනසුළු බව

* මවුපියන් පෝෂණය නොකිරීම

* වංචාව

* රස බොජුන් තනියම වැළඳීම

* සුරාලොල් බව

* දූ කෙළියෙහි ලොල් බව

* ලද දෑ විනාශ කිරීම

* උඩඟුව නෑයන් පහත් කොට සැලකීම

* ස්ත්‍රී ලොල් බව

* වෛශ්‍යා සේවනය

* පරදාර සේවනය

* මහලු වියෙහි සිට තරුණියක සරණ වා ගැනීම

* රස මසට ගිජු සුරාසොඬ ස්ත්‍රියක හෝ පුරුෂයකු ප්‍රධානත්වයෙන් තැබීම

* අරපරෙස්සම නැති පුරුෂයකු හෝ ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම

* වස්තුවෙන් අඩු වූ තෘෂ්ණාවෙන් වැඩි වූ කුලයෙහි උපන්නකු රාජ්‍ය පැතීම

මෙලොවත්, පරලොවත් දියුණු වන පුද්ගලයා හා පිරිහීමට පත්වන පුද්ගලයා ද දැන ගැනීම හා හඳුනාගැනීම මේ අනුව පහසුය.

ධර්මයට කැමැති පුද්ගලයා දෙලොවම දියුණු වන අතර ධර්මයට විරුද්ධ වන පුද්ගලයා දෙලොවින්ම පිරිහෙන්නේය.

මෙහි පවසන ධර්මයට විරුද්ධ බව නම් බුදුරජාණන් වහන්සේ විසින් යමක් නොකළ යුතුයයි දේශනා කරන ලද්දේ ද එය අකුසල පක්ෂයට, අධර්මයට වැටේ. සතුන් මැරීම, සොරකම් කිරීම. කාම මිථ්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, ක්‍රෝධය, වැරැදි විශ්වාසය යනු මේ අකුසල පක්ෂයට ගැනෙන ඒවායි.

මෙම අකුසල කර්මයන්ට අධර්ම කර්මයන්ට කැමැති, එයම රුචි කරන එහි නියැළී පුද්ගල තෙමේ මෙලොව තමා සතු වත් පොහොසත්කම්, ගුණ නුවණ, නීරෝගීකම, කීර්තිය හා පිරිවර යන හැම කරුණකින්ම පිරිහේ. පරලොව නිරයාදී සතර අපායෙහි දුකට ද පැමිණෙයි.

අද සමාජය බොහෝ සෙයින්ම අකුසලයට බරය. පෘථග්ජන මිනිසාගේ සිත පවට ඇදී යන්නේ කාන්දමට ඇදෙන ඉඳිකටුවක් මෙනි. එබඳු පවට නැමී ඇති සිතක් යහපතට, සුචරිතයට හරවා ගතයුත්තේ බලවත් වීර්යයකින් හා අධිෂ්ඨානයකිනි.

මිනිස් සිත පවට නැමෙන කරුණු සතරකි. දැඩි ආශාව නිසා නොයෙක් විට පව්කම්වලට හැරෙයි.

ද්වේෂය, තරහ අධික පුද්ගලයාගේ ද සිත නිතරම පවට ඇදෙයි. බියගුලු ගති නිසාවෙන් ද පවිටුකම් කිරීමට මිනිස් සිත එළඹෙයි. ආශාව, තණ්හාව, මෝඩකමත් මිනිසා නොමඟට යවන මඟයි. සියලු අකුසල කර්මයන්ට මෝඩකම හෙවත් නොදැනීම මුල් වේ. අවිද්‍යාව නිසා ආශාවත්, තරහවත්, භයත් උපදී.

මෙසේ සතර අගති ධර්මයන් ඉදිරිපත් වීම හේතුවෙන් පවිටුකම් ඇති වේ. එහෙයින් හෙතෙම මෙලොව, පරලොව දෙකම පිරිහේ. සතර අගතියට හසුනොවී වැඩ කරන්නා මොලොව, පරලොව දෙකෙහිම දියුණුවක් ලබයි.

අසත්පුරුෂයන්ට පි‍්‍රය කිරීම ද දෙලොවටම පිරිහීමට හේතුවකි. මේ ලෝකය ගැන පමණක් සිතා වැඩ කිරීම ධර්මය, යුක්තිය, සත්‍ය, කුසලය ඔහුට නොපෙනේ. අජාසත් රජු සෝවාන් වීමට පවා පින් ඇතිව සිටියේ නමුදු බාලයකු වූ දේවදත්තයන් ආශි‍්‍රය හේතුවෙන් තමාගේ පියාණන් මැරුවේය. එබැවින් කුඩා කළ සිටම නරක අයගෙන් වෙන්ව වාසය සුදුසු බව ඔබට වැටහේ ද?

 “භාජෙත මිත්තෙ කල්‍යාණෙ

භජෙත පුරිසෝත්තමෙ”

උතුම් කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම දෙලොව සැපතට හේතුවේ.

 එසේම, අවේලාවෙහි නිදන්නා මෙන්ම බොහෝ කතා කරන තැනැත්තා ද පිරිහේ. ඇතැම් අය වැඩ කටයුතු පසෙක තබා කතාවෙහි ඇලෙති. බෙහෙවින් කතා කරන පුද්ගලයා කෙරෙහි වරද පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

එනම්, බොරුකීම, කේලම් කීම, පරුෂ වචන කථා කිරීම, ප්‍රලාප දෙඩීම, මරණින් මතු අපායෙහි ඉපදීම යන කරුණු පහ ඔවුන් සතු වේ.

තවද පෙර සඳහන් කළ සියලුම කරුණු කාරණා එකක් පාසා වෙන වෙනම විපාක ලැබේ. මෙලොව අපකීර්තිය, ධනහානිය ඇතුළු පිරිහීමට හෙතෙම ලක්වේ.

එහෙයින් මෙලොව පිරිහෙන තැනැත්තා පරලොව ද පිරිහේ. උතුම් බුද්ධ දේශනය එයයි.  

  අනුශාසනාව - පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

1652 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 16, සඳුදා 12:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න